ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක්.

Bad weather bay of bengolදිවයිනට ගිණිකොණ දිග බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති අතර ඉදිරි පැය 24 ක කාලය තුළ මෙම අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වාත් ඉදිරි පැය 48 ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (22) දින නිවේදනය කර ඇත.

මෙම අඩුපීඩන පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් මස 24 වන දින වනවිට දිවයිනේ ඊසාන දිග වෙරළබඩ ප්‍රදේශ වෙත ලගා වනු ඇති බව තවදුරටත් බලාපොත්තු විය හැකි බව එම නිවේදනයේ සදහන් වේ.

ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා.

DG 2020ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහතා අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ යන තනතුරුවල රාජකාරී ආවරණය කිරීම සදහා පත්කර ඇත.

 

 

ජාත්‍යන්තර ආපදා අවම කිරීමේ දිනයට සමගාවීම අවස්ථායික මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක කිරීම පිළිබද පෙරහුරුවක් අද (13) දින පැවැත්විනි.

Table top Execise 2020

එක්සත් ජාතීන්ගේ අධයාපන විද්‍යාත්මක සහ සංස්තෘකික සංවිධානය (යුනෙස්කෝ සංවිධානය), අන්තර් ජාතික සාගරවිද්‍යා කොමිසම (Intergovernmental Oceanographic Commission) සහ ඉන්දියානු සාගර කලාපයේ සුනාම් අනතුරු ඇගීමේ පද්ධතිය (Indian Ocean Tsunami Warning System.(IOTWS) මග පෙන්වීම සහ තාක්ෂණීක සම්බන්ධීකරණය යටතේ කලාපීය සුනාමි ආපදා පෙරහුරු වැඩසටහනේ 2020 ඔත්තෝබර් 13 දින පැවැත්විය. කොවිඩ් 19 ව්‍යසන තත්වය හේතුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මඩකලපුව, ත්‍රිකුණාමලය, කලුතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික් කේන්ද්‍රකර ගනිමින් අවස්ථායික මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක කිරීම පිළිබද පෙරහුරුවක් (Table Top Exercise) වශයෙන් මෙම පෙර හුරුව පවත් වන ලදී.

ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටමේ අසාමාන්‍ය ලෙස ඉහළ යාමක්

air quality 2020ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වායු ගුණ මැණිමේ මධ්‍යස්ථාන වල දත්තයන්ට අනුව මේ දින වල ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටමේ අසාමාන්‍ය ලෙස ඉහළ යාමක් නිරීක්ෂණය වන බව වාර්තා කර ඇත.

ඒ අනුව කොළඹ, මහනුවර, පුත්තලම, වව්නියාව, යාපනය ඇතුළු අනෙකුත් ප්‍රදේශ වල වායු ගෝලයේ අංශූමය ද්‍රව්‍ය මට්ටම ඔක්තෝම්බර් 27 වන දින සිට අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙයි. මෙම තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින ඒ පිළිබද දැනුවත් කිරීම් කිරීමට බලාපොරොත්තු වන බවත් එම සංවිධානය පෙන්වා දෙයි.

 

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග කාල සීමාව තුළ ඇතිවිය හැකි බාධා මගහැර ගැනීමට ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක්.

Exam 2020 1අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා නිසා සිදුවිය හැකි බාධාකාරී තත්වයන් මගහැර සියලු සිසු දරුවන්ට විභාගයට පෙනී සිටීමට ඇවස්ථාව සළසාදීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විභාග දෙපාර්තමේන්තුව සමග එක්ව ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විභාග දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව සහ පොලිසීය ඇතුලු පාර්ශව කාර ආයතන සම්බන්ධීකරණයෙන් මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව ඔත්තෝබර් 11 දින සිට නොවැම්බර් 06 දින දක්වා මෙම ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව එම කාලසීමාව තුළ කිසියම් අනතුරක් හෝ ආපදාවක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාවක් වේ නම් මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය ඇමතිය හැකිය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්ෂිණික ඇමතුම් අංක 117 සහ විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංක 1911 අදාල කාල සීමාව තුළ පැය 24 පුරා වෘතව පවතී. විභාග සම්බන්ධයෙන් ඇතිවිය හැකි ගැටලු මෙම දුරකථන අංක වෙත යොමු කළ හැකි ය.

මෙම ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය මගින් ආපදා අවදානම් කළමනාකරණ කටයුතු ක්‍රියාත්මක කරන විවිධ පාර්ෂවකාර ආයතන වෙත විභාග පැවැත්වෙන කාල සීමාව තුළ කටයුතු කිරීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ දැනටමත් කිතුක් කිරීමට කටයුතු කර ඇත.

විවිධ පාර්ෂවකාර ආයතන සදහා නිකුත් කර ඇති මාර්ගෝපදේශ සහ විභාග සම්බන්ධයෙන් ඇති වන බාධා පිළිබදව විමසීමට ඔබට අවශ්‍ය දුරකථන අංක සහ තොරතුරු පහතින් ලබා ගත හැක.

මාර්ගෝපදේශ සහ විභාග සම්බන්ධයෙන් විමසීම සදහා අවශ්‍ය දුරකථන අංක සහ තොරතුරු

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052