බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ ගාල්ල දිස්ත්‍රික්කය සඳහා මෙම නිවේදනය වලංගු වේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මවූ ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු සහ තද සුළං ඇති විය හැකි බැවින්, සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට වහාම ක්‍රියාත්මක වන ලෙස ජනතාවට දැනුම් දී තිබේ. පසුගිය පැය 24 තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල මිලිමීටර් 244, වේයන්ගොඩ මිලිමීටර් 238, කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල මිලිමීටර් 230, කෑගල්ල දිස්ත්‍රික්කයේ පඹේගම වතුයාය මිලිමීටර් 181 සහ රත්නපුර දිස්ත්‍රික්කයේ නිරිඇල්ල මිලිමීටර් 171 යන ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් වාර්තාවී ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා-ඇල, කටාන සහ වත්තල සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත්බිම් සහ ඒ හරහා වැටී ඇති මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව අවධාරණය කර ඇත. එසේම කළු ගඟ ද්‍රෝණියට මේ වන විටත වර්ෂාධික තත්ත්වයක් පවතින බවත් ජල මාපක දත්ත විශ්ලේෂණයට අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ කලුගංගා ද්‍රෝණියේ පිහිටි රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත සහ කිරිඇල්ල ප්‍රදේශවල පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් වර්ධනය විය හැකි බව නිවේදනය කර ඇත.
එසේම කැලණි ගංගා ද්‍රෝණියෙහි රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, දෙහිඕවිය, ඇහැලියගොඩ, යටියන්තොට සහ බුලත්කොහුපිටිය යන ප්‍රදේශවල පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් වර්ධනය විය හැකි බව ද වාරිමාර්ග දෙපාරත්මේන්තුව නිවේදනය කර ඇත.
එසේව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පවතින වර්ෂාධික තත්ත්වය සැලකිල්ලට ගනිමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරනියගල රුවන්වැල්ල සහ දෙහිඕවිට රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, කුරුවිට, ඇහැලියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවදානම් කලාපවල ජීවත් වන ජනතාවට නිවාස වලින් ඉවත් වන ලෙස නිවේදනය කර ඇත.
නිරිත දිග මෝසම සක්‍රීයවියසක්‍රීයවීමත් සමග ඇතිවිය හැකි ආපදා අවදානම් තත්ත්වයන් කළමනාකරණය කර ගනීම උදෙසා තාක්ෂණික ආයතන, සහනසේවා සපයන ආයතන සහ හදිසි මෙහෙයුම් සම්බන්ධීකරණ ආයතන වල සහ මානුෂීය ආධාර සම්බන්ධීකරණය කරනු ලබන එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් නියෝජිතායතන ඇතුලු පාර්ශවකාර ආයතනවල පුර්වසූදානම ශක්තිමක් කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද නිරිත දිග මෝසම් පෙරසුදානම් කමිටු රැස්වීම අද දින (05/02) ආපදා කළමනාකරණ අංශ ශ්‍රවනාගාරයදී පැවැත්විණි.
මෝසම් සමය සක්‍රීයවීමත් සමග ඇතිවිය හැකි ආපදා හේතුවෙන් සිදුවිය හැකි හානිය අමව කර ගැනීම සදහා පාර්ශව කාර ආයතනවල පුර්ව සුදානම සොයා බැලීම සහ ඇතිවිය හැකි ආපදා අවදානම හැකිතාක් දුරට අවම ගැනීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමක් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය අනුව මැයි මස අවසන් සතිය වන විට නිරිත දිග මෝසම් සක්‍රීය විය හැකි අතර මේ දින වල පවතින වැසි තත්ත්වය අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් වර්ධනය වු තත්ත්වයක් බවත් වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරි දින කීපය තුළ පැවතිය හැකි බවත් පෙන්වා දෙන ලදී. එසේ වුවද නිරිතදිග මෝසම් තත්ත්වය තුළ දිවයිනේ බොහෝප්‍රෙද්ශවලය සාමන්‍ය අගයට ආසන්න හෝ සාමන්‍ය අගයට වඩා අඩු වර්ෂාපතනයක් බලාපොරොත්තුවිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කරන ලදී.
සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ඇති විය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින් මෙවර සාමාන්‍ය පෙළ විභාගය පවත්වා ගෙනයාම සදහා අවධානය යොමුකරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.
