ජාතික ආරක්ෂිත දිනය

2004 ඇතිවු සුනාමි ව්‍යසනය ශී‍්‍ර  ලංකාවේ දකුණු, බටහිර, නැගෙනහිර හා උතුරු පළාත්වලට විශාල බලපෑමක් එල්ල කළේය. සමස්ථයක් වශයෙන් ගත් කල දිවයිනේ වෙරල තීරයෙන් 2/3ක්, එනම් පරිපාලන දිස්ති‍්‍රක්ක 13කට සුනාමි ඛේදවාචකයට සෘජුවම මුහුණ දීමට සිදු විය .

සුනාමිය හේතුකොටගෙන ජීවිත 35000ක් පමණද, නිවාස ලක්ෂයක් පමණද, පුද්ගලයින් 5000ක් ද අතුරු දහන් වූ අතර තවත් 95000 කට පමණ තම ජීවනෝපාය අහිමි විය.

සුනාමි තර්ජනයට ලක්වු අන් රටවල් හා සසඳන විට ශී‍්‍ර ලංකාව ඉතා ඉක්මනින් යථා තත්වයට පත්විය. රජය, රාජ්‍ය නොවන සංවිධාන හා විදේශ රටවල ආධාර උපකාර ඇතිව නැවත ගෙඩනැගීමේ කටයුතු සිදු කළේය .

පීඩාවට පත් ජනතාවගේ භෞතික හා ආර්ථික වටපිටාව සමනය කිරීමට උත්සහ ගත්තත් ඔවුන්ගේ සිත් හා අධ්‍යාත්මික සිතුවිලි සුවපත් කිරීම බැරැරුම් කර්තව්‍යයක් විය.

රජය මේ පිළිබඳව සැලකිලිමත් වෙමින් නැවත සිදුවන ව්‍යසනයකදි එහි අවධානම අවම කිරීමේ උපාය මාර්ග සැකසීමට කි‍්‍රයා කලේය. සිදුවිය හැකි ස්වාභාවික හා මිනිස් ආපදා අවම කිරීමේ කි‍්‍රයාකාරි වැඩපිළිවෙලකට අවශ්‍ය කරන ව්‍යවස්ථාදායක විධානයන්  ඇතුලත් 2005 අංක13 දරන ව්‍යයසන කළමනාකරණ  පනත පාර්ලිමේන්තුවේදි සම්මත කර ගත්තේය.

ඒ ප‍්‍රකාර ජාතික ව්‍යයසන කළමනාකරණ  සභාව, ස්ථාපිත කොට එහිදි ගන්නා තීන්දු  තීරණ කි‍්‍රයාත්මක කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයද පිහිටු විය.

2006 වසරේදි ආපදා කළමනාකරණය සම්බන්ධයෙන්  වෙනමම අමාත්‍යංශයක් ලෙස ආපදා  කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යංශය ස්ථාපිත කලේය.

මේ වන විට ආපදා  කළමනාකරණ මධ්‍යස්ථානයට  පැවරී ඇත්තේ විශාල වගකීමකි ආපදා අවධානම් අවම කිරීමේ මග සැලැස්මක් ප‍්‍රකාශයට පත් කර ඇති අතර ආපදා අවම කිරීම, ආපදා අවම කිරීම සදහා වන පූර්වසැලසුම් සැකසීම, පුහුණු හා ප‍්‍රායෝගික වැඩ සටහන් මගින් ජනතාව දැණුවත් කිරීම , අවධානම් අවස්ථාවකදී අවශ්‍ය පූර්ව දැණුම්  දීමේ ක‍්‍රමෝපායන් සැකසිම, හදිසි මෙහෙයුම් සිදු කිරීම, වන්දි ලබාදීම හා නැවත ගොඩනැගීමේ කටයුතු වලට සහය ලබාදීම ඒ අතර  ප‍්‍රමුඛත්වයෙහිලා සැලකේ.

මීට අමතරව ආපදා අවධානම් අවම කිරීම පිළිබදව ජනතාව දැණුවත් කිරීමේ  සංකේතාත්මක අරමුණකින් එවකට ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යවරයාව සිටි මහින්ද සමරසිංහ මහතා විසින් කරන ලද යෝජනාවකට අනුව සෑම වසරකම  දෙසැම්බර් 26 වන දිනය   ජාතික  ආරක්ෂිත දිනය   ලෙස නම් කර අනුස්මරණය, දිනයක් ලෙස සැමරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත්තේය.

මෙම දිනයේ මූලික අරමුණ වනුයේ  ආපදා කළමනාකරණය තුල ස්වාභාවික ආපදා සහ මිනිස් ආපදා අවම කිරීම සහා ජනතාව දැණුවත් කිරීම, අවධානය යොමු කිරීම ඒ  සදහා උනන්දු කිරීමයි.

 ඒ අනුව මේ වසරේ  ජාතික ආරක්ෂිත දිනය සැමරුම  යාපනය නගරය මූලික කර ගෙන පැවැත්වීමට රජය දැනටමත් තීරණයකර තිබේ.

දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ පැවති ත‍්‍රස්තවාදී උවදුරින් පීඩාවට පත් ජනතාවක් වෙසෙන උතුරු කරයට තදින් බලපාන මිනිස් හා බොහෝ ස්වභාවික ආපදා අවධානම් තත්වයන්  පිළිබදව අවධානය යොමු කරවීමට මෙය හොද අවස්ථාවක් වනු ඇත.

තිරසාර සංවර්ධනය තුලින් සුරක්ෂිත ප්‍රජාවක්......යන තේමාව  ඉලක්කයක්  කොට ගෙන  වැඩ කිරීම  අද දවසේ අප සැමට පැවරී ඇති අනිවාර්ය වගකීමයි.