rss

01

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වූ ෆෙන්ගල් (Fenegal) සුලි කුණාටුව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 23කට බලපෑම් සිදු වූ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතිවු ගංවතුර, අධික සුළං, අකුණු, පස් කණ්ඩි කඩාවැටීම් සහ ගස් කඩාවැටීම් ආදී ආපදා තත්ත්වයන් හේතුවෙන් පවුල් 141,151කට අයත් පුද්ගලයින් 475,225ක් පීඩාවට ලක්වී ඇති අතර නිවාස 106 ක් පූර්ණ වශයෙන් හානියට පත් වූ අතර අර්ධවශයෙන් හානියට පත් නිවාස සංඛ්‍යාව 2,516 ක් විය. කුඩා සහ මධ්‍යපරිමාණ ව්‍යාපාරික ස්ථාන 56 ක් හානියට පත් වී ඇත. පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සුරක්ෂිත මධ්‍යස්ථාන 345 ක් පමණ පවත්වාගනෙ ගිය අතර පවුල් 11,663 කට අයත් පුද්ගලයින් 36,330 සුරක්ෂිත මධ්‍යස්ථාන සඳහා යොමු කිරීමට කටයුතු කරන ලදී. එසේම ඥාති නිවාසවලට යොමු කළ පවුල් සංඛ්‍යාව 28,324 කි. එම සංඛ්‍යාව පුද්ගලයින් වශයෙන් ළකාබලන විට 94,134 ක් වේ.

ඇතිවූ අයහපත් කාලගුණක තත්ත්වය හේතුවෙන් නිර්මාණය විය හැකි අවදානම් තත්ත්වප පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් දෛනිකව මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන ලදී. එසේම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුලු තාක්ෂණික ආයතන විසින් මහජනතාව දැනුවත් කිරීම සිදු කරන ලද අතර ආපදා හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සේවා සම්බන්ධීකරණ කිරීම සහ විපතට පත් ජනතාව සෙවීම් සහ මුදවගැනීම් සිදු කිරීම සඳහා අදාල පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී.

එසේම පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත්වලට වැඩි බලපෑමක් එල්ල් වූ අතර උතුරු නැගෙනහිර පළාත්වලට එල්ල වු බලපෑම හේතුවෙන් බලපෑමට ලක්වූ පවුල් සංඛ්‍යාව 123,934 වන අතර පුද්ගල වශයෙන් සලකාබලන විට එම සංඛ්‍යාව 413,369 කි. නිවාස 74 ක් පුර්ණ වශයෙන් හානියට පත් වී ඇති අතර අර්ධ හානි වූ නිවාස සංඛ්‍යාව 1,298 කි. සුරක්ෂිත මධ්‍යස්ථාන 299 ක් පවත්වාගෙන ගිය අතර උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක සළකාබලනවිට ඥාති නිවාසවලට යොමු කළ පවුල් සංඛ්‍යාව 43,978 ක් වේ.

 

ෆෙන්ගල් (Fengal) සුළිකුණාටුවෙන් විපතට පත් වූවන්ට ජපන් රජයෙන් ආධාර

JAICA Aid 05මෙරටට බලපෑ ෆෙන්ගල් සුළිකුණාටුවෙන් ඇතිවූ ගංවතුර සහ නායයැම් ආපදා වලින් අවතැන් වූ ජනතාව සදහා අවශ්‍ය වන සහන උපකරණ රැසක් ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ මැදිහත් වීම මත ජපන් රජය විසින් පසුගිය 07 වනිදා ශ්‍රී ලංකා රජයට භාරදීම සිදු කරන ලදී. කූඩාරම් (Tents) 230 ක් , නිදන පෑඩ් (Sleeping Pads) 1,300 ක් සහ ටාපොලීන් ෆීට් රෝල් 30 ක් මෙම සහන උපකරණ අතරට අයත්ය.

