ඉදිරි දින දෙක තුළ වැසි තත්වය බලාපොරොත්තුවිය හැක - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
අද (2019.09.23) උදෑසන 8.30 සිට මේ වන තෙක් දකුණ,රත්නපුර,හංවැල්ල හා කඵතර යන ප්‍රදේශ වලට සාමන්‍ය මි.මී 100 කට ආසන්න වැසි වාර්තා වුණු අතර ගිං ගඟ ආශ්‍රිත ප්‍රදේශ වන සිරකඳුර,වඳුරඹ සහ හෑගොඩ යන ප්‍රදේශ වලට මි.මී 150 වඩා වැඩි වර්ෂා පතනයක් වාර්තා වී ඇති අතර බදාදා වනතෙක් මෙම වැසි තත්වය බලාපොරොත්තුවිය හැකි වන බවත් අද රාත්‍රියේ සහ හෙට දින වර්ෂාව වැඩි වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුෂා වර්ණසුරිය මහත්මිය ප්‍රකාශ කරන ලදී.
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් වැඩීවීමක්
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා
දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත
දකුණු, සබරගමුව මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 200 ට වැඩි තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව එම නිවේදනයේ සදහන් වේ.
එසේම වයඹ, උතුර, ඌව, සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර් 75 ක පමණ තද වැසි බලාපොරොත්තු විය හැකි බවත් එම නිවේදනයේ සදහන් කර ඇත.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නායයාම් අනතුරු ඇගවීම් නිකුත් කෙරේ.
අද දින ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්ව පවතින අධික වැසි තත්වය මත රත්නපුර, (කිරිඇල්ල, කළවාන, රත්නපුර සහ ඇහැලියගොඩ කලාප) කෑගල්ල, (වරකාපොළ, දෙහිඕවිට කලාප) කලුතර (මතුගම, බුලත්සිංහල කලාප) නුවරඑලිය (අඹගමුව කොරළේ) යන දිස්ත්‍රික්ක වල නායයාම් අවදානම් ප්‍රාද්ශ සදහා නායයම් අවදානම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත. නායයාම් පුර්ව අනතුරු ඇගවීම් කාලසීමාව තුළ නායයාම් පුර්ව අනතුරු ලක්ෂණ දක්නට ලැබේ නම් ඒ පිළිබද සැළකිලි මත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය වැඩීවීමක්
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් දකුණු, සබරගමුව මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 150 ට වැඩි තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව එම නිවේදනයේ සදහන් වේ.
හානිය තක්සේරු කිරීමෙන් පසු අදාල වන්දි මුදල් ගෙවීමට කටයුතු කරනවා.
පසුගිය ආපදා තත්වය නිසා නව දෙනෙක් මිය ගිය ගොස් ඇත. එයින් 06 සුළග නිසා ගස් කඩා වැටීම නිසා මියගිය අතර පාසැල් ළමුන් 02 නකු දියේ ගිළිම නිසා අවාසනාවන්ත ලෙස මිය ගියා. ගිණිගත්හේන ප්‍රදේශයේ කඩ කීපයක් නායයාම නිසා එක් අයකු මරණයට පත් වුණා. පවතින ආපදා තත්වය හේතුවෙන් බලපෑමට ලක්වීම නිසා පවුල් 56 ක් තවමත් ආරක්ෂිත ස්ථාන වලට යොමු කර තිබෙනවා. නිවාස 25 ක් පුර්ණ වශයෙන් හානිය පත්වූ අතර අර්ධ වශයෙන් හානියට පත්වු නිවාස සංඛ්‍යාව 3,169 කි. බලපෑමට ලක්වු පුද්ගලයින් සංඛ්‍යාව දහතුන් දහස් අටසිය ගණනත් බලපෑමට ලක්වී ඇති බව රාජ්‍යපරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යතුමා මාධ්‍ය වෙත අදහස් පළකරමින් පැවසීය.
මරණයට පත්වු සැම පුද්ගලයකුටම රුපියල් 250,000.00 ක වන්දි මුදලක් පිරිනැමීමට කටයුතු කරන බවත්, ඊට අමතරව දැනටමත් රුපියල් 15,000.00 ක මුදලක් විපතට පත් වු පවුල් වෙත ලබාදීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යතුමා පැවසීය. හානියට පත් නිවාස අලුත්වැඩියා කර ගැනීම සදහා ක්ෂණිකව රුපියල් 10,000.00 බැගින් ලබාදීම සදහා රුපියල් මිලියන 27.0ක් ලබා දී ඇති බවත් හානිය තක්සේරු කිරීමෙන් පසු අදාල වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යාතුමා තවදුරටත් පෙන්වා දෙන ලදී.
News & Events
- කොරියානු තානාපති කාර්යාල නියෝජිත පිරිසක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කරයි.
- නිරිතදිග මෝසම් වර්ෂාව හේතුවෙන් හට ගන්නාගංවතුරපෙරහුරුඅභ්යාසය
- නිරිතදිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- මියන්මාරයේ සාර්ථක ආපදා සහන මෙහෙයුමකින් අනතුරුව ත්‍රිවිධ හමුදා මානුෂීය සහන කණ්ඩායම යළි දිවයිනට
- මියන්මාරයේ ඇති වූ භූමිකම්පාවෙන් පීඩාවට පත් ජනතාවට මානුෂීය ආධාර
Call Center
117+94 112 670 002