ජාතික සුරක්ෂිත දින ආපදාවලින් මිය ගිය පිරිස සිහිපත් කෙරේ.

SafteyDay 2019 12019 වර්ෂයේ ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සර්ව ආගමික වතාවත් ඉටු කිරීම දිවයින පුරා සංවිධානය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී. ජාතික සුරක්ෂිතා දිනයට සමගාමීව සුනාමි ආපදාවෙන් සහ වෙනත් ආපදා වලින් මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට පිං පැමිණවීමේ සර්ව ආගමික වැඩසටහනක් අද දින (26) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවැත්විය. එසේම පෙ.ව. 9.25 සිට පෙ.ව.9.27 දක්වා නිශ්ශබ්දතාව රකිමින් සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීම සිදු කරන ලදී
ගාල්ල, තෙල්වත්ත, පැරෑලිය සුනාමි ස්‌මාරකය අබියස දී ජාතික සුරත්ෂිතා දින ප්‍රධාන වැඩසටහන පැවැත්වූ අතර සර්ව ආගමික වැඩසටහන්වලට මුල්තැන දෙමින් ව්‍යසන කළමනාකරණය කරගැනීම පිළිබදව මහජනතාව දැනුවත් කරමින් ඔවුන්ගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කරගැනීමේ වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රික කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන කටයුතු කරන ලදී.
2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරිම උදෙසා 2005 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිත දිනය ලෙස නම්කර ඇත. එදින කේන්ද්‍ර කරගනිමින් සෑම වර්ෂයකම දෙසැම්බර් 26 දින සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ව්‍යසන නිසා මියගිය ජනතාව සිහිපත් කරමින් පිං පැමිණවීම ප්‍රධාන තේමාව කරගනිමින් ජාතික සුරක්ෂිතා දිනය සැමරේ.
ආරක්ෂක අමාත්‍යාංශ ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම්, ආපදා කළමනාරකණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් පොලිස් නාවික ජීවිතාරක්ෂක සහ ආපදා කළමනාකරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඇතුලු ආමත්‍යාංශය යටතේ ඇති ආයතන වල සේවය කරන නිළධාරීන් ආපදා කළමනාරකණ මධ්‍යස්ථාන පරිශ්‍රය තුළ පැවති ජාතික සුරක්ෂිත දිනය සර්ව ආගමික වැඩසටහන සදහා අවස්ථාට සහභාගී විය.

 

 

අධික වැසි හේතුවෙන් අද (20) පස්වරු 5.00 සිට 21 දින පෙරවරු 6.00 දක්වා කාලය තුළ බදුල්ල, පස්සර, බිබිල, ලුනුගල මාර්ගය මාර්ගය වසා තැබේ. මෙම මාර්ගය භාවිතා කරන ජනතාව විකල්ප මාර්ග භාවිතා කරන ‍‍මෙන් ආපදා කළමනාකරණ මධ්යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මහවැලි ගංගාධාර පහත්බිම්වල ජනතාවට ගංවතුර අවධානම් නිවේදන නිකුත් කෙරේ.

WATER-LEVEL-RISE-RIVER 2019පැවති අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගංගාවේ ජල මටටම ද වැඩිවෙම්න් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

මේ නිසා වැලිකන්ද, කින්නියා, මුත්තූර්, සේරුවිල, කන්තලේ, ලංකාපුර, මැදිරිගිිරිය,තමන්කඩුව සහ දිඹුලාගල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් මහවැලි ගංගාධාරයේ පහත්බිම් වල ජනතාවට ඒ පිළිබද අවධානයෙන් කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්යස්ථානය දැනුම් දෙයි.

මී ඔය අවට පහත්බිම්වල ජනතාවට ඉවත්වීමේ නිවේදන නිකුත් කෙරේ.

Flood warningඅධික වර්ෂාව හේතුවෙන් තබ්බෝව ජලාශයෙන් තප්පරයට ගණ මීටර් 11500 ක පමණ ජල ප්‍රමාණයක් මී ඔයට මුදා හැරේ. මේ නිසා මීඔය දෙපස පහත්බිම්වල ජීවත් වන ජනතාව සුරක්ෂිත ස්ථාන කරා කඩිනමින් ඉවත් වීමට කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දන්වා සිටී

 

ඉදිරි දින කීපය තුළ පළාත් කීපයකට තද වැසි බලාපොරෝත්තු වේ.

 

Bad Weatherබස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150 පමණ තද වැසි ද, නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වලත් මාතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී.75-100 පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052