මෙම උපකරණ නිළ වශයෙන් භාරගැනීම පසුගිය සෙනෙසුරාදා දින කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ දී සිදු කෙරෙනු අතර ජපන් තානාපති ඉසොමතා අකියෝමහතා, ජපන් තානාපති කාර්යාලයේ ප්‍රධාන ලේකම් යසුහිටෝ යමමොටෝ මහතා, ජපන් තානාපති කාර්ලයාලයේ ජපන් තානාපති කාර්යාලයේ ආදර්ථික සහ සංවර්ධනය සහජයෝගිතා අංශවේ ප්‍රධානී ඔහාෂි කෙන්ජි මහතා, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) ජ්‍යෙෂ්ඨ නියෝජිත ඉඩියේ යූරි මහත්මිය, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට භාරගන්නා ලද මෙම උපකරණ ෆෙන්ගල් සුළිකුණාටුවෙන් ඇති වූ ගංවතුර සහ නායයැම් වලින් අවතැන් වූ යාපනය, පුත්තලම, මන්නාරම,කිලිනොච්චි, ත්‍රිකුණාමලය, බදුල්ල, මුලතිව්, අනුරාධපුරය, මඩකලපුව, අම්පාර, වවුනියාව, ගම්පහ සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක 13 හි අවතැන්වූවන් සදහා දිස්ත්‍රික් ලේකම්වරු සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අධ්‍යක්ෂවරුන්ගේ අධික්ෂණය මත අවශ්‍යතාව අනුව බොදා දීමට නියමිතය.

 

JAICA Aid 04JAICA Aid 01

 

විපතට පත්වූවන් සඳහා සහන සැලසීමේ යාන්ත්‍රණය සහ සෙවීම් සහ මුදවාගැනීම් යාන්ත්‍රණය සම්බන්ධයෙන් අවශ්‍යතා සොයාබැලීම.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාපනය අර්ධද්වීපයේ ආපදාවට ලක්වී ඇති ජනතාව වෙනුවෙන් සිදුකෙරෙමින් පවතින ආපදා සහන සැලසීමේ කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරල් උදය හේරත් ඇතුලු නිළධාරීන් පිරියක් නොවැම්බර් 28 දින එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.

මෙම නිරීක්‍ෂණ චාරිකාවේදී ආරක්‍ෂක ලේකම්වරයා ආපදා සහන මෙහෙයුම්වල නිරත රාජ්‍ය නිලධාරීන් හමුවී ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව සිදු කෙරෙන සහන සැලසීමේ මෙහෙයුම්වල වත්මන් තත්ත්වය සහ ප්‍රගතිය පිළිබඳව සොයා බැලූ අතර සුරක්ෂිත මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමට ද කටයුතු කරන ලදී.

Sec Jaffna Visit 2024 -11-28 6Sec Jaffna Visit 2024 -11-28 2Sec Jaffna Visit 2024 -11-28 3

Sec Jaffna Visit 2024 -11-28 3Sec Jaffna Visit 2024 -11-28 4Sec Jaffna Visit 2024 -11-28 4

Sec Jaffna Visit 2024 -11-28 7Sec Jaffna Visit 2024 -11-28 10Sec Jaffna Visit 2024 -11-28 1

ආරක්ෂක ලේකම් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් යාපනය අර්ධද්වීපයෙහි විපතට පත් ජනතාව වෙනුවෙන් සිදුකෙරෙමින් පවතින ආපදා සහන සැලසීමේ කටයුතු පිළිබඳව සොයා බැලීම (11/28) _ ඡායාරූප - උපුටා ගැනීම www.defence.lk

 අම්පාර දිස්ත්‍රික්කය

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාපනය අර්ධද්වීපයේ ආපදාවට ලක්වී ඇති ජනතාව වෙනුවෙන් සිදුකෙරෙමින් පවතින ආපදා සහන සැලසීමේ කටයුතු පිළිබඳව සොයා බැලීම සහ පවතින වත්මන් තත්ත්වය නිරීක්‍ෂණය කිරීමේ සහ ඊට අදාළව දැනට ක්‍රියාත්මක සහන මෙහෙයුම් අධීක්‍ෂණය කිරීමේ අරමුණින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර නොවැම්බර් 28 දින අම්පාර දිස්ත්‍රික්කයේ සංචාරයක කරන ලදී.

අම්පාර දිස්ත්‍රික් ලේකම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අවශ්‍ය ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ රැස්වීමක් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත් වු අතර දිස්ත්‍රික්කය තුළ පවතින වත්මන් ආපදා තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව විපතට පත් පවුල් සඳහා ආපදා සහන සැලසීමේ ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීමේ ක්‍රමෝපායන් සහ ඇති විය හැකි අවදානම් අවම කිරීමට ගත හැකි ප්‍රායෝගික ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරන ලදී.

අනතුරුව අම්පාර දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස විපතට පත් ප්‍රදේශවල නිරීක්‍ෂණ චාරිකාවක ද නිරත වූ අමාත්‍යවරයා විපතට පත් පවුල් වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව සොයා බැලීමට ද කටයුතු කරන ලදී.

