සුනාමි ව්‍යසනයට අප රට ගොදුරුවී වසර 20 ක් සැපිරෙන 2024 වර්ෂයේ ලෝක සුනාමි දැනුවත් කිරීමේ දිනයට සමගාමීව සුනාමි ආපදාවකට මුහුණදීම සඳහා ප්‍රතිපත්ති සකස් කිරීම, එම ප්‍රතිපත්ති අනුව ප්‍රායෝගිකව කටයුතු කරන පාර්ශවයන් සහ විද්වතුන්, අධ්‍යාපනඥයින් සහ පර්යේෂකයින් ආදී විවිධ පාර්ශව විසින් ගෙන ඇති පියවරයන් පිළිබඳව සොයා බැලීම වෙනුවෙන්ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක් ආරක්ෂක ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11/04) දින කොළඹ ගාලුමුවදොර හෝටල්යේ දී පැවැත්විනි.
සුනාමි ආපදාව නිසා ශ්‍රී ලංකාවට සමාජ ආර්ථික සහ පාරිසරික වශයෙන් විශාල බලපෑමක් සිදු වූ බවත් එබැවින් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ ආපදා පෙරසුදානම, ආපදා අවමකරගැනීම සඳහා වු ක්‍රමවේද සහ ප්‍රතිස්ඨාපන ක්‍රියාවලිය පිළිබදව අවධානය යොමු කිරීමත් ජාතික මට්ටමේ සිය ප්‍රාදේශීය මට්ටම දක්වා හදිසි ප්‍රතිචාර යාන්ත්‍රණ ක්ෂණිකව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ආරක්ෂක ලේකම් විසින් පෙන්වා දෙන ලදී.
එසේම ආපදා අවදාම් ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා තාක්ෂණික සහාය සහ සම්පත්නිසි ආකාරයෙන් යෙදවීම වැදගත්කම පෙන්වා දුන් ලේකම්තුමා ආපදා කළමනාකරණ ක්‍රියාවලියේ දී ආපදා ප්‍රත්‍යස්ථතාව ගොඩනැගීම පිළිබඳව අවධානය යොමු කිරීම පිළිබදව අවධාරණය කරන ලදී. එසේම විද්‍යාත්මක සහ තාක්ෂණික නව්‍යකරණ දැනුම භාවිතා කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ලේකමවරයා සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී සහ නගර සංවර්ධන ක්‍රියාවලිය තුළ අවදානම කරළමනාකරණ මාර්ගෝපදේශ අනුගමන කිරීමේ අවශ්‍යතාව තවදුරටත් අවධාරණය කරන ලදී.
2004 සුනාමි ව්‍යසනයේ සිට දශක දෙකක කාලය සීමාව පුරාවට රට තුළ ආපදා ප්රත්යස්ථාතාව ගොඩනැංවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සාධනීය පසු විපරමක් සිදු කිරීම මෙම සම්මන්ත්‍රණයේ අරමුණ වු අතර මෙම සම්මන්ත්‍රණයේ ආරාධිත දේශනය සම්මානීය මහාචාර්ය ප්‍රියාන් ඩයස් මහතා විසින් සිදු කළ අතර ආපදා හේතුවෙන් දශක දෙකක මියයෑම් සළකා බැලීමේ දී සුනාමි ආපදා සඳහා වැඩි අවධානමක් පවතින බවත් ආපදා අවදානම අවම කිරීම සඳහා ව්‍යුහාත්මක සහ ව්‍යුහාත්මක නොවන පියවරයන් අනුගමන කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අතර මහජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීම අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය තුළ අත්‍යවශ්‍ය අංගයක් බවත් ඒ සඳහා වන ක්‍රියාකාරකම් වැඩි කිරීමේ අවශ්‍යතාවයත් අවධානරණය කරන ලදී.
2024 වර්ෂයේ ලෝක සුනාමි දැනුවත් කිරීමේ දිනයට සමගාමීව සුනාමි ආපදාවකට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවේ ඇති ආපදා පෙරසුදානම පිළිබඳව විද්වත් කථිකාවක් තුළින් සිදු කළ යුතු සාදනීය වෙනස් කම් හදුනාගැනීම අරමුණු කරගනිමින් පැවැත් වු මෙම විද්වත් සම්මන්ත්‍රණට සඳහා ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති ඇතුලු ආරක්ෂක අංශ ප්‍රධානීන්, විදෙස් තානාපති කාර්යාල නියෝජිතයින්, එක්සත් ජාතීන්ගේ අනුබද්ධ ආයතනය නියෝජිතයින්, එක්සත් ජනපද නියෝජිතායතනයේ මානුෂීය ආධාර සඳහා කාර්යාංශයේ ආසියානු කලාපීය නියෝජිත, රටේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය නිවැරදි දිසානතියක් ඔස්සේ කටයුතු කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ආරම්භයේ සිට මේ දක්වා නායතක්වය දක්වන ලද හිටපු අධ්යක්ෂ ජෙනරාල්වරු ඇතුලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.
සුනාමි ආපදා අවදානම සහ පුරෝකථනය කිරීම, සුනාමි ආපදා පුර්ව අනතුරු ඇඟවීම. ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය, විශේෂිත අවධානය ලක්කළ යුතු ජන කොටස් සහ සංස්කෘතික විවිධත්වය සළකාබැලීම. අධ්‍යාපන, සෞඛ්‍ය සහ සංචාරක වැනි ක්ෂේත්‍ර තුළ යටිතල පහසුකම් සහ ආයතනික ව්‍යුහයන්හි තිරසාරාත්මකභාවය. සහ ආපදාවකට ඔරොත්තු දිය හැකි ආකාරයේ ආයතනික, පරිපාලන ව්‍යුහයන් සකස් කිරීම සහ ආයතනික පෙරසුදානම මෙම විද්වත් සම්මන්ත්‍රණයේ ප්‍රධාන තේමා යටතේ විද්වත් සාකච්ඡාවක් පැවැත් වු අතර එක්සත් ජනපද නියෝජිතායතනයේ මානුෂීය ආධාර සඳහාකාර්යාංශයේ (USAID-BHA), ආසියානු ආපදා පෙරසුදානම් මධ්‍යස්ථානය (ADPC), එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), ආසියානු ආපදා පෙරසුදානම් සහයෝගිතාව (APP) සහ ශ්‍රී ලංකා ආපදා පෙරසුදානම් සහයෝගිතාව (SLPP), සංක්රමණසඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM), වර්ල්ඩ් විෂන් ආයතන, ලෝක ආහාර වැඩසටහන, ChildFund ආයතනය සහ එක්සත් ජාතීන්ගේ ළමා. අරමුදල (UNICEF) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා පාර්ශවකාර ආයතන වශයෙන් මුල්‍ය අනුග්‍රහය ලබා දෙන ලදී.
මෙම සම්මන්ත්‍රණයට අදාල විද්වත් දේශන පහත සබැදිය මගින් භාතග කර ගත හැකිය.
https://youtube.com/live/QZTOfDrvPa0?feature=share
සියලු අවස්ථා ආවරණය කරන ලද ඡායාරූප ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන facebook පිටුවෙහි පලකර ඇත. https://www.facebook.com/media/set/?set=a.976925261140614&type=3