ආපදා හේතුවෙන් සිසුන්ට මුහුණදීමට සිදුවිය හැකි බාධා මග හැරගනිමින් සාර්ථකව විභාගයට මුහුණදීමට අවශ්‍ය යහපත් පරිසරයක් නිර්මාණය කිරීම මෙම සැළසුම ක්‍රියාත්මක කිරීමේ මුලික අරමුණ විය. පෙබරවාරි 07 දින සිට 26 දින දක්වා කාල සීමාව තුළ 2025 වර්ෂයට අදාලව සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අතර නියමිත පරිදි සාමාන්‍ය පෙළ විභාග කාලසීමාවන් තුළ විභාගයට පෙනී සිටින දූදරුවන්ට මෙන්ම විභාග රාජකාරි සඳහා සම්බන්ධ වන නිලධාරීන් හට ආපදා හේතුවෙන් මුහුණුදීමට සිදුවිය හැකි බාධා මග හැරගැනීම සදහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමටත් සියලු පාර්ශ්වකාර ආයතන විසින් ඉටු කළ යුතු වගකීම් මෙම ඒකාබද්ධ සැලැස්මට ඇතුලත් කර ඇත.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුලු ආපදා කළමනාකරණ ක්‍රියාවලිය හා සම්බන්ධ පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණයෙන් විභාගය පැවැත් වෙන කාල සීමාව තුළ ඇතිවිය හැකි බාධා කළමනාකරණය කර ගැනීම සදහා මෙම විශේෂ වැඩසටහන විභාග දෙපාර්තමේන්තුව සමග එක්ව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාධානය විසින් සම්බධීකරණය කරනු ලබන අතර සියලු පාර්ශවකාර ආයතන විසින් ඉටු කළ යුතු කාර්යය භාරය ඇතුලත් මාර්ගෝපදේශ අදාල අංශ වෙත මේ වන විටත් නිකුත් කිරීමට ආපදා කළමනාකරණ මදයස්ථානය කටයුතු කර ඇත.
යම් සිදු දරුවකුට ආපදාවක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාකාරී තත්ත්ව මග හරවා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරිය තුළ විශේෂ ඒ්කාබද්ධ මෙහෙයුම් යාන්ත්‍රණයක් ස්ථාපිත කෙරුනු අතර ඊට අමතරව සිසු දරුවන් හට මුහුණු පෑමට සිදුවන ගැටලුකාරී තත්ත්වයන් කළමනාකරණ කරගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 සහ විභාග දෙපාර්තමේන්තු හදිසි ඇමතුම් අංක 1911 යන දුරකථන අංක වෙන් කර ඇත. ඊට අමතරව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙහි හදිසි මෙහෙයුම් මැදිරිය තුළ ස්ථාපිත කර ඇති ජාතික විභාග හදිසි මෙහෙයුම් ඒකකය විශේෂ ඇමතුම් අංක ඩ 113 668 010, 113 668 013, 113 668 020 සහ 113 668 100 යන දුරකථන වලට දැනුම්දීමෙන් අවශ්‍ය සම්බන්ධීකරණ සහාය ලබාගක හැක.
සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ඇති විය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගැනීමේ මාර්ගෝපදේශය පහතින් භාගත කළ හැකිය.
අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගැනීමේ මාර්ගෝපදේශය













ආපදා තත්ත්වයෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සහ අනාගත සහාය පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් තෙදින නිළ සංචාරයක් සඳ ශ්‍රී ලංකාවට පැමිණි සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ඇතුළු නියෝජිත කණ්ඩායම 2026 පෙබරවාරි 17 වන 'දිටිවා' සුළි කුණාටුවෙන් හානියට පත් ප්‍රදේශ නිරීක්ෂණය කිරීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ඒ් අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඊයේ දින (17) දිට්වා සුළිකුණාටුව සමයේ නාය යාමට ලක්වූ මහනුවර දිස්ත්‍රික්කයේ උඩපලාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවතුර ග්‍රාමයේ නිරීක්ෂණය කළාය.
විපතට පත් ජනතාව සමග අදහස් හුවමාරු කරගත් ජෝර්ජිවා මහත්මිය, ඔවුන්ට සිය සංවේගය පළ කළාය. මෙවැනි ව්‍යසනකාරි අවස්ථාවකදී රජය ක්‍රියාත්මක කළ කඩිනම් සහන වැඩපිළිවෙල පිළිබඳව සතුට පළ කළ ජෝර්ජිවා මහත්මිය එහිදී ජනතාව දැක්වූ අසීමිත ධෛර්යය, කැපවීම හා එකමුතු බවද අගය කළාය.
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. 2026 ජනවාරි 09 වන දින පෙ.ව. 06.00 වන විට මෙම කාලගුණ පද්ධතිය මඩකලපුව සිට කිලෝමීටර් 170 ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා ඇති බවන් මෙම පද්ධතිවය වයඹ දෙසට ගමන් කරමින් අද (09) සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර වෙරළ තීරයෙන් දිවයිනට ඇතුළු වීමට බොහෝ දුරට ඉඩ පවතින බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මෙම පද්ධතිය හේතුවෙන් උතුර, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ජනවාරි 09 වන දින පැයට කිලෝමීටර් 50-60 ත් අතර ඉතා තද සුළං ඇති විය හැකි අතර විටින් විට පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යාමේ අවදානමක් පවතී. මීට අමතරව බස්නාහිර, වයඹ, ඌව සහ මධ්‍යම පළාත්වල ද විටින් විට පැයට කිලෝමීටර් 50-60 පමණ දක්වා වන තද සුළං ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇති අතර ජනවාරි 10 සහ 11 යන දිනවලදී මෙම සුළං තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි පුරෝකථනය කර ඇත.
News & Events
- පවතින අයහපත් කාලගුණික තත්ත්යවය පිළිබද සැලකිලිමත් වන්න.
- නිරිතදිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය දිට්වා සුළිකුණාටුව සමයේ නාය යාමට ලක්වූ ස්ථාන නීරීක්ෂණය කරයි. 2026-02-17
- සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනයට අනුව දිවයින ආසන්නයේ ඇති පීඩන අවපාතය සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතරින් දිවයිනට
හදිසි ඇමතුම්
117+94 112 670 002