Dept Minister Ampara visit  3Dept Minister Ampara visit  1Dept Minister Ampara visit  2

Dept Minister Ampara visit  2Dept Minister Ampara visit  4Dept Minister Ampara visit  6

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර නොවැම්බර් 28 දින අම්පාර දිස්ත්‍රික්කයේ සංචාරය(11/28) _ ඡායාරූප - උපුටා ගැනීම www.defence.lk

වර්ෂා සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාව සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක විසින් සිදු කරන ලදී. ඒ අනුව ජලගැලීම් හේතුවෙන් බලපෑමට ලක් වු පවුල් මුදවාගැනීම ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුලු පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණයෙන් සිදු කෙරිනි.

Search And Resque Ampara  2Search And Resque Ampara  3Search and Resque Ampara  5

Search And Resque Ampara  1Search and Resque Ampara  6Search and Resque Ampara  4

   මන්නාරම් දිස්ත්‍රික්කය

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් යාපනය අර්ධද්වීපයේ ආපදාවට ලක්වී ඇති ජනතාව වෙනුවෙන් සිදුකෙරෙමින් පවතින ආපදා සහන සැලසීමේ කටයුතු පිළිබඳව සොයා බැලීම සහ පවතින වත්මන් තත්ත්වය නිරීක්‍ෂණය කිරීමේ සහ ඊට අදාළව දැනට ක්‍රියාත්මක සහන මෙහෙයුම් අධීක්‍ෂණය කිරීමේ අරමුණින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර නොවැම්බර් 26 දින මන්නාරම දිස්ත්‍රික්කයේ සංචාරයක කරන ලදී.

මන්නාරම දිස්ත්‍රික් ලේකම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අවශ්‍ය ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ රැස්වීමක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත් වු අතර විපතට පත් පවුල් සඳහා ආපදා සහන සැලසීමේ ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීමේ ක්‍රමෝපායන් සහ ඇති විය හැකි අවදානම් අවම කිරීමට ගත හැකි ප්‍රායෝගික ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරන ලදී.

මන්නාරම හා ඒ අවට ප්‍රදේශය ඇති වු ආපදා තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රදේශයක් වු අතර එම ප්‍රදේශයේ විපතට පත් වූවන් වෙනුවෙන් ස්ථාපිත සුරක්‍ෂිත මධ්‍යස්ථාන වෙත ගොස් එහි ක්‍රියාත්මක සුබසාධන කටයුතු පිළිබඳව සොයා බැලූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, විශේෂයෙන්ම විපතට පත් පවුල් වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව සොයා බැලීමට ද කටයුතු කරන ලදී.

නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ යුද හමුදාපති, නාවික හමුදාපති, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් සහ ප්‍රාදේශීය ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරින් ද අයහපත් කාලගුණය හේතුවෙන් දැඩි ලෙස විපතට පත් ප්‍රදේශ කිහිපයක නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

Mannar  3Mannar  2Mannar  1

Search MannarSearch Mannar 03Search Mannar 04

Search Mannar 05Search Mannar 06Search Mannar 2

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර නොවැම්බර් 26 සහ 27 යන දිනවලදී අම්පාර දිස්ත්‍රික්කයේ සංචාරය(11/26,28) _ ඡායාරූප - උපුටා ගැනීම www.defence.lk

කිලිනොච්දිචිය දිස්ත්‍රික්කය

පැවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වී ඇති කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පවතින වත්මන් තත්ත්වය නිරීක්‍ෂණය කිරීමේ සහ ජනතාව වෙනුවෙන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිළිබඳව සොයා බැලීම සහ ක්‍රියාත්මක සහන මෙහෙයුම් අධීක්‍ෂණය කිරීමේ අරමුණින් ධීවර ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් නොවැම්බර් 29 දින කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සංචාරයක කරන ලදී.

ආපදා තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රදේශයක් වු කන්ඩාවල ප්‍රදේශයේ විපතට පත් වූවන් වෙනුවෙන් ස්ථාපිත සුරක්‍ෂිත මධ්‍යස්ථාන වෙත ගොස් එහි ක්‍රියාත්මක සුබසාධන කටයුතු පිළිබඳව සොයා බැලූ නියෝජ්‍ය අමාත්‍යවරයා, විපතටපත් පවුල් වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව සොයා බැලීමට ද කටයුතු කරන ලදී.

