
නිරිතදිග මෝසම් කාල සීමාව තුළ ඇතිවිය හැකි ආන්තික කාලගුණික තත්වයන් නොසලකා හැරිය නොහැකි අතර මේ වන විටත් දිස්ත්‍රික්ක 20 කට පවති වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් බලපෑම් එල්ල වී ඇත.
එබැවින් ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම සදහා විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇතිවිය හැකි පිඩා අවම කිරීම සම්බන්ධව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
පවතින ආපදා තත්වය හේතුවෙන් මේ වන විට බලපෑමට ලක්වී ඇති ආකාරය පිළිබදව දත්ත හා තොරතුරු සහ ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව නිරීක්ෂණය කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා නිළධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු කරන ලදී.
වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වෛද්‍ය ක්ෂේත්‍රයට අදාලව ප්‍රජා සෞඛ්‍ය කළමනාකරණය පිළිබඳ පාඨමාලාව හදාරණ වෛද්‍යවරුන් සඳහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ පුහුණු වැඩසටහන අධ්‍යක්ෂ ජනෙරාල්ගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන හදිසි මෙහෙයුම් අංශ ශ්‍රවනාගාරයේදී සැප්තැම්බර් 22 පැවැත්විනි.ආපදා කළමනාකරණ ක්‍රියාවලිය, ආපදා පෙරසුදානම, හදිසි මෙහෙයුම් මැදිරි ක්‍රියාකාරීතවය සහ පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදය පිළිබඳව සිද්ධාන්තික කරුනු සාකච්ඡා කළ අතර හදිසි අවස්ථා කළමනාකරණයේ දී සම්බන්ධීකරණ ක්‍රියාවලිය සිදු කරනු ලබන ආකාරය සහ පුර්ව අනතුරු නිවේදන ආපදා අවදානම් ප්‍රදේශවල ජනතාවට සංනිවේදනය කිරීමේ දී අනුගමනය කරනු ලබන ක්‍රම ශිල්ප පිළිබද පිළිබඳව ප්‍රායෝගික දැනුම ලබාදීම මෙම පුහුණු වැඩමුළුට ඇතුලත් විය.
සුනාමි ආපදාවට මුහුණදීම සදහා කලාපීය රටවලධාරිතාව වර්ධනය කිරීමේ අරමුණින් ඉන්දියානු සාගර කලාපීය සුනාම් අනතුරු ඇඟවීමේ සහ අවමකිරීමේ පද්ධතිය (Indian Ocean Tsunami Warning and Mitigation System-IOTWMS) හා යුනෙස්කෝ (UNESCO) සංවිධානය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ඉන්දීය සාගර කලාපීය සුනාමි ආපදා පෙරහුරු වැඩසටහන ඉන්දියානු සාගර කලාපීය රටවල් 28 ක් සහභාගීවයෙන් ඔක්තෝබර් 04 දින පැවැත්වු අරත කලාපීය සුනාමි පෙරහුරු වැඩසටහනට සමගාමීව“ සුනාමි ආපදා පෙරහුරු ජාතික වැඩසටහන” ඔක්තොබර් 04 දින උදෑසන 9.30 සිට 11.30 දක්වා කාලය තුළ ත්‍රිකුණාමලය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක මුලික කරගනිමින් පැවැත්විනි.

ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ හදිසි මෙහෙයුම් ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම සදහා ඇමරිකා එක්සත් ජනපද වන සංරක්ෂණ සේවාවෙහි (USFS) තාක්ෂණික දායකත්වය සහිතව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) මුල්‍ය දායකත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලැබු සිද්ධි විධාන පද්ධති (Incident Command System-ICS)පිළිබද එක්දින වැඩමුළුව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID)ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය වැඩසටහන් නිලධාරි ඩස්ටින් ෂියාවු මහතාගේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී 14 දින පැවැත්විණි.
News & Events
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය දිට්වා සුළිකුණාටුව සමයේ නාය යාමට ලක්වූ ස්ථාන නීරීක්ෂණය කරයි. 2026-02-17
- සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනයට අනුව දිවයින ආසන්නයේ ඇති පීඩන අවපාතය සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතරින් දිවයිනට
- දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතයක්.
- දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක්
හදිසි ඇමතුම්
117+94 112 670 002




