පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නායයාම් අනතුරු ඇගවීම් නිකුත් කෙරේ.

Landslide Warningඅද දින ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්ව පවතින අධික වැසි තත්වය මත රත්නපුර, (කිරිඇල්ල, කළවාන, රත්නපුර සහ ඇහැලියගොඩ කලාප)  කෑගල්ල, (වරකාපොළ, දෙහිඕවිට කලාප) කලුතර (මතුගම, බුලත්සිංහල කලාප) නුවරඑලිය  (අඹගමුව කොරළේ) යන  දිස්ත්‍රික්ක වල නායයාම් අවදානම් ප්‍රාද්ශ සදහා නායයම් අවදානම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත. නායයාම් පුර්ව අනතුරු ඇගවීම් කාලසීමාව තුළ නායයාම් පුර්ව අනතුරු ලක්ෂණ දක්නට ලැබේ නම් ඒ පිළිබද සැළකිලි මත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී. 

හානිය තක්සේරු කිරීමෙන් පසු අදාල වන්දි මුදල් ගෙවීමට කටයුතු කරනවා.

press 2019-07-22පසුගිය ආපදා තත්වය නිසා නව දෙනෙක් මිය ගිය ගොස් ඇත. එයින් 06 සුළග නිසා ගස් කඩා වැටීම නිසා මියගිය අතර පාසැල් ළමුන් 02 නකු දියේ ගිළිම නිසා අවාසනාවන්ත ලෙස මිය ගියා. ගිණිගත්හේන ප්‍රදේශයේ කඩ කීපයක් නායයාම නිසා එක් අයකු මරණයට පත් වුණා. පවතින ආපදා තත්වය හේතුවෙන් බලපෑමට ලක්වීම නිසා පවුල් 56 ක් තවමත් ආරක්ෂිත ස්ථාන වලට යොමු කර තිබෙනවා. නිවාස 25 ක් පුර්ණ වශයෙන් හානිය පත්වූ අතර අර්ධ වශයෙන් හානියට පත්වු නිවාස සංඛ්‍යාව 3,169 කි. බලපෑමට ලක්වු පුද්ගලයින් සංඛ්‍යාව දහතුන් දහස් අටසිය ගණනත් බලපෑමට ලක්වී ඇති බව රාජ්‍යපරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යතුමා මාධ්‍ය වෙත අදහස් පළකරමින් පැවසීය.
මරණයට පත්වු සැම පුද්ගලයකුටම රුපියල් 250,000.00 ක වන්දි මුදලක් පිරිනැමීමට කටයුතු කරන බවත්, ඊට අමතරව දැනටමත් රුපියල් 15,000.00 ක මුදලක් විපතට පත් වු පවුල් වෙත ලබාදීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යතුමා පැවසීය. හානියට පත් නිවාස අලුත්වැඩියා කර ගැනීම සදහා ක්ෂණිකව රුපියල් 10,000.00 බැගින් ලබාදීම සදහා රුපියල් මිලියන 27.0ක් ලබා දී ඇති බවත් හානිය තක්සේරු කිරීමෙන් පසු අදාල වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යාතුමා තවදුරටත් පෙන්වා දෙන ලදී.

අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 02 ක් විවෘත කෙරේ.

downloadපවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ලක්ෂපාන ජලවිදුලි බලාගාරයේ වාන් දොරටු  02 ක් විවෘත කළ බව කාර්ය භාර ඉංජිනේරු මහතා දැනුම් දී ඇත. විශේෂයෙන්ම කැලණි ගංගාව ආශ්‍රිත පහත් නිම්න ප්‍රදේශවල ජීවත් වන ජනතාව සහ දෛනික කටයුතු වලදී කැලණි ගංගාවේ ජලය පාවිච්චි කරන ජනතාව මේ පිළිබද සැළකිලිමක් වන ලෙස ආපදා කළමනාකරණ මධයස්ථානය දැනුම්දේ. එසේම විනෝද චාරිකාවල යෙදෙන පිරිස් ගංගා ආශ්‍රිතව නැමේ දී මෙන්ම වෙරළ තීරයේ දියනෑමේ දී පවතින කාලගුණික තත්වය පිළිබදව වඩාත් සැළකිළිමක් වන ලෙස තවදුරටත් දැනුම් දෙනු ලැබේ.

ඔබට මේ පිළබදව යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් මැදිරි අංක 117 අමතා විස්තර ලබාගත හැක. 

රත්නපුර, බලංගොඩ යන ප්‍රදේශ සදහා නායයාම් අනතුරු ඇගවීම්

Landslide Warningඅද දින ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පවතින අධික වැසි තත්වය මත රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ බලංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සදහා නායයම් අවදානම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත. නායයාම් පුර්ව අනතුරු ඇගවීම් කාලසීමාව තුළ නායයාම් පුර්ව අනතුරු ලක්ෂණ දක්නට ලැබේ නම් ඒ පිළිබද සැළකිලි මත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී. 

