මහාමැතිවරණය පැවැත්වෙන කාලසීමාව ආපදා හේතුවෙන් සිදුවිය හැකි බාධා කළමනාකරණය කරගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ මැතිවරණ කොමිසම් සභාව එක්ව විශේෂ ඒකාබද්ධ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනු ලබයි.
මැතිවරණ කොමිෂන් සභාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුළු සියලු පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙහි ස්ථාපිත කර ඇති මෙම විශේෂ මැතිවරණ ඒකාබද්ධ ආපදා මෙහෙයුම් ඒකකය 2024.11.12 දින සිට 2024.11.16 දින දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මැතිවරණ කාලසීමාව තුළ යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් මැතිවරණ රාජකාරී සඳහා හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට බාධාවක් වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙහි ස්ථාපිත කර ඇති විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි අංක 0113 668032/ 0113 668087/ 0113 668025/ 0113 668026 සහ 0113 668119 යන අංක වෙත දැනුම් දෙන මෙන් මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එසේම මැතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළ යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් මැතිවරණයට යම් බාධාකාරී තත්ත්වයක් ඇති නම් එම බාධා වළක්වාගැනීම සඳහා මෙම සැලැස්ම අනුව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුලු පාර්ශවකාර ආයතන සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක දැනුවත් කිරීමට ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පසුගිය දා කටයුතු කරන ලදී.
මැතිවරණයට ඇතිවිය හැකි බාධා ඉවත් කිරීම අරමුණු කරගනිමින් සකස් කර ඇති හදිසි ආපදා ප්‍රතිචාර පෙරසුදානම් සැලැස්ම අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය තුළින් භාගත කර ගත හැකිය.