2023 පෙබරවාරි 21 වන දින විශේෂ රාජකාරි මෙහෙයුමක් සදහා දෙමෝදර ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කණ්ඩායමක් කුඹුක්කන් ඔය පිටාර ගැලීමෙන් දෙමෝදර රක්ෂිත වනාන්තර ප්‍රදේශයේ පිවිසුම් මාර්ග යටවීම නිසා එම රක්ෂිත ප්‍රදේශයට ඇතුල් වීමට හෝ රක්ෂිතයෙන් පිටතට පැමිණිමට නොහැකි විය. එබැවින් රාජකාරි සදහා රක්ෂිතය තුළට ගොස් ක්ෂණික ගංවතුර හේතුවෙන් සිරවී සිටි පොලිස් නිලධාරීන් 08 දෙනෙකු සහ සැකකරුවන් 05 දෙනෙකු මුදා ගැනීමට හැකිවිය.
මෙම පිරිස ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නාවික හමුදා වේගවත් ක්‍රියාකාරී බෝට්ටු බලඝණය (RABS) සම්බන්ධීකරණයෙන් මෙම නිළධාරීන් සහ සැකකරුවන් මුදා ගැනීම කටයුතු කරන ලදී.
කොළඹ ජාත්‍යන්තර පාසලේ සිසුන් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීම පෙබරවාරි 15 සහ 16 යන දිනවල දී ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී සිදු කෙරිනි. ආපදා අවදානම් අවම කිරිම් සම්බන්ධයෙන් පාසල් ප්‍රජාව දැනුවත් කිරිමේ ජාතික වැඩසටහන යටතේ දීපව්‍යාප්තව පාසැල් සිසුන් දැනුවත් කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරනු ලැබේ. පාසල් විෂය නිර්දේශය ආවරණය වන ආකාරයෙන් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳව න්‍යායාත්මක දැනුම ලබාදීම මෙන්ම ප්‍රායෝගි ක්‍රියාකාරීත්වය පිළිබඳව සිසුන් දැනුවත් කිරීම පාසල් ප්‍රජාව දැනුවත් කිරිමේ ජාතික වැඩසටහනේ මුලික අරමුණ වේ.
මානුෂීය කටයුතු පිළිබඳ ජාත්‍යන්තර සංවර්ධන කාර්යයන් පිළිබද ඇමරිකා එක්සත් ජනපද නියෝජිතායතනයේ සහ ආසියානු ආපදා පෙරසුදානම් මධ්‍යස්ථානය (ADPC) සහය ඇතිව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලබා දුන් සෙවීම් හා මුදවාගැනීම් සඳහා ගෝලීය වශයෙන් භාවිතා කරනු ලබන අති නවීන උපකරණ තොගයක් සිරියානු-තුර්කි භුමිකම්පාවෙන් විපතට පත්වුවන් සෙවීම්, මුදවාගැනීම් සහ සහන සැලසීම වෙනුවෙන් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශේෂඥ කණ්ඩායමවලට භාවිතා කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා විසින් ගම්පොල පිහිටි ශ්‍රී ලංකා යුධ හමුදා මුලික ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානය වෙත භාරදිම අද දින (12) සිදු කරන ලදී.
The Disaster Management Centre facilitated a meeting with officials of key government organisations involved in disaster management in Sri Lanka, in order for the attaché’s and the senior officials of the Embassy of Switzerland to gain a better understanding of the current context of disaster management, foreseen events of displacements due to disasters and emergency response mechanisms.
බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක්
බුත්තලපැලවත්ත සීනි කර්මාන්ත ශාලාව ආසන්න ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී ඇති බව භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය විසින් දැනුම් දී ඇති අතර එය රික්ටර් මාපකයේ 3.0ක අගයක් බවද වාර්තා වී ඇති බව එම නිවේදනයේ සදහන් වේ.
මෙම භූ කම්පනය නිසා කිසිදු හානියක් වාර්තා වී නොමැති අතර මේ සම්බන්ධයෙන් කලබල නොවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවට දැනුම් දේ.
භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් නිකුත් කරන ලද නිවේදනය සදහා පිිවිසෙන්න
News & Events
- කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානම් අවමකිරීම සඳහා ව්‍යාපෘති හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවළක් සැකසීම.
- සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ (විශ්‍රාමික) එන්ඩීසී අයිජී
- National Anticipatory Action Working Group to Strengthen Disaster Management
- අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙමු.
Call Center
117+94 112 670 002