assume Duties 01ගරු විමලවීර දිසානායක අමාත්‍යතුමා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යධුරයේ අද දින රාජකාරි ආරම්භ කිරීම අද (09) දින ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.ආපදාවකින් පසු විපතට පත්වුවන් සදහා සහන සැළසීම, වන්දි ගෙවීම හෝ ආපදාවක් සිදු වු පසු ඒ සදහා විසදුම් සෙවීමට කටයුතු කරන අතර තුර විපතක් සිදුවීම වළක්වා ගැනීමටත් ආපදාවලට අනුවර්නය වී හැකිතාක් දුරට විපත් අවම කරගැනීම සදහා වු පෙරසුදානම ක්‍රියාවලිය සදහා අමාත්‍යාංශයක් වශයෙන් කටයුතු කළ යුතු බව අමාත්‍යතුමා පෙන්වා දෙන ලදී. එසේම ශාරීරික වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද ශත්කිමත් පුරවැසියෙක් බිහි කිරීම ආපදා කළමනාකරණ යේ දී අවධානය යොමු කළ යුතු බවත් අමාත්‍යතුමා මෙහි දී පෙන්වා දෙන ලදී.

අතිගරු ජනාධිපතිතුමා යටතේ ඇති අමාත්‍යාංශයක රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව අපේක්ෂා කරන ඉලක්ක මුදුන් පමුණුවා ගැනීම සදහා සියලු නිධාරීන්ගේ සහයෝගය සහ කැපවීම අපේක්ෂා කරන බව අමාත්‍යතුමා අවධාරණය කරන ලදී.

 

Tsunami tower Training Kaluthara 3සුනාමි ආපදා තත්වයක දී ශ්‍රී ලංකාවේ වාසය කරන සියලු ජනතාවගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කර ගැනීම සඳහා ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් දිවයිනේ වෙරළ කලාපය ආවරණය වන පරිදි සුනාමි ආපදා පුර්ව අනතුරු ඇගවීමේ සංඥා කුළුණු ස්ථාපිත කර ඇත.අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ මගපෙන්වීම යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් දෛනිකව මෙම කුළුණුවල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සිදු කරනු ලබයි.

සුනාමි ආපදා පුර්ව අනතුරු ඇගවීමේ සංඥා කුළුණු ක්‍රියාකාරීත්වය සහ නඩත්තු කටයුතු විධිමත්ව සිදු කිරීම පිළිබදව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ කලුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකයේ මෙහෙයවීම යටතේ කටුකුරුන්ද - ශාන්ත පිලිප් දේවස්ථානයේ දී පසුගිය දා දෙදින පුහුණු වැඩසටහනක් පවත්වන ලදී.

ශ්‍රි ලංකා යුධ, නාවික හමුදා පොලිස්, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සුනාමි ආපදා පුර්ව අනතුරු ඇගවීමේ සංඥා කුළුණුවල ක්‍රියාකාරීත්වය පිළිබද ස්ථානීයව පරීක්ෂා කිරීම පිළිබදව සහ කුළුණු නඩත්තු කටයුතු පිළිබදව ප්‍රායෝගිකව දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.

Tsunami tower Training Kaluthara 1Tsunami tower Training Kaluthara 2Tsunami tower Training Kaluthara 1

 

 

Inductive training 2022 3ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පැවරී ඇති ජාතික අරමුණු කාර්යක්ෂමව හා ඵලදායී ආකාරයෙන් ඉටු කිරීම ගැනීම අරමුණු කර ගනිමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ උපදෙස් අනුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක භාර සහකාර අධ්‍යක්ෂවරු වශයෙන් අනුයුක් වූ ශ්‍රී ලංකා යුධ, ගුවන් හමුදා නිළධාරීන් පුහුණු කිරීමේ දෙදින වැඩමුලුව අද දින (25) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී ආරම්භ කෙරිණි.

ආපදා කළමනාකරණ නෛතික පසුබිම සහ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබදව මෙන්ම ආයතනික මෙහෙයුම් පටිපාටි පිළිබදව නිළධාරීන් දැනුවත් කිරීම සිදු කෙරේ.

 Inductive training 2022 5  Inductive training 2022 4

 

Estern Province Governer visit  3නැගෙනහිර පළාත තුළ ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් ක්‍රියාත්මක පාලම්පාරු අනතරු අවම කරගනිමින් ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරගැනීම සදහා වන ආරක්ෂිත මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාච්ඡා කිරීම සදහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු අනුරාධා යහම්පත් මහත්මිය අද (25) දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී හමු විය.

අනතුරු අවම කර ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව සාච්ඡා කළ අතර ජනතාවගේ සුරක්ෂිතතාව වෙනුවෙන් භාවිත කිරීම සදහා ආරක්ෂිත කබා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරතුමි වෙත ලබා දීම සිදු කෙරිණි.

  Estern Province Governer visit  2   Estern Province Governer visit  4

Kalutha first Aid programme 24-02-22 6කලුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ ආපදා අවදානම් ප්‍රදේශ වල ජීවත් වන ජනතාවගේ ජීවිත ආපදාවක දී සුරක්ෂිත කිරීම සදහා කටයුුතු කරනු ලබන රාජ්‍ය නිළධාරීන් ප්‍රථමාධාර හා කඳවුරු කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩ ගිය දා (24) සංවිධානය කරන ලදී.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052