Emergency Warnings

rss

 

 

z p01-Badඉදිරි දින කීපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි

ඉදිරි දින කීපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (25) දින නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලව දැනට පවතින වැසි තත්වයේ වැඩිවීමක් 2020 මැයි මස 26 දින සිට 29 දින දක්වා බලාපොරොත්තු විය හැකි බව එම නිවේදනයේ සදහන් කර ඇති අතර විශේෂයෙන්ම මෙම තත්වය නිසා බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වු වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ සදහන් කර ඇත.

දිස්ත්‍රික්ක 04 කට නායයාම් අවදානම් නිවේදන තවදුරටත්

landslideපැවති වර්ෂාව හේතුවෙන් රත්නපුර, කෑගල්ල, මහනුවර සහ නුවරඑලිය යන දිස්ත්‍රික්ක සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්  අද (23) දින තවදුරටත් නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.

රත්නපුර දිස්ත්‍රික්යේ රත්නපුර, කලවාන, ඕපනායක, බලංගොඩ, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කදුකර බෑවුම් ප්‍රදේශ නායයාම් අධි අවදානම් කළාපයේ ජීවත් ජනතාවට තවදුරටත් වර්ෂාව ලැබේ නම් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට සුදානම් වෙන ලෙස නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.

පවතින අයහපත් කාලගුණ තත්වය පිළිබදව ජනතාව විමසිලිමත් වන්න

Bad Weatherගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බවත් ඉදිරි පැය 12 තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (15) දින නිවෙිදනය කර ඇත. එය හෙට දින වනවිට දකුණු බෙංගාල බොක්ක දක්වා වයඹ දෙසටත් ඉන් අනතුරුව 18 සිට 20 දිනයන් තුළ උතුරට බරව ඊසාන දෙසට හැරී බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය වෙත ගමන් කරනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත.

පවතින කාලගුණ තත්වය හේතුවෙන් දිවයින හරහා හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇති අතර දකුණ, බස්නාහිර, සබරගමුව සහ සහ මධ්‍යම පළාත්වල බස්නාහිර, සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී.150ට වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බව එම නිවේදනයේ තවදුරටත් දක්වා ඇත.

දැඩි සුළගින් ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුවු හානිය යථා තත්වයට පත්කිරීමට කටයුතු කරන ලදී.

galle high windඅද (17) දින ගාල්ල දිස්ත්‍රික්කය හරහා හමාගිය සුළං තත්වය නිසා නිවාස 45 කට පමණ හානි සිදුවී ඇත. හානියෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් අදාල හානි තක්සේරු මේ වන විටත් කටයුතු සිදුකරමින් පවතී.

මෙම ආපදා තත්වය නිසා ඇල්පිටිය උතුර (37), ඇල්පිටිය නැගෙනහිර (1), අටකෝට්ටේ(5) සහ ඇල්පිටිය මධ්‍යම(1), යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල නිවාස හානියට පත්වී ඇත. එසේම මෙම සුළං තත්වය නිසා සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 02 කට හානි සිදුවී ඇති අතර යටිතල පහසුකම්වලට ද යම් බල පෑමක් සිදුවී ඇති බැවින් එදි නෙදා ජන ජීවිතවලය යම් බලපෑමක් එල්ල වු අතර අදාල පාර්ෂවකාර ආයතන සහ ත්‍රිවිධ හමුදාව ජනතාව සම්බන්ධීකරණය කරගනිමින් ආපදා හානි යථා තත්වයට පත් කර ගැනීම සදහා ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධිකරණ ඒකකය කටයුතු කරන ලදී.

 District are getting prepared for adverse weather impacts during South-West Monsoon 2020

monsoon mathara 2020Monsoon preparedness is another crucial factor during the ongoing COVID-19 outbreak. Safety of the people including evacuation and hygiene, medical screening to prevent the spreading of the COVID are most essential.

With the directions given by the Disaster Management Centre, all districts are taking adequate preparedness measure to prepare for upcoming monsoon impacts. Today (05), Matara District Secretariat has organized a monsoon preparedness forum to discuss consequences and adequate preparedness measure.

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079