Emergency Warnings

rss

KOICA Delegation 2025-05-22 27කොරියානු මෙරට කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (KOICA) ශ්‍රී ලංකා නේවාසික නියෝජ්‍ය අධ්‍යක්ෂික හ්වැන්ග් සුං හ්‍යුන් (Hwang Sun Hyun) මහත්මිය ඇතුලු ඉහළ පෙළේ රාජතාන්ත්‍රික නිලධාරීන් කණ්ඩායමක් මැයි 22 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

රට තුළ ක්‍රියාත්මක කරනු ලබන ආපදා කළමනාකරණ යාන්ත්‍රණය, ආපදා පුර්ව අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණය, තත්කාලීන ආපදා තොරතුරු හුවමාරු ක්‍රමවේද, හදිසි මෙහෙයුම් සහ ආපදා හේතුවෙන් ඇති වන බලපෑඹ් යලි යථාතත්ත්වයට පත් කිරීමේ යාන්ත්‍රණය පිළිබඳ අවබෝධ කරගැනීම මෙන්ම කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (KOICA) සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අතර ආපදා සංනිවේදන ක්‍රමවේද පිළිබද අඛණ්ඩ සහයෝගීතාව ශක්තිමක් කිරීම මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය.

2004 ඉන්දීය සාගර සුනාමි ව්‍යසනය හේතුවෙන් අප රට සමාජ ආර්ථික සමාජීය සහ පාරිසරික වශයෙන් විශාල බලපෑමක් සිදු වු බවත් එබැවින් ආපදා හේතුවෙන් අප රටට සිදු විය හැකි බලපෑම අවම කර ගැනීම සදහා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය රට තුළ ක්‍රියාත්මක කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇති බවත් එබැවින් මෙරට ජීවත්වන සෑම කෙනෙකුගේම ජීවිත සුරක්ෂිත කිරීමේ වගකීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පැවරී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පෙන්වා දෙන ලදී. එබැවින් පුර්ව අනතරු ඇගවීමේ ක්‍රමවේදය තුළට කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (KOICA) ඒකාබද්ධ කරගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අවධාරණය කරන ලදී.

ආපදා අවදානම් පුර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේදය සඳහා කොරියානු මෙරට කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ සෘජුව සම්බන්ධ කරගැනීමේ වැගත්කම පෙන්වා දුන් නියෝජිත පිරිස එය ආපදා අවස්ථාවක දී මෙරට සංචාරය කරනු ලබන සිය පුරවැසියන්ගේ ජීවිත සුරක්ෂිත කර ගැනීම සදහා සිය ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන සම්බන්ධීකරණ ක්‍රියාවලිය පහසු කරවන බව පෙන්වා දෙන ලදී.

ආපදා කළමනාකරණ ක්‍රියාවලිය, නෛතික පසුබිම, රට තුළ ක්‍රියාත්මක ආපදා අවදානම් ක්‍රියාවලිය, ආපදා පෙර සුදානම් ක්‍රියාවලිය සහ මහජනතාව දැනුවත් කිරීම, හදිසි මෙහෙයුම් ක්‍රියාවලිය සහ පුර්ව ආපදා අවදානම් අනතුරු ඇඟවීමේ ක්‍රමවේදය පිළිබඳව මෙම නියෝජිත පිරිස දැනුවත් කිරීමට කට යුතු කරන ලදී

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079