ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ආපදා කළමනාකරණ අංශයෙහි වත්මන් පරිපාලනය, ක්‍රියාකාරීත්වයන් සහ ඉදිරි සැලසුම් අද දින (2022.06.03) උදෑසන අධීක්ෂණයට ලක් කරන ලදි. මෙම සාකච්ඡාව ආපදා කළමනාකරණ අංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණ අතර, මේ සඳහා ආපදා කළමනාකරණ අංශයෙහි සියලූම ආයතන ප්‍රධානීන් සහ විධායක නිලධාරීන් සහභාගී විය.
පවතින ආපදා අවදානම් කාරීතත්වය ක්‍රමයෙන් පහව ගිය ද ආපදා අවදානම් ප්‍රදේශවල ස්ථාන ගත කර ඇති සෙවීම් මුදවාගැනීම් කණ්ඩායම් තවදුරටත් ස්ථාන ගතකර තිබෙන බවත් ඩෙංගු රෝගී තත්වය ක්‍රමයෙන් පැතිරී යාමේ අවදානමක් පවතින බැවින් ඔබගේ නිවස අවට මෙන්ම පොදු ස්ථානවල මදුරුවන් බෝවීම වළක්වා ගැනීම සදහා අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙම්න් පැවසීය.
එසේම පසුගිය දින කීපය තුළ පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇතිවු ආපදා තත්වය නිසා දිස්ත්‍රික්ක 07 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 43 ක පවුල් 5,357 කට අයත් පුද්ගලයින් 22,338 ක් බල පෑමට ලක් වී ඇති බවත් නිවාස 174 කට අර්ධ හානි සිදු වී ඇති බවත් කණ්ඩි කඩාවැඩීම් 130 ක් සහ ඉවුරු කඩාවැටීම් 38 ක් සහ අවාසනාවන්ත ලෙස එක් මරණයක් වාර්තා වී ඇති බවත් තවදුරටත් පෙන්වා දෙන ලදී.
ඊයේ දින (31) පැවති අයහපත් කාලගුණික තත්වය නිසා රත්නපුර, කලුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට බලපෑ ගංවතුර තත්වය හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්, විභාග මධ්‍යස්ථාන රාජකාරී වල යෙදෙන නිළධාරීන් හට මුහුණ පෑමට සිදු වු දුෂ්කරතා මග හැර ගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අදාල පියවර ගැනීමට කටයුතු කරන ලදී.
Disaster Management Centre (DMC) in partnership with A-PAD and HSBC coordinated and channeled vital and essential medicines to the ministry of Health to overcome the severe shortage in pharmaceuticals.
The aid was prioritized in order to bridge the gaps of the cardiovascular diseases, Oncology, Anesthesia, Osteoporosis and Bone Density related issues of public sector hospitals. The Ministry of Health will administer careful and responsible distribution of the purchased medicines to hospitals on a priority basis and the DMC vouches accountability of the state towards this initiative.
අද (30) දින සහ ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ පවතින වැසි සහ සුළං තත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර, සබරගමුව සහ ම්‍යධම පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇති විය හැකි බවත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වඩා තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.
එහෙයින් නායයාම් අවදානම් කළාපවල ජිවත් වන ජනතාව මේ පිළිබද අවධානය යොමු කළ යුතු බවත් නායයාම් අවදානම් පුර්ව ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම් හැකි ඉක්මනින් ඒ පිළිබද අදාල ආයතන දැනුවත් කිරීමටත් එම ස්ථාන වලින් බැහැරව ආරක්ෂිත ස්ථාන කරා යාමට කටයුතු කරන ලෙසත් ආපදා කළමනකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනු ලැබේ.
News & Events
- පිලිපීන විදේශ අමාත්‍යාංශ අතිරේක ලේකම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කරයි.
- දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩීවීමක්
- කොරියානු තානාපති කාර්යාල නියෝජිත පිරිසක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කරයි.
- නිරිතදිග මෝසම් වර්ෂාව හේතුවෙන් හට ගන්නාගංවතුරපෙරහුරුඅභ්යාසය
- නිරිතදිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
Call Center
117+94 112 670 002