අවදානම් නිවේදන අනුව කටයුතු කරන්න
පැවති අධික වර්ෂාව හේතුවෙන් කදු බැවුම් අස්ථාවර වීමට වැඩි ප්‍රවණතාවක් දක්වන බැවින් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, වල්ලාවිට, මතුගම, අගලවත්ත යන ප්‍රාදේශිය ලේකම් කොධ්ධාශසවලට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නියාගම, නාගොඩ, ඉමදූව සහ බද්දේගම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වලට නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇත. ඒ අනුව එම ප්‍රෙද්ශවල නායයාම් අවදානම් කලාපවල ජීවත් වන ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන කරා ඉවත් විය යුතු බවට අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා පැවසීය .
ඉදිරි දින දෙක තුළ වැසි තත්වය අඩුවීමක් බලාපොරොත්තුවිය හැක

ඊයේ දින තෙක් දකුණ,රත්නපුර,හංවැල්ල හා කඵතර යන ප්‍රදේශ වලට සාමන්‍ය මි.මී 150 කට ආසන්න වැසි වාර්තා වුණු අතර ගිං ගඟ ආශ්රිත ප්‍රදේශ වලට මි.මී 150 ත් 200 ක් පමණ වඩා වැඩි වර්ෂා පතනයක් වාර්තා වී ඇත. බස්නාහිර හා දකුණු පලාත්වල පවතින තද වැසි අද රාත්‍රියෙන් පසුව ක්‍රමයෙන් අඩුවන ලකුණු ඇති අතර තාවකාලික අඩුවුවද ඉදිරියේ දී අන්තර් මෝසම් කාලගුණය නිසාවෙන් හවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ අනුෂා වර්ණසුරිය මහත්මිය ප්‍රකාශ කරන ලදී.
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් වැඩීවීමක්

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා
දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත
දකුණු, සබරගමුව මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 200 ට වැඩි තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව එම නිවේදනයේ සදහන් වේ.
එසේම වයඹ, උතුර, ඌව, සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර් 75 ක පමණ තද වැසි බලාපොරොත්තු විය හැකි බවත් එම නිවේදනයේ සදහන් කර ඇත.
ඉදිරි දින දෙක තුළ වැසි තත්වය බලාපොරොත්තුවිය හැක - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

අද (2019.09.23) උදෑසන 8.30 සිට මේ වන තෙක් දකුණ,රත්නපුර,හංවැල්ල හා කඵතර යන ප්‍රදේශ වලට සාමන්‍ය මි.මී 100 කට ආසන්න වැසි වාර්තා වුණු අතර ගිං ගඟ ආශ්රිත ප්‍රදේශ වන සිරකඳුර,වඳුරඹ සහ හෑගොඩ යන ප්‍රදේශ වලට මි.මී 150 වඩා වැඩි වර්ෂා පතනයක් වාර්තා වී ඇති අතර බදාදා වනතෙක් මෙම වැසි තත්වය බලාපොරොත්තුවිය හැකි වන බවත් අද රාත්‍රියේ සහ හෙට දින වර්ෂාව වැඩි වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ අනුෂා වර්ණසුරිය මහත්මිය ප්‍රකාශ කරන ලදී.
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය වැඩීවීමක්
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් දකුණු, සබරගමුව මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 150 ට වැඩි තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව එම නිවේදනයේ සදහන් වේ.
News & Events
- උසස් පෙළ විභාගයට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ජීවිතාරක්ෂක බෝට්ටු නිල වශයෙන් භාරදීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත මානුෂීය සහ සෙවීම් හා ගලවා ගැනීමේ උපකරණ නිල වශයෙන් භාරදෙයි
- ‘සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුම් වැඩසටහන ආරම්භ කරමින් සුපිළිපන් ප්‍රතිඥාව ලබාදීම.
- ආයතනික ආපදා කළමනාකරණ සැලසුම් (IDMPs) සකස් කිරීම පිළිබඳ රැස්වීම
Call Center
117+94 112 670 002




