rss

Presidential Election 2024 Preparedness Plan  1මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළ ඇතිවිය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් නොසලකා හැරිය නොහැකි බැවින් එම කාල සීමාව තුළ ආපදාවලින් මැතිවරණයට සිදුවිය හැකි බාධා කළමනාකරණය කරගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ මැතිවරණ කොමිසම් සභාව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මැතිවරණ පැවැත්වෙන කාලසීමාව තුළ ආපදා හේතුවෙන් සිදුවිය හැකි බාධා අවම කිරීම වෙනුවෙන් සකස් කරන ලද හදිසි ආපදා ප්‍රතිචාර පෙරසුදානම් සැලැස්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතා විසින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වෙත නිළ වශයෙන් භාරදීම මැතිවරණ කොමිසම් සභා පරිශ්‍රයේ දී සිදු කරන ලදී. මැතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළ යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් මැතිවරණයට යම් බාධාකාරී තත්ත්වයක් ඇති නම් එම බාධා වළක්වාගැනීම සඳහා මෙම සැලැස්ම අනුව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක සහ පාර්ශවකාර ආයතන දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.

මැතිවරණ කොමිෂන් සභාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථා නය, ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුළු සියලු පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙහි ස්ථාපිත කර ඇති මෙම විශේෂ මැතිවරණ ඒකාබද්ධ ආපදා මෙහෙයුම් ඒකකය 2024.09.19 දින සිට 2024.09.22 දින දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මැතිවරණ කාලසීමාව තුළ යම් ආපදා තත්ත්වයක් හේතුවෙන් මැතිවරණ රාජකාරී සඳහා හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට බාධාවක් වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙහි ස්ථාපිත කර ඇති විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි අංක 0113 668032/ 0113 668087/ 0113 668025/ 0113 668026 සහ 0113 668119 යන අංක වෙත දැනුම් දෙන මෙන් මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ජනාධිපතිවරණ කාලසීමාව තුළදී ආපදා හේතුවෙන් මුහුණුදීමට සිදුවිය හැකි බාධා අවම කරගැනීම සදහා හදිසි ආපදා ප්‍රතිචාර පෙරසුදානම් සැලැස්ම අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය තුළින් භාගත කර ගත හැකිය.

ජනාධිපතිවරණ කාලසීමාව තුළදී ආපදා හේතුවෙන් මුහුණුදීමට සිදුවිය හැකි බාධා අවම කරගැනීම සදහා හදිසි ආපදා ප්‍රතිචාර පෙරසුදානම් සැලැස්ම

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052