හදිසි ආපදාවක බලපෑමට ලක් වු ජීවිත බේරාගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබදව දීප ව්‍යාප්ත මට්ටමින් මහ ජනතාව දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කටයුතු කරනු ලැබේ. ඒ අනුව ගිනි ආපදාවක දී සිදුවිය හැකි ජීවිත හා දේපල හානිය අවමකර ගැනීම සදහා විධිමත් ක්‍රමවේ ද අනුගමනය කිරීම පිළිබදව මහජනතාව, රාජ්‍ය නිළධාරින්, ආරක්ෂක අංශ දැනුවත් කිරීම අරමුණු කරගනිමින් ගිනි ආරක්ෂණය පිළිබද දැනුවත් කිරීමේ පෙරහුරු වැඩසටහන් මාලාවක් අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරේපත්තු සහ සමන්තුරේ නගර ආශ්‍රිතව පසුගිය දා සංවිධානය කරන ලදී.
ගම්පහ දිස්ත්‍රික්කයේ යුධ හමුදා සෙවීම් හා මුදවාගැනීම් කණ්ඩායම් සඳහා ජීවිතාරක්ෂක පුහුණු වැඩසටහනක් මීරිගම මා ඔය වැව ආශ්‍රිතව පසුගිය දා පවත්වන ලදී.
නිරිත දිග මෝසම් හේතුවෙන් ගංවතුර ආපදා අවදානමට මුහුණ දෙන දිස්ත්‍රික්කයක් වශයෙන් ඉදිරියේ දී සක්‍රීය වන මෝසම් වැසි සමය තුළ ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයක දී හදිසි ප්‍රතිචාර කටයුතු සඳහා මෙම පුහුණු සාමාජිකයන්ගේ සහාය ලබා ගැනීමේ අරමුණින් මෙම පුහුණු වැඩසටහන සංවිධානය කෙරිනි. ගම්පහ දිස්ත්‍රික්කයේ තුළ රාජකාරි කටයුතු සිදු කරන 141 සේනාංකයට අනුයුක්තව සේවය කරන යුධ හමුදා සාමාජිකයින් 70 දෙනෙකු මෙම පුහුණුව සදහා සහභාගී විය.
ආපදා කළමනාකරණ ක්‍රියාවලිය ග්‍රාමීය මට්ම දක්වා සක්‍රීයව ක්‍රියාත්මක කිරීම සහ පුර්ව දැනුවත් කිරීම් පණිඩිඩ ලබාදීමේ ක්‍රියාවලිය ශක්තිමක් කිරීම අරමුණු කරගනිමින් ග්‍රාමීය ආපදා කමිටු පිහිටුවීම, පවතින ග්‍රාමීය කමිටු ශක්තිමත් කරමින් ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද දිස්ත්‍රික් මට්ටමින් ග්‍රාමීය කමිටු දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරනු ලැබේ.
රත්නපුර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාකාරී යෞවන සමාජ සාමාජිකයන් සඳහා ජීවිතාරක්ෂක පුහුණු වැඩසටහනක් සංවිධානය කර ඇති අතර එම වැඩසටහන යටතේ පුහුණු වැඩසටහන් 02 ක් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ආශ්‍රිතව පසුගිය දා පවත්වන ලදී.
නිරිත දිග මෝසම් හේතුවෙන් ගංවතුර ආපදා අවදානමට මුහුණ දෙන දිස්ත්‍රික්කයක් වශයෙන් ඉදිරියේදී සක්‍රීය වන මෝසම් වැසි සමය තුළ ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයක දී හදිසි ප්‍රතිචාර කටයුතු සඳහා මෙම පුහුණු සාමාජිකයන්ගේ සහාය ලබා ගැනීමේ අරමුණින් මෙම පුහුණු වැඩසටහන සංවිධානය කෙරිනි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අංශයේ අධීක්ෂණය යටතේ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලුම භික්ෂූන් වහන්සේලාට සහ ගිහි සිසුන් හට ආපදා කළමනාකරණ විෂය පිළිබඳ දැනුම හා ප්‍රායෝගික පුහුණුව ලබා දීම සඳහා ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ආරම්භ කරන ලදී.
News & Events
- ආපදා කළමනාකරණ නිළධාරී ධාරිතා වර්ධන වැඩසටහන
- ආපදා කළමනාකරණ ජාතික සැලැස්ම - (2023-2030) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව
- පිලිපීන විදේශ අමාත්‍යාංශ අතිරේක ලේකම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කරයි.
- දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩීවීමක්
- කොරියානු තානාපති කාර්යාල නියෝජිත පිරිසක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කරයි.
Call Center
117+94 112 670 002