වනාන්තර ගිණි ගැනීමක් හඳුනාගත් ඕනෑම අවස්ථාවක හැකි ඉක්මනින් වගකිය යුතු ආයතන දැනුවත් කරන ලෙස අතිරේක වන සංරක්ෂණ ජනරාල් ලාල් අඹේගුණසේකර මහතා විසින් මහජනතාවගෙන් ඉල්ලා සිටින ලදි. තවද වනාන්තර ගිණි තැබීම් සඳහා රු.ලක්ෂයේ සිට ලක්ෂ පහකට නොවැඩි දඩයකට යටත් වන බවත් හුදෙක් දඩුවමකට වඩා දැනුවත් කිරීම තුළින් වනාන්තර ආරක්ෂා කළ යුතු බවත් අතිරේක වන සංරක්ෂණ ජනරාල්තුමා පෙන්වා දෙන ලදි.
එසේම දැනට පවතින ප්‍රධාන ගැටළුවක් ලෙස වනානතර ගිණී තැබීම් හඳුනා ගෙන ඇති බවත් වන සංරක්ෂණ දෙපාර්තෙම්න්තු දිස්ත්‍රික් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක, ත්‍රිවිධ හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය සම්බන්ධීකරණය කරගෙන මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන බව අවධාරණය කරන ලදි.
පවතින වියලි කාලගුණික තත්වය තුළ පුද්ගලයින්ට විවිධ හැකි සංකූලතා ඇතිවීම සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වු නිසා ඒ් සදහා අවශ්‍ය වන පෙරසුදානම් කටයුතු සැලසුම් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. විශේෂයෙන්ම පවතින නියං කාළගුණික තත්වය සහ අධික උෂ්ණත්වය නිසා විවිධ රෝගාබාධ ඇතිවිය හැකි බව පෙන්වා දෙන අතර නියං කාළගුණික තත්වය සහ අධික උෂ්ණත්වය යන තත්වයන් දෙකේ දීම කුඩා ළමුන් වඩාත් බලපෑමට ලක්වන සෞඛ්‍ය අමාත්‍යාංයේ ආපදා කළමනාකරණ සම්බන්ධිකරණ ඒකයේ අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
ජලය හිගකම නිසා පිරිසුදු ජලය අඩුවීමත් අපිරිසිදු ජලය පානය කිරීමට සිදුවීමත් අපේක්ෂා කළ හැකි බවත් ඒ් නිසා පාචනය වැනි රෝග තත්වයන් ද වැළදිය හැකි බව පෙන්ජවාදුන්ල ඒ්යෙ මහතා ජලය නිසා බෝවන රෝග අවම කර ගැනීම සදහා ජලය උනුකර පානය කිරීමට කටයුතු කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.
අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව මතින් නිදහස් රටක් වෙනුවෙන් “බක්මහ දිවුරුම” වැඩසටහන යටතේ රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය අද (04) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී මතින් නිදහස් රටක් බිහිකිරීම සදහා කැපවන බවට දිවුරා ප්‍රතිඥා ලබා දෙන ලදී.
මීට සමගාමීව රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයයේ නිළධාරීන් සම්බන්ධ කරගනිමින් මත්ද්‍රව්‍ය භාවිතය සහ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද දැනුවත් කිරීමේ වැඩ සටහනක් ද සංවිධානය කෙරිණි.
උණුසුම් කාලගුණික තත්යට එලබෙන මැයි මායසේ දී ද බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසයි. මේ දිනවල සුර්යා ශ්‍රී ලංකාවට මුදුන් වී ඇත. මේ තත්වය පහව යන්නේ අප්‍රේල් 15 වන බැවින් අධික සුර්ය ශක්තියක් දිවයිනට ලැබෙන බවත් ඒ නිසා දිවයින අවට ඇති ජලාශවල ජලය වාෂ්පීකරණයෙන් වීම නිසා වායුගෝලයට ජලවාෂ්ප වැඩි ප්‍රමාණයක් එකතු වෙන බවත් පෙන්වා දෙන ලදී.
2019 මාර්තු 26 දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්යක්ෂ ජෙනරාල් වශයෙන් ඩබ්ලිව්. ඒ ධර්මසිරි මහතා වැඩ භාරගන්නා ලදී. ඩබ්ලිව්. ඒ ධර්මසිරි මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 21 සේවා කාලයක් සහිත විශේෂ ශ්‍රේණියේ නිළධාරියෙකි. නව ධුරයට පෙර ඒ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධූරය දරන ලදී.
1998 ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වු ඒ මහතා වසර 21 ක කාල සීමාව තුළ දිස්ත්‍රික් සමෘධි අධ්යක්ෂ, දකුණු පළාත් සමුපකාර කොමසාරිස්, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික් අතිරේක ලේකම්, නීතිය හා සාමය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, හම්බන්තොට දිස්ත්‍රික් වැඩබලන දිස්ත්‍රික් ලේකම් ඇතුලුව ප්‍රාදේශීය, දිස්ත්‍රික්, පළාත් සහ ජාතික මට්ටමේ තනතුරු රාශියක් හොඹවා ඇත.
News & Events
- මුහුදුරළ ගොඩබිමට පැමිණිමෙන් දක්ෂිණ වෙරළබඩ මාර්ගයේ සිදුවු ගමණාගමන අවහිරතා යථාතත්වයට පත් කිරිම.
- අන්තර්ජාතික සෙවීම් මුදවාගැනීමේ උපදේශක කණ්ඩායම් (INSARAG) පුහුණු කිරීමේ පාඨමාලාව.
- Stakeholder consultation to validate the handbook on Gender, Sexual and Gender Based Violence in Disasters
- පුත්තලම නගර සීමාවෙහි ජලය බැස යන කානු පද්ධති ඩ්‍රෝන යානා මගින් නිරීක්ෂණය කිරීම
- Meeting on Conducting Program Related to Humanitarian Assistance and Disaster Relief (HADR)
Call Center
117+94 112 670 002