අයහපත් කාළගුණික තත්වයෙන් විපතට පත් ජනතාවට අවශ්‍යා සොයාබැලීම සදහා වාරිමාර්ග ජල කළමනාකරණ සහ ආපදා කළමනාකරණ අමත්‍ය දුමින්ද දිසානායක අමාත්‍යතුමා රත්නපුර දිසුත්‍රික්කයේ නීරීක්ෂණය කරන ලදී.
පවතින අයහපක් කාලගුණය තත්වය පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් වාරිමාර්ග, ජලසම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
පවතින අයහපත් කාලගුණ තත්වය නිසා දිස්ත්‍රික් 14 ක ගංවතුර සහ නායයාම් ආපදා තත්වයක් උද්ගත වී ඇත. මෙම දිස්ත්‍රික්ක 14 තුළ පවුල් 18,079 ක 68,343 ක් පීඩාවට පත්වී ඇත. ආපදා නිසා සිදුවු මරණ සංඛ්‍යාව 09 ක් වේ. අකුණු අනතුරු වළක්වා ගැනීමට කටයුතු කිරීම පිළිබද නිරන්තරයෙන් ජනතාව දැනුවත් කෙරෙන නමුුත් 04 දෙනෙකු මිය ගොස් ඇත්තේ අකුණු අනතුරු හේතුවෙනි.
ආපදා හේතුවෙන් නිවාස 25 ක පුර්ණ හානි සිදු වී ඇති අතර නිවාස 1,464 ක් අර්ධ වහයෙන් හානි වී ඇත. 2018.05.22 1600 පැයට වාර්තාවන අන්දමට පවුල් 6,710 ක 24187 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන 168 ක තාවකාලිකව රදවා ඇත.
ඉදිරියේදී නිරිත දිග මෝසම් සක්‍රීය වීමත් සමඟ දිවයිනට බලපෑ හැකි ආපදා හානි අවම කරලීම මගින් ජනතාව හා දේපල සුරක්ෂිත කර ගැනීම අරමුණු කර ගනිමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් පැවැත්වීමට නියමිත ආපදාවට පෙර සූදානම - දෙසති වැඩසටහන පිළිබඳව මාධ්‍යය ආයතන දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් වාරිමාර්ග හා ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2018.05.17 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, කුමාරිගම ග්‍රාම නිලධාරී වසමට අයත් ආන්දල් ඔයෙහි කෘෂිකාර්මික අමුණ කැඩී ජලය කාන්දු වන මට්ටමට පත්ව ඇති අතර මෙය තවදුරටත් පැවතියහොත් ගංගා නිමිනයේ පහළ ප්‍රදේශ වල ජීවත්වන ජන ජීවිත වලට සහ දේපළ වලට හානි සිදු විය හැකි බැවින් එම තත්ත්වය පාලනය කිරීමට අවශ්‍යය කටයුතු සොයා බැලීම සදහා වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ සහ ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක, ගරු කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර සහ ගරු පළාත් පාලන සහ ක්‍රීඩා රාජ්‍යය ඇමතිනී ශ්‍රියානි විජේවික්‍රම යන අමාත්‍යතුමන්ලා විශේෂ නිරීක්ෂණ චාරිකාවක් යෙදිණි.
මෙහිදී වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ සහ ආපදා කළමනාකරණ අමාත්‍යතුමා ගේ උපදෙස් මත යුධ, නාවික හමුදා භට පිරිස් සම්බන්ධ කර ගනිමින් අදාල අමුණ ප්‍රතිසංස්කරණය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී. ජනතාවගේ හා දේපල වල ආරක්ෂාව තහවුරු කිරීමටත් කෘෂිකාර්මික කටයුතු සදහා ජලය සංරක්ෂණය කිරීමටත් මෙ මගින් හැකි විය.
24 වන බල සේනාංකාධිපති, නැගෙනහිර නාවික අඥාපති සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ යුධ හමුදා හා නාවික හමුදා නියෝජනය කරමින් නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර අම්පාර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය මෙහි සියලු සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලැබීය.
News & Events
- නිරිතදිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- මියන්මාරයේ සාර්ථක ආපදා සහන මෙහෙයුමකින් අනතුරුව ත්‍රිවිධ හමුදා මානුෂීය සහන කණ්ඩායම යළි දිවයිනට
- මියන්මාරයේ ඇති වූ භූමිකම්පාවෙන් පීඩාවට පත් ජනතාවට මානුෂීය ආධාර
- ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සහන කණ්ඩායම මියන්මාරයේ මානුෂීය කටයුතු අඛණ්ඩව ඉදිරියට
- කඩිනමින් හදිසි ප්‍රතිචාර සේවා සඳහා ත්‍රිවිධ හමුදා විශේෂ කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් වේ.
හදිසි ඇමතුම්
117+94 112 670 002