නිරිත දිග මෝසම සක්රීයවිය හැකි ආකාරය සහ එහි බලපෑම නිසා සිදුවිය හැකි ආපදා හානි අවම කර ගැනීම උදෙසා තාක්ෂණික ආයතන, සහනසේවා සපයන ආයතන සහ හදිසි මෙහෙයුම් සම්බන්ධීකරණය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන සහ මානුෂීය ආධාර සම්බන්ධීකරණය කරනු ලබන එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් නියෝජිතායතන ඇතුලු පාර්ශවකාර ආයතන වල පුර්ව සුදානම පිළිබඳව දැනුවත් කිරීම හා සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද නිරිත දිග මෝසම් පෙරසුදානම් කමිටු රැස්වීම කළමනාකරණ මධ්‍යසථානයේ අධ්යක්ෂ ජෙනරාල් විශ්‍රාම මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (05/08) ආපදා කළමනාකරණ අංශ ශ්‍රවනාගාරයදී පැවැත්විණි.
මෝසම් සමය සක්‍රීයවීමත් සමග ඇතිවිය හැකි ආපදා හේතුවෙන් සිදුවිය හැකි හානිය අමව කර ගැනීම සදහා පාර්ශව කාර ආයතනවල පුර්ව සුදානම සොයා බැලීම සහ ඇතිවිය හැකි ආපදා අවදානම හැකිතාක් දුරට අවම ගැනීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමක් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය.
මැයි මස අවසන් සතිය වන විට නිරිත දිග මෝසම් සක්‍රීය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරනු ලබන නමුත් මැයි මස දෙවන සතිය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශ සඳහා සාපේක්ෂ වශයෙන් වැඩි වර්ෂාපතනයක් ලැබිය හැකි බව පුරෝකථනය කර ඇති බව පෙන්වා දෙන ලදී. නිරිත දිග මෝසම් කාල සීමාව තුළ ඇති විය හැකි ආපදා සහ ඒ සඳහා මුහුණ දිම සඳහා ආයතනික වශයෙන් අනුගමනය කළ යුතු සම්මත මෙහෙයුම් පටිපාටි අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාව සහ ක්ෂණිකව අදාල පාර්ශවකාර ආයතන සමග සම්බන්ධීකරණය ස්ථාපිත කිරීමේ වැදගත්කම පිළිබදව අවධාරණය කරන ලදී.
වර්තමානය වන විට රට පුරා ඩෙංගු අවදානමක් සහ චිකන්ගුන්යා රෝගය පැතිරයම්න් පවතින බවත් විශේෂයෙන්ම කොළඹ, ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික් වල විශාල වශයෙන් රෝගීන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පොන්වා දෙන ලදී. මෝසම් වර්ෂාව සමග මෙම තත්වය තවදුරටත් වර්ධනයවීමේ අවදානමක් පවතින බැවින් තමා ජීවත්වන වටපිටාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව තවදුරටත් පැහැදිලි කරන ලදී.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන ජලාශවල ජල මට්ටම 90% ක් පමණ වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දෙන ලද අතර එබැවින් ඉදිරි කාලගුණික පුරෝකථන පිළිබදව වැඩි අවධානයක් යොමු කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදී.
අවධාරණය කරන ලද කරුනු සළකාබලා තාක්ෂණික ආයතන විසින් ලබාදෙනු ලබන තොරතුරු සියලු පාර්ශවකාර ආයතන දැනුවත් කිරීමට සහ සම්බන්ධීකරණය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරනු ඇත.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා රාජ්‍ය ආයතන රැසක නිලධාරින් සම්බන්ධ වූ අතර ත්‍රිවිධ හමුදා‚ රාජ්‍යය නොවන ආයතන හා පෞද්ගලික අංශය නියෝජනය කරමින් ආයතන රැසක නිලධාරීන් සහභාගී විය.
තාක්ෂණික ආයතන විසින් සිදුකරන ලද ඉදිරිපත් කිරීමේ පහතින් භාගත කර ගත හැකිය.
- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
- ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය
- වාරිමාර්ග දෙපාර්තමේන්තුව
- සෞඛ්‍ය අමාත්‍යාංශය
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය