කළාපීය සහ ගෝලීය වශයෙන් කොරෝනා රෝග අවදානම ඉහළ මට්ටමක, ලෝක සෞඛ්‍ය සංවිධානය
කොරෝනා වෛරසය පිළිබද ගෝලීය තත්ව වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ දින (01) නිකුත් කරන ලදී. එම තත්ව වාර්තාවට අනුව රෝගය වැළදුන සංඛ්‍යාව ගෝලීය වශයෙන් 11,953 ක් බව තහවුරු කර ඇති අතර පසුගිය පැය විසිහතර තුළ නව රෝගීන් 2,128 වාර්තා වී ඇති බව එම වාර්තාවේ සදහන් වේ. රෝගය වැළදුන සංඛ්‍යාවෙන් පුද්ගයින් 11,821 චීන ජාතියින් බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇත. කොරෝනා වෛරස් වැළදුන සංඛ්‍යාවෙන් 1,795 ක ගේ තත්වය බරපතල බවත් කෙරෝනා වෛරස් තත්වය හේතුවෙන් මරණ 259 ක් වාර්තා වී ඇතැයි ද එම වාර්තාව තවදුරටත් පෙන්වා දේ.
சீனாவில் அதிதீவிரமாக பரவிவரும் கொரோனா வைரஸினால் பாதிக்கப்பட்டு 106 பேர் இறந்துள்ளதாகவும், மேலும் ஏராளமானோர் பாதிக்கப்பட்டுள்ளதாகவும் வெளிநாட்டு ஊடக அறிக்கையில் அறிவிக்கப்பட்டுள்ளது.
மேலும் சீனா தவிர ஆஸதிரேலியா, அமெரிக்கா, பிரான்ஸ், சிங்கப்பூர், ஹாங்கொங், ஜப்பான், தாயலாந்து, தென் கொரியா, நேபாளம்,தைவான், கனடா, ஜெர்மனி மற்றும் வியட்நாம் உட்பட சுமார் 18 நாடுகளில் பதிவாகியுள்ளதாக வெளிநாட்டு ஊடகங்களில் தெரிவிக்கப்பட்டுள்ளது. மேலும் இந்தியாவின் கேரளா உட்பட 04 மாநிலங்களில் கொரோனா வைரஸின் தாக்கத்திற்கு உள்ளாகியிருக்கும் 11 நபர் தொடர்பில் விழிப்புடன் இருப்பதாக அந்நாட்டு ஊடக செய்திகள் வெளியிட்டுள்ளது. அதோடு புதிய கொரோனா வைரஸ் நோயால் பாதிக்கப்பட்டதாக சந்தேகிக்கப்படும் சீனப் பெண் ஒருவர் பரிசோதனைக்காக கொழும்பில் ஐ.டி.எச் மருத்துவமனையில் அநுமதிக்கப்பட்டு பரிசோதனைக்குட்படுத்தப்பட்டு கொரோனா வைரஸ் தாக்கத்திற்கு உள்ளாகியிருப்பதாக உறுதிப்படுத்தப்பட்டுள்ளது. இதன் விளைவாக சீனாவில் பரவி வரும் கொரோனா வைரஸ் குறித்து இலங்கை மக்கள் விழிப்புடன் இருத்தல் வேண்டும்.
නව කොරෝනා වෛරස් අවධානමෙන් මිදීමට ආරක්ෂිත උපදෙස් පිළිපදිමු.
චීනයේ සිග්‍රයෙන් පැතිර යන නව කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් මේ වන විට පුද්ගලයින් 54 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බවත් විශාල සංඛ්‍යාවක් රෝගයට ගොදුරුවූ ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එසේම කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයින් සංඛ්‍යාව දැනට සඳහන් කර සිටින පිරිසට වඩා ඉහළ ගොස් ඇති බවට විද්‍යාඥයින් විශ්වාස කරන බවත් චීනයට අමතරව ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව, ප්‍රංශය, සිංගප්පුරුව, හොංකොං, ජපානය, තායිලන්තය, දකුණු කොරියාව, නේපාලය, තායිලන්තය, තායිවානය වැනි රටවලින් වාර්තා වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඉන්දියාවේ කේරළය ඇතුළු ප්‍රාන්ත 04 කින් ද නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 11 දෙනෙක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව එරට මාධ්‍ය වාර්තා කර ඇත. එසේම මේ වන විට නව කොරෝනා වෛරසයට ගොදුරු වී ඇතැයි සැක කරන දෙදෙනෙකු කොළඹ අයිඩීඑච් රෝහලට ඇතුලත් කර පරීක්ෂණයකට භාජනය කර ඇත. මේ නිසා චීනයේ සීඝ්රයෙන් පැතිර යමින් පවතින මාරාන්තික නව කොරෝනා වෛරස පිළිබඳ මෙරට ජනතාව ද දැඩි අවධානයකින් පසු විය යුතු වේ.