Kilinochchci visit  2Kilinochchci visit  1Kilinochchci visit  3

 යුධ හමුදාව, කිලිනොච්චි පළාත් පාලන දෙපාර්තමේන්තුව සහපලෙයි ප්‍රාදේශීය සභාවේ සහයෝගය ඇතිව කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ගංවතුර හේතුවෙන් අවදානමකට ලක්ව තිබූ කොට්ටන්දර්කුලම්, කොඩුක්කුලේ මාර්ගය ගමනාගමනය සඳහා භාවිතා කිරීම සඳහා ප්‍රතිෂ්ඨාපනය කිරීමට කටයුතු කිරීම

  Reconstruction  1Reconstruction  2Reconstruction  3

 Relief  1Relief  2Relief  3

වව්නියාව දිස්ත්‍රික්කය

 වව්නියාව දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට බල පෑ ජලගැලීම් හේතුවෙන් ප්‍රජාව පිඩාවට පත් වූ අතර ගමනාගමනයට ද බාධා එල්ල විය. දිස්ත්‍රික් ලේකම්ගේ උපදෙස් මත යුද හමුදාව, පොලීසිය සහ පළාත් පාලන ආයතන සහ දිස්ත්‍රික්කයේ පාර්ශවකාර ආයතන වල සහය ඇතිව මෙම තත්ත්වය මගහැර ගැනීම සඳහා කටයුතු කිරීමට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කරන ලදී.

පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්කයේ වැව් 57ක් හානියට පත්වූ අතර වැව් 73ක් තවදුරටත් අවදානම් මට්ටමේ පවතී. ඒ අනුව යුධ හමුදාව, ගොවි සංවිධාන ඇතුළු සිවිල් සංවිධාන ධායකත්වයෙන් වැව් බැමි ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන ලදී. හානිය පත් අලගල්ලපෝතතකුලම් වැව මේ වන විය සම්පුර්ණයෙන්ම පිළිසකර කිරීමට හැකි විය.

මිට අමතර දිස්ත්‍රික්කයේ මධ්‍ය ප්‍රමාණයේ 17ක් සහ විශාල වැව් හයක් පවතින අතර මධ්‍යම ප්‍රමාණයේ වැව් 17ම වාන් මට්ටමට පැමිණි අතර ඒ අතරින් වැව් තුනක් අවදානම් මට්ටමටද පැමිණ තිබේ. විශාල වැව් අතරින් වැව් තුනක් වාන් මට්ටමට පැමිණි ඇති අතර ජල සම්පාදන මණ්ඩලය සතු පෙරාරු ජලාශයේ වාන් දොරටු මේ වන විටත් විවෘතව පවතී.

ඉදිරි මෝසම් වැසි තත්වයන් සමග අවදානම් මට්ටමේ පවතින වැව් ට ලක්වීමේ අවදානමක් පවතින බැවින් තාක්ෂණික ආයතන, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ගොවි සංවිධාන එක්ව එම වැව් ආරක්ෂාකර ගැනීම සදහා යාන්ත්‍රණයක් නිර්මාණය කෙරෙමින් පවතී.

Vavuniya Emergency 2024 1Vavuniya Emergency 2024 2Vavuniya Emergency 2024 3

 මුලතිව් දිස්ත්‍රික්කය

 මුලතිව් දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට බල පෑ ජලගැලීම් හේතුවෙන් ඇති වූ පිඩා අවම කරගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්ගේ උපදෙස් මත යුද හමුදාව, පොලීසිය සහ පළාත් පාලන ආයතන සහ දිස්ත්‍රික්කයේ පාර්ශවකාර ආයතන වල සහය ඇතිව මෙම තත්ත්වය මගහැර ගැනීම සඳහා කටයුතු කිරීමට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කරන ලදී.

දිස්ත්‍රික් ලේකම්ගේ මඟපෙන්වීම යටතේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය, ප්‍රාදේශීය ලේකම්වරුන් වාරිමාර්ග, ධීවර, සෞඛ්‍ය,විදුලිබල මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්දන අධිකාරිය සහ රාජ්‍ය දැව සංස්ථාව, රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සංවිධාන ඇතුලු පාර්ශවකාර ආයතන වල සම්බන්ධීරණයෙන් මහජන පීඩාව අවම කිරීම සඳහා ආපදාවට ලක් වූ ප්‍රදේශවල සෙවීමු මුදවාගැනීම් සිදු කිරීමට කටයුතු කරන ලදී.

