Emergency Warnings

rss

Bad Weatherඊසානදිග මෝසම් සක්‍රීයවීම හේතුවෙන් පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවු ගංවතුරඅධික සුළංඅකුණුපස් කණ්ඩි කඩාවැටීම් සහ ගස් කඩාවැටීම් ආදී ආපදා හේතුවෙන් විපතට පත්වූවන් සෙවීම් මුදවාගැනීම් සහ සහන සැලසීමේ යාන්ත්‍රණය

 

 

 

 

 

 අම්පාර දිස්ත්‍රික්කය

ඊසාන දිග මෝසම් තත්ත්වය සක්‍රීයවීම හේතුවෙන් නැගෙනහිර පළාතට ඇති වු අධික වර්ෂාව හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ පහත්බිම් ජලයෙන් යටවිය. එසේම ගංගා පිටාර ගැලීම මෙන්ම ගල්යෙහි ඉවුරු හානියට පත්වීම හේතුවෙන් පහත් බිම් ආශ්‍රිතව ක්ෂණික ගංගවතුර තත්ත්වයක් වාර්තා විය. ඒ අනුව මුතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජල ප්‍රවහාන පද්ධතිය අවහිරවීම හේතුවෙන් මුතූර් ප්‍රදේශීය ලේකම් කාර්යාලය, පළාත් පාලන ආයතනය යන ආයතන සහ අම්පාර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් අවහිර වූ ජල ප්‍රවාහන පද්ධතිය නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදුකෙරිණි.

Emergemcy responce  8

 ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

මේ දිනවල දිවයිනේ නැගෙනහිර පළාතට ඇදහැළෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උප්පවේලි ප්‍රදේශයේ ගසක් කඩා වැටීමෙ හේතුවෙන් එම මාර්ගය ගමනාගමන අඩාලවිය. එබැවින් කඩා වැටුණු ගස ඉවත් කරමින් නැවත මාර්ගය ගමනාගමනය සඳහා විවෘත කිරීමට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් කටයුතු කරන ලදී.  

Emergemcy responce  4Emergemcy responce  2

 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079