හදිසි අනතුරු ඇඟවීම්

rss

 

18-07-2024 US Aid WFP Aid for Huninitarian Works  2නිරිත දිග මෝසම සක්‍රිය වීමත් සමගම පසුගිය දිනවල දිවයිනට බල පෑ අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් ගංවතුර,නායයෑම් හා අධික සුළං තත්වයක් ඇති වූ අතර ඉන් දිස්ත්‍රික්ක 14ක පවුල් 75,561 කට අයත් පුද්ගලයින් 286,000 කට අධික සංඛ්‍යාවක් බලපෑමට ලක්විය. විශේෂයෙන්ම ඇතැම් ස්ථාන සඳහා 400mm පමණ වර්ෂාපතනයක් පැය 02ක් වැනි කෙටි කාලයක් තුළ පතිතවීම නිසා අපේක්ෂා නොකළ ආකාරයෙන් විශාල ගංවතුර තත්ත්වයක් වාර්තා විය.

ගංවතුර, නායයෑම් හා අධික සුළං වල බලපෑමට ලක්වූවන් මුදාගැනීමේ කටයුතු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් සිදුකළ අතර අවතැන් වූ පුද්ගලයන් කඳවුරු ගත කර ඔවුනට අවශ්‍ය සහන ලබාදීම කඩිනමින් සදුකරන ලදී. හදිසි ප්‍රතිචාර දැක්වීම සඳහා මෙන්ම සහන ලබාදීමේ වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගේ උපදෙස් මත රාජ්‍ය, රාජ්‍ය නොවන හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවලින් විපතට පත් වු ජනතාව වෙත සහන ලබාදීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කරන ලදි.

මේ යටතේ ඇමරිකා එක්සත් ජනපද ආධාර වැඩසටහන(US Aid), ලෝක ආහාර සංවිධානය (WFP) විසින් හදිසි ප්‍රතිචාර දැක්වීම් වඩාත් කාර්යක්ෂම කිරීමටත් බලපෑමට ලක් වූ ජනතාවගේ ජනජීවිතය යලි නගාසිටුවීම සඳහාත් වු සහනාධාර 18 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත භාරදෙන ලදී. විදුලි කියත්(30), වතුර පොම්ප (35), තාපොලින් ශීට් (1000), මුලුතැන්ගෙයි උපකරණ කට්ටල (1500), පොලිසැක් උර (8740) ක් මෙම භාන්ඩ අතරට ඇතුලත් විය.

 

මෙහිදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් ජනතාවට අවශ්‍ය සහන කෙටිකාලයක් තුල ලබාදීම පිළීබඳව පැමිණි කණ්ඩායම් වෙත ප්‍රශංසා කල අතර මෙම සහන සතියක් වැනි කෙටි කාලයක් ඇතුලත දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක හරහා අවතැන් වූ පවුල් වෙත ලබාදීමටත් ආපදා ප්‍රතිචාර දැක්වීමේ උපකරණ පළමු ප්‍රතිචාර දක්වන කණ්ඩායම් වෙත ලබාදීම සඳහා අදාළ ස්ථාන වෙත ගබඩා කර තැබීමටත් කටයුතු කරන බවද ඔවුන් වෙත පැවසීය. එසේම මෙමගින් ආපදාවට ලක්ව අවතැන් වූ ශ්‍රී ලාංකික ජනතාව ඉන්පසු යලි නගාසිටුවීම සඳහා ශක්තියක් වන බවද වැඩිදුරටත් පැවසීය.

මෙම සහන ලබා දීමේ වැඩපිලිවෙල අගය කල අතර දීර්ඝ කාලයක් තිස්සේ නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාව තුල ඇති වූ ආපදාවන් සඳහා උපකාර කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමග එක්ව ක්‍රියාකිරීම පිළිබඳව තමන් සතුටට පත් වූ බව මෙම අවස්ථාවට සමබන්ධ වූ විදෙස් නියෝජිතයින් ප්‍රකාශ කරන ලද.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සමන් බන්දුල සේන, ඇමරිකා එක්සත් ජනපද ආධාර වැඩසටහනෙහි(US Aid) ප්‍රාදේශීය මානුෂිය මෙහෙයුම් උපදේශක, ඩස්ටින් ශියාව්, ලෝක ආහාර වැඩසටහනේ නේවාසික අධ්‍යක්ෂ අබ්දුල් රහීම් සිද්ධික්, ලෝක ආහාර වැඩසටහන සම්බන්ධීකරණ සහයෝගිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් මොහොමඩ් රිෆ්ලාන් යන මහත්වරු ඇතුලු පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.

 

18-07-2024 US Aid WFP Aid for Huninitarian Works  1018-07-2024 US Aid WFP Aid for Huninitarian Works  5418-07-2024 US Aid WFP Aid for Huninitarian Works  65

 

 

 

News & Events

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052