එසේම ගංවතුර ක්‍රමයෙන් පහව ගොස් ඇති වුව ද වගාබිම් තවමත් ජලයෙන් යටවී ඇති අතර වගා හානි, යටිතල පහසුකම් ප්‍රතිශ්ඨාපනය කිරීම ක්ෂණීක ක්‍රියාකාරකම් සිදු කරමින් පවතී.

mullaithive 2024-11-02  2mullaithive 2024-11-02  3mullaithive 2024-11-02  4

 mullaithive 2024-11-02  5mullaithive 2024-11-02  7mullaithive 2024-11-02  9

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට බල පෑ ජලගැලීම් හේතුවෙන් ඇති වූ පිඩා අවම කරගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්ගේ උපදෙස් මත යුද හමුදාව, පොලීසිය සහ පළාත් පාලන ආයතන සහ දිස්ත්‍රික්කයේ පාර්ශවකාර ආයතන වල සහය ඇතිව මෙම තත්ත්වය මගහැර ගැනීම සඳහා කටයුතු කිරීමට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කරන ලදී.

tincomalee sesrch and resque  4tincomalee sesrch and resque  5tincomalee sesrch and resque  6

මඩකළපුව දිස්ත්‍රික්කය

 මඩකළපුව දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ ජලගැලීම් දැඩි සුළං වැනි දිස්ත්‍රික්කයට බල පෑ ආපදා හේතුවෙන් ඇති වූ පිඩාවට පත් වු අතර පවුල් 23,561 ක පුද්ලගයින් 73,532 ක් පීඩාවට පත් විය. ඇති විය හැකි මහජන පීඩාව අවම කරගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්ගේ උපදෙස් මත යුද හමුදාව, පොලීසිය සහ පළාත් පාලන ආයතන සහ දිස්ත්‍රික්කයේ පාර්ශවකාර ආයතන වල සහාය ඇතිව මෙම තත්ත්වය මගහැර ගැනීම සඳහා කටයුතු කිරීමට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කරන ලදී.

Batticaloa 2024  -11-02 Fenegal  22Batticaloa 2024  -11-02 Fenegal  8

Batticaloa 2024  -11-02 Fenegal  24Batticaloa 2024  -11-02 Fenegal  25Batticaloa 2024  -11-02 Fenegal  14

 එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයෙන් සෙවීම් සහ මුදවාගැනීම් උපකරණ

එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) ක්‍රියාත්මක කරනු ලබන සමාජ ඒකාග්‍රතාව සහ සංහිඳියාව ක්‍රියාකාරකම(SCORE) ව්‍යාපෘතිය යටතේ ෆෙන්ගල් (FENGAL) සුළිකුණාටුව හේතුවෙන් ඇතිවු ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් වූ ප්‍රදේශ යළි ප්‍රතිස්ඨාපනය කිරීමේ ක්‍රියාදාමය ශත්තිමත් කිරීම සහ ආපදා කළමනාකරණ මධ්‍යස්තානයේ සෙවීම් මුදවාගැනීම් ධාරිතාව වර්ධනය කිරීම සඳහා උපකරණ ලබාදීමට කටයුතු කරන ලදී. ඒ අනුව අදාල භාණ්ඩ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත භාරදීම පසුගිය දෙසැම්බර් 02 වන දින සිදු කරන ලදී.

Gum Boots, සෙවීම් මුදවාගැනීම් ක්‍රියාවලියේ දී භාවිතා කළ හැකි වැහි කබා, විදුලි පන්දම්, ආරක්ෂක හිස් වැසුම්, මෙගා පෝන්, මැනිලා කඹ, ආරෝපනය කල හැකි විදුලි පන්දම්, ජීවිතාරක්ෂක කබා, වතුර මෝටර් සහ ඊට භාවිතා කළ හැකි බට, තාපොලින් ශීට් සහ පොලිසැක් උර මේ භාණ්ඩ අතර විය.

USAID 2024  2USAID 2024  1

 මොනරාගල දිස්ත්‍රික්කය

 හැඩඔය පිටාර ගැලිමෙන් ගංවතුරට කොටුවූ පුද්ගලයින් මුදාගැනීම.

නොවැම්බර් 25 සහ 26 යන දිනයන්හි ඇදහැලෙන ලද ධාරානිපාත වර්ෂාව හේතුවෙන් සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හැඩ ඔය පිටාර ගැලීම සිදුවිය. වීරකන්ද , මහකලුගොල්ල සහ කරඹගොඩ යන ප්‍රදේශයන්හි පුද්ගලයින් නව දෙනෙකු වගා කටයුතු වලට ගොස් නැවත පැමිණීමට නොහැකි විය.

මෙම තොරතුරු ලද විගස නාවික හමුදාවේ සහයෝගයෙන් ගංවතුරට මැදි වූ මෙම පිරිස මුදා ගැනීමට මොනරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ එකකය කටයුතු කරන ලදී. මෙම මෙහෙයුම සඳහා නාවික හමුදාව, සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම්, පොලිසිය ඇතුලු පිරිසක් සහභාගීවිය.

  Monaragala Resque Fenegal 2024-11-26 14Monaragala Resque Fenegal 2024-11-26 9

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079