ලෝක ආහාර සංවිධානෙයෙහි මුල්‍ය සහයෝගය ඇතිව ආපදා කළමනාකරණ මධ්‍යස්ථායේ සේවය කරනු ලබන සෑම ස්ථරයකම නිළධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද තෙදින නේවාසික පුහුණු වැඩසටහනක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලදී. අදියර 04 ක් යටතේ පැවැත් වෙන මෙම වැඩසටහනෙහි පළමු අදියර පසුගිය දා කිතුල්ගල Adventure Base Camp හි දී පැවැත්විනි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සේවය කරනු ලබන සියලුම නිළධාරීන් මෙම වැඩසටහනට සහභාගී කරවීමට සැලසුම් කර ඇති අතර ව්‍යසන අවස්ථාවක දී තීරණ ගැනීම, කණ්ඩායම් සම්බන්ධීකරණය, අවිනිශ්චිතතාවයන් හමුවේ සන්සුන්ව කටයුතු කිරීම මෙන්ම ආපදා කළමනාකරණය පිළිබඳ තාක්ෂණික දැනුම වර්ධනය කිරීම මෙම වැඩසටහන තුළින් අපේක්ෂා කෙරේ.
ආපදා කළමනාකරණය වඩාත්ම අභියෝගාත්මක එමෙන්ම මහජනතාවගේ ජීවිත සහ දේපළ ආරක්ෂා කිරීම මෙන්ම රට තුළ අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම අපගේ මුලික වගකීම බව මෙම අවස්ථාවට සහභාගී වෙමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොඩුවේගොඩ මහතා පෙන්වා දෙන ලදී.
බොහෝ අවස්ථාවන්හිදී මහජනතාවට සේවය කිරීම සඳහා අප වගවිය යුත බවත් නායකත්වය දිය යුතු බවත් අත්දැකීම් තුළින් ඉගෙන ගැනීමට අප නිහතමානී විය යුතු බවත් එසේම අනපේක්ෂිත හා ගතික රාජකාරි තත්ත්වයන් තුළ සහයෝගීතාවය සහවිශ්වාසය, ඵලදායී සන්නිවේදනය, එකට වැඩකිරීම තුළින් ලබන ප්‍රතිපෝෂණය තුළින් හදිසි තත්ත්වයන් කළමනාකරණය කිරීම, ආපදා ප්‍රතිචාර දැක්වීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම තුළින් ප්‍රජා ඔරොත්තුදීමේ හැකියාව වැඩි දියුණු කර ගැනීමේ වැදගත්කම තවදුරටත් පෙන්වා දෙන ලදී.
















