foreign delegation 24-05-06 3එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය යන රටවල් මෙරට තානාපති කාර්යාලවල ඉහළ පෙළේ රාජතාන්ත්‍රික නිලධාරීන් කණ්ඩායමක් පසුගිය මැයි හය වන වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණ චාරිකාවක නිරත විය. රට තුළ ක්‍රියාත්මක කරනු ලබන ආපදා කළමනාකරණ යාන්ත්‍රණය, හදිසි මෙහෙයුම් සහ ආපදා හේතුවෙන් ඇති වන බලපෑඹ් යලි යථාතත්ත්වයට පත් කිරීමේ යාන්ත්‍රණය පිළිබද අවබෝධ කරගැනීම මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය.

2004 ඉන්දීය සාගර සුනාමි ව්‍යසනය හේතුවෙන් අප රට සමාජ ආර්ථික සමාජීය සහ පාරිසරික වශයෙන් විශාල බලපෑමක් සිදු වු බවත් එබැවින් ආපදා හේතුවෙන් අප රටට සිදු විය හැකි බලපෑම අවම කර ගැනීම සදහා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය රට තුළ ක්‍රියාත්මක කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇති බව අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතා මෙම අවස්ථාවට සහභාගී වෙමින් පෙන්වා දෙන ලදී. එබැවින් මෙරට ජීවත්වන සෑම කෙනෙකුගේම ජීවිත සුරක්ෂිත කිරීමේ වගකීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පැවරී ඇති බව නියෝජිත පිරිසට තව දුරටත් අවධාරණය කරන ලදී.

එසේම සුනාම් ව්‍යසනයෙන් වසර 20 ක් පිරෙන මෙම වසර තුළ මෙරට ක්‍රියාත්මක කරනු ලබන ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය පිළිබදව පසු විපරම් කිරීමේ දී ගෝලීය, කලාපීය, ජාතික සහ ප්‍රාදේශීය මට්ටමින් වඩාත් ශක්තිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කර ඇති බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පෙන්වා දෙන ලදී.

ආපදා අවදානම් පුර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේදය තුළට විදෙස් තානාපති කාර්යාල සෘජුව සම්බන්ධ කරගැනීමේ වැගත්කම පෙන්වා දුන් මෙම නියෝජිත පිරිස එය ආපදා අවස්ථාවක දී මෙරට සංචාරය කරනු ලබන සිය පුරවැසියන්ගේ ජීවිත සුරක්ෂිත කර ගැනීම සදහා වන සම්බන්ධීකරණ පහසු කරන බව පෙන්වා දෙන ලදී.

ආපදා කළමනාකරණ ක්‍රියාවලිය, නෛතික පසුබිම, රට තුළ ක්‍රියාත්මක ආපදා අවදානම් ක්‍රියාවලිය, ආපදා පෙර සුදානම් ක්‍රියාවලිය සහ මහජනතාව දැනුවත් කිරීම, හදිසි මෙහෙයුම් ක්‍රියාවලිය සහ පුර්ව ආපදා අවදානම් අනතුරු ඇඟවීමේ ක්‍රමවේදය පිළිබඳව මෙම නියෝජිත පිරිස දැනුවත් කිරීමට කට යුතු කරන ලදී. අනතුරුව හදිසි මෙහෙයුම් මැදිරිය සහ 117 හදිසි ඇමතුම් මැදිරිය නිරීක්ෂණය කිරීමට මෙම නියෝජිත පිරිස කටයුතු කරන ලදී.

foreign delegation 24-05-06 2foreign delegation 24-05-06 5DSC 8325 800x534

foreign delegation 24-05-06 1foreign delegation 24-05-06 6foreign delegation 24-05-06 7

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079