දිවයිනේ බොහෝ පළාත්වලට මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය වැඩිවීමක් පවතින වාර්තා වේ. මෙනිසා ඔබට ඇතිවිය හැකි පීඩා අවම කරගැනීම සදහා සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
අද (28) දිනයේ මුලතිව්, වව්නියාව, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර, බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. ගෝලීය ගණිතම කාලගුණ අනාවැකි ආකෘති දත්ත විශ්ලේෂණ, වායුගෝල ආර්ද්‍රතාව සහ උපරිම උෂ්ණත්ව අගයන් යොදාගනිමින් ගණනය කර ඇති අතර මෙය වායුගෝලීය උෂ්ණත්වය නොවන බවත් ශරීරයට දැණෙන උණුසුම බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සුනාමි ආපදා තත්ත්වයක දී සිවිල් මහජනතාව ආරක්ෂිතව ඉවත් කිරීම සහ බාහිර පුද්ගයින් එම ප්‍රදේශවලට ඇතුලුවීම වැළැක්වීම සදහා ඇති සුදානම පිළිබඳ සමාලෝචන රැස්වීම
සුනාමි ආපදා අවදානම් සහිත මුහුදු බඩ දිස්ත්‍රික්කවල ජීවත් වන මහජනතාව සුනාමි ආපදා තත්ත්වයක දී ආරක්ෂිතව ඉවත් කිරීම සහ බාහිර පිරිස් එම ප්‍රදේශවලට ඇතුලුවීම වැළැක්වීම සදහා එම ප්‍රදේශවල ආරක්ෂාව භාරව කටයුතු කරන යුද්ධ හමුදා ආරක්ෂක සේනා මුලස්ථාන, ගුවන් සහ නාවික හමුදාව, පොලීසිය සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතන වල පවතින ආයතනික සැලසුම් පිළිබඳ සාමාලෝචන රැස්වීමක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ශ්‍රවනාගාරයේ දී අද දින (07) පැවැත්විනි.
ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම (2023-2028) යාවත්කාලීන කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩමුළුව
ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම (2023-2028) යාවත්කාලීන කිරීම සඳහා වු වැඩමුළුවක් ජුනි මස 23 වන දින වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලදාරි හෝටලයේ දී පැවැත්විණි.
ව්‍යයසන කළමනාකරණ පනත අනුව ජාතික හසිදි මෙහෙයුම් සැලැස්ම සකස් කිරීම සහ ව්‍යයසන අවස්ථාවක දී එය ක්‍රියාවට නැංවීම සදහා ව්‍යසන කළමනාකරණ සදහා වු ජාතික සභාවට සහාය දැක්වීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථායේ වගකීම කි. ආපදා අවස්ථාවක දී ජාතික හදිසි සැලසුම අනුව පාර්ශවකාර ආයතන සම්බන්ධිකරණ කරමින් බලපෑමට ලක්වූ ජනතාවගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කිරීම, සිදුවිය හැකි හානි අවම කිරීම, ආපදාවට ලක්වූවන්ගේ ශාරීරික සහ මානසික සෞඛ්‍ය තහවුරු කිරීම සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම් යාන්ත්‍රණය හැකි ඉක්මනින් යථාතත්වයට පත් කිරීම සදහා වන සම්බන්ධීකරණ යාන්ත්‍රණය ගොඩනැගීම ජාකික හදිසි මෙහෙයුම් සැලැස්ම මගින් අපේක්ෂා කෙරේ.
තෝරාගත් ගංඟා නිම්නවල ආපදා ප්‍රත්‍යස්ථතාව ඉහළ නැංවීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයදේශගුණික ඔරොත්තු දීමේ ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතිය අතර අවබෝධතා ගිවිසුමක්.
ශ්‍රී ලංකා රජය සහ හරිත දේශගුණික අරමුදලේ මුල්‍ය දායකත්වය යටතේ ක්‍රියාත්මක් කරනු ලබන දේශගුණික ඔරොත්තුදීමේ ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතිය (CRIWMP) හෙවත් වැවි ගම් පුබුදුව වැඩසටහන මල්වතු ඔය, යාන්ඔය සහ මීඔය යන ගංඟා ද්‍රෝණි ආශ්‍රිතව ක්‍රියාත්මක කරනු ලැබේ. දේශගුණික විපර්යාස හේතුවෙන් නිර්මාණය වන ආන්තික දේශගුණික තත්ත්වයන්ට මෙම ගංගාධාරවල ජීවත් වන ජනතාව සතු අනුවර්තන ධාරිතාව ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි. ඒ සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඉටුකළ යුතු කාර්යභාරය ඉටුකිරීම වෙනුවෙන් දේශගුණික ඔරොත්තුදීමේ ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘති සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන අතර ඒකාබද්ධ අවබෝධතා ගිසිසුමක් අත්සන් කෙරිණි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙනුවෙන් අධ්‍යක්ෂ ජනෙරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සහ දේශගුණික ඔරොත්තුදීමේ ඒකාබද්ධ ජල කළමනාකරණ ව්‍යාපෘතිය වෙනුවෙන් ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු චන්දන එදිරිසූරිය මහතා මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුහ.
කලුතර දිස්ත්‍රික්කයේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සදහා පියවර
මෙවර සාමාන්‍ය පෙළ විභාගය බාධාවකින් තොරව පවත්වා ගෙන යාම සදහා සකස් කරන ලද ආපදා පෙරසුදානම් සැළසුම අනුව සියලු දිස්ත්‍රික්ක තුළ ආපදා තත්වයන් නිසා ඇතිවන බාධා මගහැර ගනිමින් සාමාන්‍ය පෙළ විභාගය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සදහාවිභාග දෙපාර්තමේන්තුව සමග ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ප්‍රාදේශීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා සම්බන්ධීකරණ යාන්ත්‍රණයක්දිවයින පුරා ක්‍රියාත්මක කෙරිණි.
කලුතර දිස්ත්‍රික්කය තුළ පැවැති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දොඩංගොඩ, වලල්ලාවිට යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ වල විභාග මධ්‍යස්ථාන වෙත යාම සදහා ඇති ප්‍රවේශ මාර්ග ජලයෙන් යටවිය. මේ නිසා විභාගයට පෙනී සිටින සිසු දරුවන් සහ විභාග රාජකාරීවල යෙදෙන කාර්ය මංඩල සදහා ප්‍රවාහන දුෂ්කරතා මගහැරීම සදහා අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී.
News & Events
- මියන්මාරයේ ඇති වූ භූමිකම්පාවෙන් පීඩාවට පත් ජනතාවට මානුෂීය ආධාර
- ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සහන කණ්ඩායම මියන්මාරයේ මානුෂීය කටයුතු අඛණ්ඩව ඉදිරියට
- කඩිනමින් හදිසි ප්‍රතිචාර සේවා සඳහා ත්‍රිවිධ හමුදා විශේෂ කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් වේ.
- කඩිනමින්හදිසි ප්‍රතිචාර සේවා සඳහා ත්‍රිවිධ හමුදා විශේෂ කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් වේ.
- අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙමු.
Call Center
117+94 112 670 002