ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපුජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මාහිමිගේ සහ රාමාඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන මාහිමිපාණන් වහන්සේලාගේ උපදෙස් පරිදි සහ රජයේ සෘජු මැදිහත්වීමෙන්, විදේශ අමාත්‍යතුමාගේ සහ ආරක්ෂක ලේකම්ගේ අධීක්ෂණය යටතේ මියන්මාරය වෙත ලබාදීම සඳහා මහා සංඝරත්නය ඇතුලු විවිධ පාර්ශවකාර ආයතන සම්න්ධීකරණයෙන් එක්රැස් කරන ලද මානුෂීය ආධාර තොග සහිත අඩි 20 කන්ටේනර් බහාලුම් 10ක් සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ ජාතික මණ්ඩලය විසින් පරිත්‍යාග කරන ලද වෛද්‍යාධාර ඇතුලත් තාපය පාලනය කරන ලද අඩි 20 කන්ටේනර් බහාලුම් 02 ක් සහිත ආධාර තොග මියන්මාරය වෙත පිටත් කර යැවීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය වෙත භාරදීම භාරදීම අද දින (18/04) සිදු කරන ලදී.
ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහා ලේකඛාධිකාරී අතිපුජ්‍ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත බලපිටියේ සිරි සීවලී නාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා ලේකඛාධිකාරී දර්ශනපති අත්තංගනේ සාසානරතන නාහිමි ඇතුලු මහා සංඝරත්නය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ සභාපති සහ හිටපු කථානායක කරූ ජයසුරිය මහතා, උප සභාපති සහ කලුතර බෝධි භාරකාර සභාවේ සභාපති අජිත් ද සොයිසා මහතා ඇතුලු නියෝජිත පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් විශ්‍රාමික මේජර් ජනෙරාල් සම්පත් කොටුවේගොඩ, ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් කේ.ජී ධර්මතිලක මහතා ඇතුලු ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශයෙහි නිළධාරීන් පිරිසක් මේ අවස්ථාවට සහභාගීවිය.