මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන සීමාව තුළ ඇතිවිය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් නොසලකා හැරිය නොහැකි බැවින් විභාගය පැවැත් වෙන කාල සීමාව තුළ ආපදාවලින් බාධාවක් නොවී පවත්වා ගෙන යාම සදහා අවධානය යොමුකරමින් විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙතුළින් මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන එළඹෙන ඉරිදා දිනය තුළ දී ආපදා හේතුවෙන් දරුවන්ට සහ විභාග රාජකාරී සඳහා සම්බන්ධවන නිළධාරීන් හට මුහුණුදීමට සිදුවිය හැකි බාධා මග හැරගැනීම සදහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමටත් සියලු පාර්ශ්වකාර ආයතන විසින් ඉටු කළ යුතු කාර්ය භාරය වෙන් වෙන් වශයෙන් මෙම සැලසුම තුළ දක්වා ඇත.
යම් ආපදාවතත්වයක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාකාරී තත්ත්වයකට ඔබව මුහුණ දීමට සිදු වේ නම් ආපදා කළමාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ විභාග දෙපාර්තමේන්තුව විසින් ස්ථාපිත කර ඇති සම්බ්න්කධීරණ කාර්යාලය අංක 1911 යන දුරකථන අංකවලට දැන්විය හැකි අතර හැකි ඉක්මනින් එම බාධා ඉවත්කර දිමට කටයුතු කරනු ඇත.
මෙවර ශිෂ්‍යත්ව විභාග කාල සීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා අවම කිරීම වෙනුවෙන් සකස් කරන ලද හදිසි ආපදා ප්‍රතිචාර පෙරසුදානම් සැලැස්ම නිල වශයෙන් විභාග දෙපාර්තමේන්තුව වෙත භාරදීම (10/09) දින විභාග දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී සිදු කෙරිණි. එසේම මෙම සැලැස්ම අනුව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.
විභාග කාල සීමාව තුළදී ආපදා හේතුවෙන් සිසුන්ට මුහුණුදීමට සිදුවිය හැකි බාධා අවම කරගැනීම සදහා හදිසි ආපදා ප්‍රතිචාර පෙරසුදානම් සැලැස්ම අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බෙඩ් අඩවිය තුළින් භාගත කර ගත හැක.
සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් සකස් කරන ලද ආපදා පෙරසුදානම් සැලැස්ම