அவசர எச்சரிக்கைகள்

rss

Kaluthara Lanslide Inspection 2023 5

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රත්මල්ගොඩ නැගෙනහිර ග්‍රාම නිළධාරිවසමේ පිහිටා ඇති කබරගල කන්දෙහි බටහිර බෑවුම් ප්‍රදේශයේ ස්ථාන කිහිපයක පැලීම් සහිතව නායයෑමේ අවදානමක් ඇති බවට කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය දැනුවත් කිරීමෙන් පසුව ඉංගිරිය ප්‍රාදේශීය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන් සහ ප්‍රාදේශී්‍ය වශයෙන් කටයුතු කරන පාර්ශවකාර ආයතන නිලධාරීන් සහ  ප්‍රදේශවාසින් සම්බන්ධ කරගනිමින් කබරගල කන්ද ආශ්‍රීතව පවතින නායයෑම් අවදානම් සහිත ස්ථාන නිරීක්ෂණය කිරීමට කලුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය කටයුතු කරන ලදී.

කන්දේ ඇති ඉරි තැලීම් හා පැලීම් හේතුවෙන් නායයෑමේ අවදානම් තත්වයක් පවතින බව නිරීක්ෂණය වූ බැවින් දින ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ තාක්ෂණික සහය ඇතිව තවදුරටත් නිරීක්ෂණ කටයුතු විධිමත්ව සිදුකර නායයෑමේ අවදානමක් පවතින බවට තහවුරු කර ගැනීමට කටයුතු කරන ලදී.

ඉන් අනතුරුව හදිසි නායයෑම් තත්වයක් ඇති වුවහොත් බටහිර බෑවුමේ පිහිටි මාපුටුගල ශ්‍රී සාංගිකාරාම මහා විහාරස්ථානයසහ නිවාස 50 කට ආසන්න ප්‍රමාණයකට බලපාන බැවින් නිරීක්ෂණ චාරිකාවෙන් පසු දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධිකරණ ඒකකයේ යුධ හමුදා සහ නාවික හමුදා සාමාජිකයින්, ප්‍රදේශවාසීන් හා ප්‍රාදේශීය ලේකම් කා¾යාලයේනිළධාරීන්සමඟඑක්වීකබරගලකන්දේගැටළුසහිතහදුනාගත් ස්ථාන ආශ්‍රිතව පොළව අභ්‍යන්තරයට ජලයකාන්දුවීමවළක්වාලීමසඳහාපියවර ගන්නා ලදී.

ඊට අමතරව අධි අවදානම් කළාපවල ජීවත් වන ජනතාව නායයෑම් අවදානම පිළිබඳව දැනුවත් කිරීම, ආපදා අවදානම් පුර්ව පණිවිඩ ලබාදීමේ ක්‍රමවේදය පිළිබඳව හා වර්ෂාමාන භාවිතා කරමින් ආපදා අවදානම හදුනා ගැනීම පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කරනලද අතර වර්ෂාමානයක් විහාරස්ථානයේ ස්ථාපිත කිරීමට කලුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් කටයුතු කරන ලදී.

Kaluthara Lanslide Inspection 2023 2Kalutha Landslide 2023Kaluthara Lanslide Inspection 2023 6

Kaluthara Lanslide Inspection 2023 4Kaluthara Lanslide Inspection 2023 3Kaluthara Lanslide Inspection 2023 1

 

 

 

 

 

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052