වෙසක් පොහොය නිමිත්තෙන් ධර්ම දේශනයක්.
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය හෙටට(18) යෙදී ඇත. ලොවුතුරා අමාමෑණී බුදු රජාණන් වහන්සේගේ තෙමගුල වෙසක් පොහොය දිනක යෙදී ඇති බැවින් ආමිස සහ ප්‍රතිපත්ති පුජාවලට මුල් තැන දෙමින් ලෝක වාසී බෞද්ධ ජනතාව වෙසක් දිනය සමරනු ලබයි.
‘ෆොනී’සුළි කුණාටුවේ බලපෑම ක්‍රමයෙන් පහවෙමින් පවතින පවතී.
මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අතිශයින් චන්ඩ ‘ෆොනී’ සුළි කුණාටුව අද (03) වන විට යාපනයට ඊසාන දෙසින් කි.මී 1250 ක් පමණ දුරින් උතුරු අක්ෂාංශ 19º.6' ත් නැගෙනහිර දේශාංශ 85º.7' ත් ආසන්නව ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මෙම පද්ධතිය නිසා දිවයිනට වන බලපෑම ක්‍රමයෙන් පහවෙමින් පවතින බව එම නිවේදනටය් සදහන් වේ.
ශ්‍රී ලංකාවට මන්නාරම සිට කන්කසන්තුරය, මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල පැයට කි.මි 50-60 දක්වා වන සුළං හැමිය හැකි අතර මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා ගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට පැයට කි.මි 70 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බවත් එම මුහුදු ප්‍රදේශ ඉතා රළුවිය හැකි බවත් නිවේදනය කර ඇත.
පද්ධතියේ කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 300 ක් දක්වා මුහුදු ප්‍රදේශයේ සුළං වේගය පැයට කි.මි 120 ත් 150 ත් දක්වා වැඩිවිය හැකි බැවින් ශ්‍රී ලංකාවට උතුරු සහ ඊසානදෙසින් වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධිවර සහ නාවික කටයුතු වලින් වළකින ලෙස ධීවරයන්ට උපදෙස් දී ඇත.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇත. එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමටත් හැකියාවක් පවතින බවත් අප්‍රේල් මස 27 දින සිට මැයි මස 03 දින දක්වා මෙහි බලපෑම නිසා අයහපත් කාලගුණික තත්වයක් නිර්මාණය වියහැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මේ පිළිබදව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද දින (26) රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාරණ අමාත්‍ය ගරු රජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යතුමාගේ ප්‍රදානත්වයෙන් ආපදා කළමනාකරණ අමත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි.
දිවයිනට ගිණිකොණ දිශාවෙන් පොතුවිල්වල සිට කිලෝමිටර 1150 දුරින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වි ඇති බවත් එය සුලිකුණාටුවක් බවටත් වර්ධනයවීමේ හැකියාවක් ඇතිවිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතුල කරුණාරත්න මහතා සදහන් කරයි. ඒනිසා අපරභාගයේදි හෝ සන්ධ්යකාලයේදි වැසි සහිත තත්වයක් අද සහ හෙට දිනයේදි පැවතිය ද අප්‍රේල් මස 28, 29 හා 30 දින වල සිට මේ තත්වය වෙනස්වන බව ඒ මහතා පෙන්වා දේ.
අප්‍රේල් මස 25 වන දින වන විට සමකය ආසන්නයේ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
ඇතිවිය හැකි ව්‍යයසන තත්වයන් පිළිබදව ජනතාව සැළකිලිමත් වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන කාලගුණ නිවේදන පිළිබදව අවධානය යොමුකරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් සහ ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.
News & Events
- මුහුදුරළ ගොඩබිමට පැමිණිමෙන් දක්ෂිණ වෙරළබඩ මාර්ගයේ සිදුවු ගමණාගමන අවහිරතා යථාතත්වයට පත් කිරිම.
- අන්තර්ජාතික සෙවීම් මුදවාගැනීමේ උපදේශක කණ්ඩායම් (INSARAG) පුහුණු කිරීමේ පාඨමාලාව.
- Stakeholder consultation to validate the handbook on Gender, Sexual and Gender Based Violence in Disasters
- පුත්තලම නගර සීමාවෙහි ජලය බැස යන කානු පද්ධති ඩ්‍රෝන යානා මගින් නිරීක්ෂණය කිරීම
- Meeting on Conducting Program Related to Humanitarian Assistance and Disaster Relief (HADR)
Call Center
117+94 112 670 002