rss

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන කළාපයක්. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අයහපත් කාලගුණික තත්ත්වයක්.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල ඉදිරි නැවත දැනුම් දෙන තුරු ධීවර හෝ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවට අනතුරු ඇගවීම්.

අද දිනයේ (11/26) උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍ය ,ඌව සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200ට වැඩි ඉතා තද වැසි ඉදිරි දිනයන්හිදී දිවයිනේ බොහෝ පළාත්වලට පැයට කිලෝමීටර් 40 ඉක්ම වු තද සුළං.

අද දින වන විට (11/26) නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය ඊයේ දින (11/25) දින රාත්‍රී 11.30 පමණ වනවිට මඩකලපුව සිට කී.මී. 290 ක් සහ ත්‍රීකුණාමලයට කී.මී. 410 ක් පමණ ගිණිකොන දෙසින් පිහිටා තිබුණු බවත් ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ඉතා ආසන්නව ගමන් කරනු බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද දින (11/26) නිවේදනය කර ඇත.

මෙහි බලපෑම හේතුවෙන් ඉදිරි දින කීපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට ගිගුරුම් සහිත ඉතා තද වැසි සහ සුළං සහිත කාළගුණික තත්වයක් පැවතිය හැකි බවත් මෙම නිවේදනයේ සදහන් වේ. එසේම අද දින වන විට (11/26) උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍ය ,ඌව සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව මෙම නිවේදනයෙන් අවධාරණය කර ඇත.

එසේම දිවයින වටා මුහුදු ප්‍රදේශ විටින්විට රළු විය හැකි අතර සුළගේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩිවිය හැකි බව පෙන්වා දී ඇත. ඊයේ දින 25 පස්වරු නිකුත් කරන ලද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයට අනුව දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු වල නොයෙදෙන ලෙස ධීවර ජනතාවට දැනුම් දී ඇත.

ඊට අමතරව උතුරුඋතුරුමැදමධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40-50ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි .බවත් මෙම තත්ත්වය ඉදිරි දින කීපය පුරාවට පැවතිය හැකි බවත් දක්වා ඇත.

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මේ දිනවල පැවැත්වේ. එබැවින් මේ ඇතිවිය හැකි කාලගුණික තත්ත්වයන් පිළිබද දැඩි අවධානයොමු කළ යුතු අතර දිවයින මුහුදු වෙරළ ආශ්‍රිත සංචාරය කරනු ලබන පිරිස් සහ හදුනාගත් නායායෑම් අවදානම් කලාපවල ජීවත් වන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ.

එසේම යම් ආපදා අවදානම් තත්වයක දී අවශ්‍ය සම්බන්ධීකරණය පහසු කරගැනීම සදහා හදිසි ඇමතුම් අංක 117 වෙත දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052