rss

2024-08-13 Presidential election 2024  2එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අතර මෙම ජනාධිපතිවරණ සමය තුළ ඇති විය හැකි ඕනෑම හදිසි ආපදා තත්ත්වයකදී, ඡන්ද බලය හිමි සියලු පුරවැසියන් වෙත සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු යොදා ඇත.ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ ආපදා කළමනාකරණ වැඩසටහන පිළිබඳව ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, පොලිසිය ඇතුළු පාර්ශවකාර ආයතන දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී අගෝස්තු 13 වන දින පැවැත්විනි.

මැතිවරණ කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ හා උපදෙස්වලට අනුකූලව ඕනෑම හදිසි ආපදා අවස්ථාවකදී සෑම පුරවැසියෙකුටම තම ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග සහ අවශ්‍ය පහසුකම් සපයන බව මෙහිදී අදහස් දක්වමින් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී. එමෙන්ම ඒ සඳහා පූර්ව සූදානම අත්‍යවශ්‍ය බවත්, විශේෂයෙන්ම මැතිවරණ කාලසීමාව තුළ ආපදා සම්බන්ධ ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණදීම සඳහා අදාළ රාජ්‍ය ආයතනවල සියලුම නිලධාරීන් සූදානම් කරන බව තවදුරටත් පැවසීය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සෘජු අධීක්ෂණය යටතේ මැතිවරණ කාල සීමාව තුළ ආපදා හේතුවෙන් මැතිවරණ ක්‍රියාවලියට ඇතිවිය හැකි බාධා වළක්වාගැනීම සඳහා විශේෂ සම්බන්ධීකරණ ඒකකයක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තුළ ස්ථාපිත කෙරේ. එබැවින් මෙම කාලසීමාව තුළ මැතිවරණයට බාධාකාරී ඕනෑම හදිසි ආපදා තත්වයක් පිලිබඳ දැනුම්දීම සඳහා 117 හදිසි දුරකථන අංකය භාවිතා කළ හැකිය.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, කේ.ජී ධර්මතිලක, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ෂවේන්ද්‍ර සිල්වා, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්‍ෂක අංශ ප්‍රධානීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරල් උදය හේරත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජෙනරාල්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුලු නිළධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

2024-08-13 Presidential election 2024  92024-08-13 Presidential election 2024  32024-08-13 Presidential election 2024  5

2024-08-13 Presidential election 2024  82024-08-13 Presidential election 2024  112024-08-13 Presidential election 2024  12

2024-08-13 Presidential election 2024  132024-08-13 Presidential election 2024  42024-08-13 Presidential election 2024  10

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052