ඔබ ජීවත් වන ප්‍රදේශය නායයාම් අවදානම් කලාපයක් වශයෙන් හදුනාගෙන ඇති නම් පහත ලක්ෂණ පිළිබදව සැකිලිමත් වන්න. පොලවේ ඇති වන ඉරිතැලීම්, ගැඹුරට හැරුණ පැලුම් හා පොළවේ ගිලා බැසීම්, ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි කණු, වැටවල් හෝ දුරකථන කුලුණු ආදි සිරස් විහිදුමක් සහිත ගොඩනැගිලි ආදිය පිළිබදව එමෙන්ම ගොඩනැගිලි බිත්ති ගෙබිම මත ඇතිවන ඉරි තැලීම් පිපුරුම් හා ඒවායේ ක්‍රමික වර්ධනය වීම සහ එක් වර ජල උල්පත් මතුවීම හෝ පෙර පැවති උල්පත් එකවර සිදී යාම හෝ නැතිවීම ජල උල්පත් වලින් බොර වතුර මතුවීම වැනි ලක්ෂණ දිස් වන්නේ නම් එය නායයාම් ආපදා පුර්ව ලක්ෂණ විය හැකි ය. 

මෙවැනි ලක්ෂණ දිස්වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ  සංවිධානය දැනුවත් කර මෙන් ද හැකි ඉක්මනින් අවදානමින් මිදීම සදහා සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් දැනුම් දේ. 

රත්නපුර, බලංගොඩ යන ප්‍රදේශ සදහා නායයාම් අනතුරු ඇගවීම්

අද දින ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පවතින අධික වැසි තත්වය මත රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ බලංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සදහා නායයම් අවදානම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත. නායයාම් පුර්ව අනතුරු ඇගවීම් කාලසීමාව තුළ නායයාම් පුර්ව අනතුරු ලක්ෂණ දක්නට ලැබේ නම් ඒ පිළිබද සැළකිලි මත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඔබ ජීවත් වන ප්‍රදේශය නායයාම් අවදානම් කලාපයක් වශයෙන් හදුනාගෙන ඇති නම් පහත ලක්ෂණ පිළිබදව සැකිලිමත් වන්න. පොලවේ ඇති වන ඉරිතැලීම්, ගැඹුරට හැරුණ පැලුම් හා පොළවේ ගිලා බැසීම්, ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි කණු, වැටවල් හෝ දුරකථන කුලුණු ආදි සිරස් විහිදුමක් සහිත ගොඩනැගිලි ආදිය පිළිබදව එමෙන්ම ගොඩනැගිලි බිත්ති ගෙබිම මත ඇතිවන ඉරි තැලීම් පිපුරුම් හා ඒවායේ ක්‍රමික වර්ධනය වීම සහ එක් වර ජල උල්පත් මතුවීම හෝ පෙර පැවති උල්පත් එකවර සිදී යාම හෝ නැතිවීම ජල උල්පත් වලින් බොර වතුර මතුවීම වැනි ලක්ෂණ දිස් වන්නේ නම් එය නායයාම් ආපදා පුර්ව ලක්ෂණ විය හැකි ය.

මෙවැනි ලක්ෂණ දිස්වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ  සංවිධානය දැනුවත් කර මෙන් ද හැකි ඉක්මනින් අවදානමින් මිදීම සදහා සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් දැනුම් දේ.

මන්නාරම සිට පොතුවිල් දක්වා මුහුදු කළාපයේ ධීවර කටයුතු වලින් වළකින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

fishing-boaතද සුළං සහ රළු මුහුදු ස්භාවය නිසා මන්නාරම සිට පොතුවිල් දක්වා මුහුදු කළාපයේ ධීවර කටයුතු වලින් වළකින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (17) දින නිවේදනය කර ඇත. මෙම කලාප 
සදහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබදව පිළිබද අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව ජූලි මස 17 වන දින සිට 20 දින දක්වා මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 70-80 දක්වා වු තද සුළං ඇතිවිය හැකි බව බව නිවේදනයේ සදහන් වේ. මේ නිසා මෙම මුහුදු කළාපයේ ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස ධීවර ප්‍රජාවට අවවාද කර ඇත. එසේම මෙම මුහුදු කලාපයේ නාවුක කටයුතු වල යෙදෙන පිරිස ඒ පිළිබදව දැඩි අවධාදයෙන් යුතුව කටයුතු කරන මෙන් එම නිවේදනයේ තවදුරටත් සදහන් වේ.

මේ පිළිබදව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079