அவசர எச்சரிக்கைகள்

rss

2025 Jannuary 1st  1

ආරක්ෂක අමාත්‍යාංශයේ, ආපදා කළමනාකරණ අංශය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය 2025 වර්ෂයේ වැඩ ආරම්භ කිරීම අතිරේක ලේකම් කේ. ජී ධර්මතිලක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් උදය හේරත්, ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශ අධ්‍යක්ෂ ජනරාල් සැලසුම් සහ ප්‍රධාන මුල්‍ය නිළධාරී ඇතුලු ආයතන ප්‍රධානින්ගේ ප්‍රධානත්වයෙන් සහ සියලු කාර්යය මණ්ඩල නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් ආපදා කළමනාකරණ අංශය පරිශ්‍රයේ දී අද දින (01) සිදු කෙරිණි.

ජාතික ගීය ගායනයෙන් අනතුරුව රට දැය වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් සහ විවිධ ආපදාවලට ගොදුරුවීම නිසා ජීවිත අහිමි වු ජනතාව සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පල කළ කිරීමෙන් අනතුරුව පසුගිය වර්ෂයේ ඉලක්ක ජය ගැනීම සඳහා කැපවීම අගය කරන ලද අතර එම කැප කිරීමේ සාධනීය ප්‍රතිඵල රටක් වශයෙන් අප අත්පත් කරගෙන සිටින බව මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් කේ .ජී ධර්මතිලක මහතා විසින් ප්‍රකාශ කරන ලදී.

2025 වර්ෂය සදහා රජයේ ප්‍රධාන අරමුණ වන සංවර්ධිත රටක් - ලස්සන ජීවිතයක් යන තේමාව පදනම් කරගනිම්න් නව වසරේ අභියෝග ජය ගැනීමටත් ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සදහාත් නිළධාරීන්ගේ කැපවීම, වගවිම මෙන්ම ස්වයං විනය මුලික කරගනිමින් තම රාජකාරි ඉටු කිරීමට කැපවිය යුතු බව තවදුරටත් පෙන්වා දෙන ලදී.

නව වර්ෂය සදහා රජයේ ප්‍රධානතම අරමුණ වන සංවර්ධිත රටක් - ලස්සන ජීවිතයක් යන තේමාව පදනම් කරගනිම්න් නවමුව හදුන්වා දෙන ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka) සංකල්පයට අනුව රාජ්‍ය ආයතන හා එහි සේවයේ නියුතු රාජ්‍ය සේවකයන්ගෙන් අපේක්ෂිත වගකීම හා වගවීම පිළිවඳව අවධාරණයට ලක්කිරීම ද සිදුවිය.

එමෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවලියට රාජ්‍ය සේවකයාගේ අනුගත වීම හා කාර්යක්ෂම සේවාව ලබා දෙමින් ව්ශේෂයෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අදාළ වන ආපදා කළනාකරණය, ආපදා අවදානම වැළැක්විම හා පාලනය යන ක්ෂේත්‍රයන්ට අදාළව රටේ සමස්ත ජනතාව දැනුවත් කිරීම අප විසින් ඉටු කළ යුතු බව මෙහි දී අවධාරණය කරන ලදී.

නව වර්ෂයට අදාළව රාජකාරී ඇරඹීමත් ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka) වැඩසටහන ක්‍රියාත්මක කිරීමත් අරමුණු කරගනිමින් සංවිධානය කර තිබූ නිළ රාජ්‍ය උළෙලට සමගාමීව සියලු නිළධාරීන් එක්ව නව වසර සදහා වන රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබාදීම සිදු කරනු ලැබීය.

තනි තනිව වැඩ කිරීම තුළින් ආයතනික ව්‍යුහය තුළ වඩාත් සාධනීය ප්‍රගතියක් ලබා ගැනීමට හෝ ජාතික ඉලක්ක ජයගැනීමට අපහසු බවත් එබැවින් තනි පුද්ගලික වශයෙන් නොව කණ්ඩාමක් ලෙස කටුයතු කිරීම අත්‍යාවශ්‍ය වන බවත් එය ආයතනික පද්ධතිය තුළ තරාතිරමකින් තොරව සමස්ත සියලු දෙනාගේම වගකීමක් වන බවත් මෙම අවස්ථාවෙන් අනතරුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කාර්යය මණ්ඩල අමතමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතා ප්‍රකාශ කරන ලදී. එබැවින් ජාතික ප්‍රතිපත්තිවලට අනුගතව 2025 වර්ෂයේ ආයතනික ඉලක්ක ජය ගැනීම සඳහා සියලු දෙනාගේ කැපවීම තමා අපේක්ෂා කරන බවත් මෙහි දී අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් අවධාරණය කරන්නට විය.

2025 Jannuary 1st  52025 Jannuary 1st  82025 Jannuary 1st  9

2025 Jannuary 1st  122025 Jannuary 1st  142025 Jannuary 1st  15

2025 Jannuary 1st  212025 Jannuary 1st  222025 Jannuary 1st  27

2025 Jannuary 1st  302025 Jannuary 1st  312025 Jannuary 1st  40

2025 Jannuary 1st  412025 Jannuary 1st  422025 Jannuary 1st  43

 

 

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052