පවතින වැසි සහිත තත්ත්වය හේතුවෙන් ජලාශ වාන්දොරටු විවෘතකරනු ලබන බැවින් ජනතාව ඒ පිළිබධව සැළකිලිමත්ව කටයුතු කළ යුතු වේ.
විශේෂයෙන්ම පවතින වැසිසහිත කාලගුණික තත්වය හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටු 05 ක් විවෘත කර ඇති අතර තප්පරයට ගණ අඩි 11,050 බැගින් ජලය නිකුත් කෙරේ.එබැවින් පොල්ගොල්ල ජලාශය සහ වික්ටෝරියා ජලාශය අතර මහවැලි ගඟ පරිහරණය කරන ජනතාව මේ පිළිබඳ සැලකිලිමක් විය යුතු වන අතර දැදුරු ඔය ජලාශයේ වාන්දොරටු 06 ක් අඩි 03 බැගින් විවෘත කර ඇති අතර තප්පරයට ගණ අඩි 8400 බැගින් ජලය නිකුත් කෙරේ. දැදුරු ඔය දියනෑම ඇතුලු දෛනික කටටුතු සිදුකරන දැදුරු ඔය නිම්නයේ ජනතාව මේ පිළිබඳ සැලකිලිමක් වන ලෙස කාරුණිකව දැනුම් දෙනු ලැබේ. යාන්ඔය ජලාශයේ වාන් දොරටු 02 ක් සහ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 02 ක් සුලු වශයෙන් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඍට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්යේ වාරි ජලාශ 10 ක් පමණ පිරී ඇති බවත් වාර්මාර්ග දෙපාර්තමේන්තුව සදහාන් කරයි.
ආපදා අවදානම් අවමකිරීමේ සදහා වු ගෝලීය සංස්කෘතියක් නිර්මාණය කිරීම වෙන්වෙන් එක්සත් ජාතීන්ගේ මහා මංඩලය විසින් සෑම වර්ෂයකම ඔක්තෝබර් 13 වන දින ආපදා අවදානම් අවම කිරීම සදහා වු ජාත්‍යත්‍යන්තර දිනය ලෙස නම්කර ඇත. සාමුහිකත්වය තුළින් පමණත් අපට ලෝකය සුරක්ෂිත කරගත හැකියි වන තේමාව යටතේ සෑම වසරකම ආපදා අවදානම් අවම කිරීම සදහා වු ජාත්‍යන්තර දින සමරනු ලැබේ.
"සුරක්ෂිත අනාගතයකට අසමානතා දුරලමු"“සුරක්ෂිත අනාගතයකට තරුණ ජවය”යන තේමාව මුල් කරගනිමින් ආපදා අවදානම් අවම කිරීම සදහා වු ජාත්‍යන්තර දින සැමරුම් ජාතික වැඩසටහන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ සහ තරුණ සේවා සභාවේ පාඨමාලා හදාරණ කොළඹ දිස්ත්‍රික් තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් සහ ආපදා කළමනාකරණය සඳහා ආසියා පැසිෆික් සහයෝගීතාවයේ අනුග්‍රහයෙන් ආපදා කළමනාකරණ අංශ ප්‍රධාන ශාලාවේ දී පැවැත්විය.
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇතිවිය හැකි පිඩා අවම කිරීම සම්බන්ධව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
පවතින ආපදා තත්වය හේතුවෙන් මේ වන විට බලපෑමට ලක්වී ඇති ආකාරය පිළිබදව දත්ත හා තොරතුරු සහ ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව නිරීක්ෂණය කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා නිළධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු කරන ලදී.
නිරිතදිග මෝසම් කාල සීමාව තුළ ඇතිවිය හැකි ආන්තික කාලගුණික තත්වයන් නොසලකා හැරිය නොහැකි අතර මේ වන විටත් දිස්ත්‍රික්ක 20 කට පවති වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් බලපෑම් එල්ල වී ඇත.
එබැවින් ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම සදහා විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
සුනාමි ආපදාවට මුහුණදීම සදහා කලාපීය රටවලධාරිතාව වර්ධනය කිරීමේ අරමුණින් ඉන්දියානු සාගර කලාපීය සුනාම් අනතුරු ඇඟවීමේ සහ අවමකිරීමේ පද්ධතිය (Indian Ocean Tsunami Warning and Mitigation System-IOTWMS) හා යුනෙස්කෝ (UNESCO) සංවිධානය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ඉන්දීය සාගර කලාපීය සුනාමි ආපදා පෙරහුරු වැඩසටහන ඉන්දියානු සාගර කලාපීය රටවල් 28 ක් සහභාගීවයෙන් ඔක්තෝබර් 04 දින පැවැත්වු අරත කලාපීය සුනාමි පෙරහුරු වැඩසටහනට සමගාමීව“ සුනාමි ආපදා පෙරහුරු ජාතික වැඩසටහන” ඔක්තොබර් 04 දින උදෑසන 9.30 සිට 11.30 දක්වා කාලය තුළ ත්‍රිකුණාමලය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක මුලික කරගනිමින් පැවැත්විනි.
News & Events
- ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම (2023-2028) යාවත්කාලීන කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩමුළුව
- ආපදා හා දේශගුණික තොරතුරු විශ්ලේෂණය සහ ප්‍රතිචාර සඳහා කාලානුරූපී තීරණ ගැනීම පිළිබඳව ධාරිතා වැඩි දියුණු කිරීම පිළිබඳව වැඩමුළුව
- Mainstreaming Disaster Risk Reduction into Development based on Basin Investment Plan- Kelani River Basin
- National level workshop to incorporate recommendation of Midterm Review report of SFDRR
- Child fund ආයතනය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ පැවති අවබෝධතා ගිවිසුම
Call Center
117+94 112 670 002