සක්‍රීයව පවතින නිරිතදිග මොසම් තත්වය හේතුවෙන් පුත්තලම සිට මාතර දක්වා මුහුදුබඩ ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීම හේතුවෙන් ජන ජීවිතයට බාධා එල්ල විය. ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල සමුද්‍ර මාවත, පිටිවැල්ල, කහව, ගොඩගම, අකුරළ, කතලුව, කෝග්ගල ප්‍රදේශවල සහ කොළඹ සිට ගාල්ල හබරාදුව දක්වා ඇති දක්ෂිණ මුහුදු බඩ මාර්ගයේ ස්ථාන කිහිපයක මුහුදු රළ ගොඩ බිමට ගැලිමෙන් වැලි සහ අපද්‍රව්‍ය එම මාර්ගයට ගොඩ ගැසිම හෙතුවෙන් ගමනාගමන කටයුතුවලට බාධා එල්ල විය.
අන්තර්ජාතික සෙවීම් මුදවාගැනීමේ උපදේශක කණ්ඩායම් (INSARAG) ප්‍රමිතීන්ට අදාල වන අකාරයට ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැලෙන නිළධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුල්‍ය දායකත්වය යටතේ නේවාසික පුහුණු පාඨමාලාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලදී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ගිණි නිවීමේ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා යුධ, ගුවන් සහ නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සහ සුවසැරිය ගිලන් රථ සේවය යන ආයතන නියෝජනය කරමින් නිළධාරීන් 40 ක කණ්ඩායමක් මෙවර අන්තර්ජාතික සෙවීම් මුදවාගැනීමේ උපදේශක කණ්ඩායම් (INSARAG) පුහුණුව සදහා තොරාගැණුනු අතර දින 10 ක් පුරා පැවති මෙම පුහුණු වැඩසටහන සාර්ථකව නිම කරන ලැබූ නිළධාරීන් හට සහතික පත් පිරිනැමීම අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් ජුනි මස (29) වන දින ගම්පොළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත් විණි. අන්තර්ජාතික සෙවීම් මුදවාගැනීමේ උපදේශක කණ්ඩායම් (INSARAG) ආසියා ශාන්තිකර කලාපීය සම්බන්ධීකාරක හරුකා එසාකි (Haruka Esaki) මහත්මිය මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ මෙම අවස්ථාවට සම්බන්ධ විය.
පුත්තලම නගර සීමාව ඉතා සුළු වර්ෂාවක දී වුව ද ජල ගැලීම් ආපදා තත්ත්වයට ලක් වේ. පසුගිය මැයි මස 24 දින ඇති වූ වර්ෂාවත් සමඟ නගරයේ බොහෝ ප්‍රදේශ වල ක්ෂණික ගංවතුර තත්වයක් වාර්තා වු අතර පාසල්, නිවාස, ව්‍යාපාරික ස්ථාන සහ අනෙකුත් සමාජ ආර්ථික යටිතල පහසුකම් ජලයෙන් යට විය. මෙම කාල සීමාවතුල අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වූ අතර සිසු දරුවන්ගේ විභාග කටයුතු වලට ද ඉන් බාධා එල්ල විය.
A gender perspective needs to be integrated into all disaster risk management policies, plans and decision making processes, including those related to risk assessment, early warning, information management, education and training. In this regard, as per the Policy Framework and National Plan of Action to address Sexual and Gender based Violence (SGBV) in Sri Lanka, under the Ministry of Women, Child Affairs and Social Empowerment, the Disaster Management Centre (DMC) has identified the need of creating a common platform and an informative dialogue among relevant stakeholders, to fill the gaps in practical guidance in gender mainstreaming in disaster risk management, at local and community level.
Under the Colombo Security Conclave a meeting on conducting Program related to Humanitarian Assistance and Disaster Relief (HADR) was held at Disaster Management Centre on 23rd June 2022. Director General Disaster Management Centre Major General Sudantha Ranasinghe chaired the meeting and representatives from Sri Lanka Navy, Marine Environment Protection Authority, Sri Lanka Coast Guard, Ministry of Environment, Sri Lanka Port Authority, Costal Conservation and Costal Resource Management Department participated
News & Events
- ජනාධිතපතිවරණ කාලසීමාව තුළ විශේෂ ඒකාබද්ධ ආපදා මෙහෙයුම් ඒකකයක්
- මෙවර ශිෂ්‍යත්ව විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම සදහා වැඩපිළිවෙළක්.
- ජනාධිපතිවරණ සමයේ ඇතිවිය හැකි ආපදා කළමනාකරණය සඳහා විශේෂ වැඩපිළිවෙලක්
- බදුලු ඔය ආශ්රිත ආපදා අවදානම අවමකිරීම සහ බදුලු ඔය පරිසර පද්ධතිය තිරසර භාවිතය සඳහා ස්ථිරසාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පාර්ශවකරුවන් අතර විශේෂ සාකච්ජාවක්.
- නිරිතදිග මෝසම් ආපදාවෙන් බලපෑමට ලක් වූ ජනතාවගේ ජන ජීවිතය යලි නගාසිටුවීමට සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණය ශක්තිමක් කිරීම සඳහා ආධාර.
Call Center
117+94 112 670 002