Emergency Warnings

rss

නිරිත දිග මෝසම් කාලගුණක තත්ත්වය ක්‍රමයෙන් සක්‍රීය වෙමින් පවතී.


නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.

Bad Weather 2024නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

අද (22) දින නිකුත් කර ඇති කාලගුණවිද්‍ය නිවේදනය අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 150 පමණ තද වැසි වාර්තා විය හැකි බවත් වයඹ පළාත තුළ සහ මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කව ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

එසේම මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයින හරහා දැඩි සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බවත් විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 50-60 ක පමණ තද සුළං ඇතිවිය හැක.

මෙම අඩු පීඩන කලාපය හේතුවෙන් ගිණිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේ සහ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවත් මෙම කලාපය තුළ විටින් විට පැයට කිලෝමීටර 70 ක් 80 ත් අතර වේගයකින් සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති අතර මෙම කලාපය තුළ ධීවර සහ නාවුක කටයුතු වලින් වළකින්නැයි අවවාදාත්මක නිවේදන නිකුත් කර ඇත. මේ පිළිබදව ධිවර දෙපාර්තමේන්තුව විසින් අදාල ධීවර වරායන් දැනුවත් කිරීමටත් ධිවර කටයුතු සදහා මුහුදු යාම තාවකාලිකව නවතා දැමීමටත් උපදෙස් ලබා දී ඇත.

පවතින මෝසම් වර්ෂාව සමග ඇතිවිය හැකි ආපදා හානි අවම කරගැනීම සදහා අවධානය යොමු කිරීමටත් කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින අතර යම් ආපදා තත්ත්වයක් වාර්තා වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 දුරකථන අංකයට අමතන මෙන් තවදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079