පවතින ආපදා තත්ත්වය පිළිබඳව රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරීම

2024-06-05 Meeting with Funding and Implementing Agencies 3පසුගිය දින කීපය තුළ ඇද හැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගනණාවක ක්ෂණික ගංවතුර මෙන්ම නායයාම්, කණ්ඩි කඩවැටීම් ආදී ආපදා තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක 13 පවුල් 65,777 අයත් පුද්ගලයින් 247,406 ක් බලපෑමට ලක් වී ඇති බවත් මේ වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන 166 පවත්වා ගෙන යන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යතුමා අද දින (05) ආපදාවෙන් විපතට පත් ජනතාව වෙත සහන සැලසීමේ ක්‍රියාවලිය පිළිබඳව රාජ්‍ය නොවන ආයතන නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමින් පැවසීය.

ආපදා තත්ත්වය පහව යෑමෙන් පසු ජන ජීවිතය යථාත්වයට පත් කර ගැනීම සදහා රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉටු කිරීමට අපේක්ෂිත සේවාවන් නිසි කළමනාකරණයෙන් යුතුව මහජනතාව වෙත සැපයීම වෙනුවෙන් වු සම්බන්ධීකරණ යාන්ක්‍රණය පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් මෙම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් මෙම රුස්වීම සංවිධානය කරන ලදී. 

fishingදිවයින වටා මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස ධීවර ප්‍රජාවට නිකුත් කරන ලද නිවේදනය ලිහිල් කොට කනකසන්තුරය සිට මන්නාරම කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර ප්‍රජාවට අනතරු අගවා ඇත.

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ තවදුරටත් රළු හෝ ඉතා රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.මේ හේතුවෙන් කනකසන්තුරය සිට මන්නාරම කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර ප්‍රජාවට අනතරු අගවා ඇත. එසේම පවතින සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල ධීවර සහ නාවුක කටයුතු කරන ලබන පිරිස් දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස ද දැනුම් දී ඇත.
කල්පිටිය සිට කොළඹ හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල රළ මට්ටම මීටර් 2.5 දිට මීටර් 3.5 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බවත් මේ හේතුවෙන් රළ ගොඩබිමට පැමිණිය හැකි බවත් එම නිවේදනයේ සදහන් කර ඇත.

නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් උපදෙස්.

 

fishingසක්‍රීය වී ඇති නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ අරාබි මුහුදු ප්‍රදේශයේ මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවත් මෙම කලාපය තුළ විටින් විට පැයට කිලෝමීටර 60 ක් 70 ත් අතර වේගයකින් සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

එබැවින් නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු වපින් වැලකී සීටින ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවට උපදෙස් නිකුත් කර ඇත. එසේම බෙංගාබොක්ක මුහුදු ප්‍රදේශවල සහ අරාබි මුහුදු කලාපය තුළ ද ධීවර සහ නාවුක කටයුතු වලින් වළකින්නැයි ලෙසක් මේවන විට එම කලාපයේ දීවර සහ නාවුක කටයුතු වල නිරත වන පිරිස් ඇත්නම් හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන වෙත යාත්‍රා කරන මෙන් ද එම නිවේදනයේ තවදුරටත් උපදෙස් ලබා දී ඇත.

ship-in-a-storm-sarah-dowsonසක්‍රීය වී ඇති නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ අරාබි මුහුදු ප්‍රදේශයේ මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවත් මෙම කලාපය තුළ විටින් විට පැයට කිලෝමීටර 60 ක් 70 ත් අතර වේගයකින් සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද නිවේදනය අද දින (28) තවදුරටත් දීර්ග කර ඇත.

එබැවින් නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැලකී සීටින ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවට උපදෙස් නිකුත් කර ඇත. එසේම බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශවල සහ අරාබි මුහුදු කලාපය තුළ ද ධීවර සහ නාවුක කටයුතු වලින් වළකින ලෙසක් මේ විට එම කලාපයේ ධීවර සහ නාවුක කටයුතු වල නිරත වන පිරිස් ඇත්නම් හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන වෙත යාත්‍රා කරන මෙන් ද එම නිවේදනයේ තවදුරටත් උපදෙස් ලබා දී ඇත.

අද දින (25) ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාම් පිළිබද පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත. The National Building Research Organization has issued landslide early warning today. இன்று (25th) தேசிய கட்டிட ஆராய்ச்சி நிறுவனம் மூலம் மண்சரிவு முன்னெச்சரிக்கை அறிவிப்பு வெளியிடப்பட்டுள்ளது (25th).

මේ පිලිබද විස්තර දැනගැනීම සදහා
More information Click Here
மேலதிக தகவல்களிற்காக இங்கு அழுத்தவும்

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052