rss

 දෙසැම්බර් 11 වන (අද) දින සිට පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටිනමෙන් දැනුම්දීම්ක්.....

fishingනිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සක්‍රීය වි ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බවත් එය ඉදිරි පැය 24 තුළ බටහිරට බරව වයඔ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ වෙත ළගා වීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුය විසින් අද දින(11) නිවේදනය කර ඇත. එබැවින් දෙසැම්බර් 11 වන (අද) දින සිට පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රෙද්ශවල ධීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව මහජනතාවට දන්වා සිටී.

ත්‍රිකුණාමලය කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති විය හැකි බවත්. තිකුණාමලය සිට කන්කසන්තුරය සහ කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළග ඊසාන සිට වයඔ දක්වා දිශාවලින් හමන සුළගේ වේගය පැයට කිලෝ මීටර් 30 – 40 පමණ වන අතර ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේවල වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර් 50 -60 දක්වා ද වර්ධනය විය හැකි බවත් මෙම නිවේදනයේ තවදුරටත් පෙන්වා දී ඇත.

එබැවින් පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශ විට්න් විට රලු හෝ ඉතා රලු විය හැකි අතර ගිගුරුම් වැසි ඇති වන විට මෙම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රලු විය හැකිය. එසේම මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් නිවේදනය කර ඇත.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් සිදුවිය හැකි හානි අවම කරගැනීම සදහා අවධානය යොමු කිරීමටත් කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින අතර යම් ආපදා තත්ත්වයක් වාර්තා වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 දුරකථන අංකයට අමතන මෙන් තවදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

@ DMC

 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079