චීනයේ සිග්‍රයෙන් පැතිර යන නව කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් පුද්ගලයින් මේ වන විට පුද්ගලයින් 106 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බවත් විශාල සංඛ්‍යාවක් රෝගයට ගොදුරුවූ ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එසේම කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයින් සංඛ්‍යාව දැනට සඳහන් කර සිටින පිරිසට වඩා ඉහළ ගොස් ඇති බවට විද්‍යාඥයින් විශ්වාස කරන බවත් චීනයට අමතරව ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව, ප්‍රංශය, සිංගප්පුරුව, හොංකොං, ජපානය, තායිලන්තය, දකුණු කොරියාව, නේපාලය, තායිලන්තය, තායිවානය, කැනඩාව, ජර්මනිය, වියට්නාමය ඇතුලු රටවල් 18 කින් පමණ වාර්තා වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඉන්දියාවේ කේරළය ඇතුළු ප්‍රාන්ත 04 කින් ද නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 11 දෙනෙක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව එරට මාධ්‍ය වාර්තා කර ඇත. එසේම මේ වන විට නව කොරෝනා වෛරසයට ගොදුරු වී ඇතැයි සැක කරන චීන ජාතික කාන්තාවක් කොළඹ අයිඩීඑච් රෝහලට ඇතුලත් කර පරීක්ෂණයකට භාජනය කර ඇති අතර ඇයට කොරෝනා රෝගය වැළදී ඇතැයි වාර්තා වේ.
මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්යක්ෂ ජෙනරාල්
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්යක්ෂ ජෙනරාල් වශයෙන් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා අද දින (03) වැඩ භාරගන්නා ලදී. වසර 39 යුධ හමුදා සේවයේ රාජකාරි ඉටුකර ඇති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ශ්‍රී ලංකා යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකි. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හදාරා ඇති ඒ මහතා යුධ හමුදා මාණ්ඩලික විද්‍යාලයේ උපාධිධාරියෙකු ද වේ. පාකිස්ථානු ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් යුධ අධ්‍යයන පිළිබදව ප්‍රථම උපාධියක් සහ පශ්චාද් උපාධියක් හිම්කරගෙන ඇති අතර චීනයේ ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් යුධ සහ දේශපාලන ක්රමෝපායන් පිළිබද උපාධිය ද හිම්කරගෙන ඇත.
වසර 39 ක සේවා කාලය තුළ යුධ ලේකම්, 53 වන සේනාංකාධිපති, ඉංජිනේරු බලකායේ අණදෙන නිළධාරි, කිලිනොච්චි, මුලතිව් සහ බස්නාහිර ආඥාපති, කොළඹ භාර ඒකාබද්ධ ආඥාපති, බෝම්බ නිශ්ක්‍රීය අංශයේ අණදෙන නිළධාරි ඇතුලු තනතුරු රාශියක් හොඹවා ඇති අතර රණවික්‍රම, රණශූර සහ දේශපුත්ර ඇතුලු සේවා ඇගැයීම් පදක්කම් රාශියක් ද හිමි කරගෙන ඇත.
News & Events
- Australian Bureau of Meteorology Delegation Meets Director General of the Disaster Management Centre
- උසස් පෙළ විභාගයට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ජීවිතාරක්ෂක බෝට්ටු නිල වශයෙන් භාරදීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත මානුෂීය සහ සෙවීම් හා ගලවා ගැනීමේ උපකරණ නිල වශයෙන් භාරදෙයි
- ‘සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුම් වැඩසටහන ආරම්භ කරමින් සුපිළිපන් ප්‍රතිඥාව ලබාදීම.
හදිසි ඇමතුම්
117+94 112 670 002




