දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් වැඩීවීමක්

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක් ඇතිවිය හැකි බව කාලගුණ විද්යා
දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත
දකුණු, සබරගමුව මධ්යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 200 ට වැඩි තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව එම නිවේදනයේ සදහන් වේ.
එසේම වයඹ, උතුර, ඌව, සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර් 75 ක පමණ තද වැසි බලාපොරොත්තු විය හැකි බවත් එම නිවේදනයේ සදහන් කර ඇත.
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය වැඩීවීමක්
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක් ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
බස්නාහිර, සබරගමුව, මධ්යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් දකුණු, සබරගමුව මධ්යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 150 ට වැඩි තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව එම නිවේදනයේ සදහන් වේ.
හානිය තක්සේරු කිරීමෙන් පසු අදාල වන්දි මුදල් ගෙවීමට කටයුතු කරනවා.
පසුගිය ආපදා තත්වය නිසා නව දෙනෙක් මිය ගිය ගොස් ඇත. එයින් 06 සුළග නිසා ගස් කඩා වැටීම නිසා මියගිය අතර පාසැල් ළමුන් 02 නකු දියේ ගිළිම නිසා අවාසනාවන්ත ලෙස මිය ගියා. ගිණිගත්හේන ප්රදේශයේ කඩ කීපයක් නායයාම නිසා එක් අයකු මරණයට පත් වුණා. පවතින ආපදා තත්වය හේතුවෙන් බලපෑමට ලක්වීම නිසා පවුල් 56 ක් තවමත් ආරක්ෂිත ස්ථාන වලට යොමු කර තිබෙනවා. නිවාස 25 ක් පුර්ණ වශයෙන් හානිය පත්වූ අතර අර්ධ වශයෙන් හානියට පත්වු නිවාස සංඛ්යාව 3,169 කි. බලපෑමට ලක්වු පුද්ගලයින් සංඛ්යාව දහතුන් දහස් අටසිය ගණනත් බලපෑමට ලක්වී ඇති බව රාජ්යපරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්රාමීය ආර්ථික කටයුතු අමාත්ය රංජිත් මද්දුමබණ්ඩාර අමාත්යතුමා මාධ්ය වෙත අදහස් පළකරමින් පැවසීය.
මරණයට පත්වු සැම පුද්ගලයකුටම රුපියල් 250,000.00 ක වන්දි මුදලක් පිරිනැමීමට කටයුතු කරන බවත්, ඊට අමතරව දැනටමත් රුපියල් 15,000.00 ක මුදලක් විපතට පත් වු පවුල් වෙත ලබාදීමට කටයුතු කර ඇති බවත් අමාත්යතුමා පැවසීය. හානියට පත් නිවාස අලුත්වැඩියා කර ගැනීම සදහා ක්ෂණිකව රුපියල් 10,000.00 බැගින් ලබාදීම සදහා රුපියල් මිලියන 27.0ක් ලබා දී ඇති බවත් හානිය තක්සේරු කිරීමෙන් පසු අදාල වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බවත් අමාත්යාතුමා තවදුරටත් පෙන්වා දෙන ලදී.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නායයාම් අනතුරු ඇගවීම් නිකුත් කෙරේ.
අද දින ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්ව පවතින අධික වැසි තත්වය මත රත්නපුර, (කිරිඇල්ල, කළවාන, රත්නපුර සහ ඇහැලියගොඩ කලාප) කෑගල්ල, (වරකාපොළ, දෙහිඕවිට කලාප) කලුතර (මතුගම, බුලත්සිංහල කලාප) නුවරඑලිය (අඹගමුව කොරළේ) යන දිස්ත්රික්ක වල නායයාම් අවදානම් ප්රාද්ශ සදහා නායයම් අවදානම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත. නායයාම් පුර්ව අනතුරු ඇගවීම් කාලසීමාව තුළ නායයාම් පුර්ව අනතුරු ලක්ෂණ දක්නට ලැබේ නම් ඒ පිළිබද සැළකිලි මත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
රත්නපුර, බලංගොඩ යන ප්රදේශ සදහා නායයාම් අනතුරු ඇගවීම්
අද දින ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පවතින අධික වැසි තත්වය මත රත්නපුර දිස්ත්රික්කයේ රත්නපුර දිස්ත්රික්කයේ රත්නපුර සහ බලංගොඩ යන ප්රාදේශීය ලේකම් කොට්ඨාශ සදහා නායයම් අවදානම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත. නායයාම් පුර්ව අනතුරු ඇගවීම් කාලසීමාව තුළ නායයාම් පුර්ව අනතුරු ලක්ෂණ දක්නට ලැබේ නම් ඒ පිළිබද සැළකිලි මත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඔබ ජීවත් වන ප්රදේශය නායයාම් අවදානම් කලාපයක් වශයෙන් හදුනාගෙන ඇති නම් පහත ලක්ෂණ පිළිබදව සැකිලිමත් වන්න. පොලවේ ඇති වන ඉරිතැලීම්, ගැඹුරට හැරුණ පැලුම් හා පොළවේ ගිලා බැසීම්, ක්රමයෙන් ඇලවී යන ගස්, විදුලි කණු, වැටවල් හෝ දුරකථන කුලුණු ආදි සිරස් විහිදුමක් සහිත ගොඩනැගිලි ආදිය පිළිබදව එමෙන්ම ගොඩනැගිලි බිත්ති ගෙබිම මත ඇතිවන ඉරි තැලීම් පිපුරුම් හා ඒවායේ ක්රමික වර්ධනය වීම සහ එක් වර ජල උල්පත් මතුවීම හෝ පෙර පැවති උල්පත් එකවර සිදී යාම හෝ නැතිවීම ජල උල්පත් වලින් බොර වතුර මතුවීම වැනි ලක්ෂණ දිස් වන්නේ නම් එය නායයාම් ආපදා පුර්ව ලක්ෂණ විය හැකි ය.
මෙවැනි ලක්ෂණ දිස්වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුවත් කර මෙන් ද හැකි ඉක්මනින් අවදානමින් මිදීම සදහා සුදුසු ක්රියාමාර්ග අනුගමනය කරන ලෙස ආපදා කළමනාකරණ මධ්යස්ථානය තවදුරටත් දැනුම් දේ.

News & Events
- Resilience Starts at Home: International Day for Disaster Risk Reduction Commemoration
- 13 සිට ඉදිරි දින කිහිපය තුළවැසි වැඩිවේ – ආපදා කළමනාකරණ මධ්යස්ථානයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
- Official Handing Over of Vehicles to Strengthen Relief and Infrastructure Restoration Efforts During Disasters
- Workshop to Review the "Build Back Better" Guideline for Post-Disaster Recovery
- Multi-Agency Coalition Signs MoU to Operationalize SoP for Flood Anticipatory Action in the Downstream Gal Oya River Basin
හදිසි ඇමතුම්
117+94 112 670 002