அவசர எச்சரிக்கைகள்

rss

ඉදිරි දින කීපයේ ප්‍රදේශ කීපයකට තද වැසි සහ තද සුළං

Bad Weatherදිවයින අවට පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ, විශේෂයෙන්ම නිරිත දිග ප්‍රදේශයෙන් පවතින වැසි තත්වය තරමක වැඩිවීමක් ඉදිරි දින කීපය තුළ බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

ඒ අනුය බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවල මිලි මීටර 150 ඉක්මවු වර්ෂාපතනයක් ලැබිය හැකි බව එම නිවේදනයේ සදහන් වේ. උතුර, උතුරු මැද, වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කට මිලිමීටර 100 ක පමණ තද වැසි ලැබිය හැකිය.

එසේම මධ්‍යම කදුකරවේ බටහිර බෑවුම් ප්‍රදේශවල, දකුණු පළාත තුළ සහ පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්ක වල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60-70 ක් දක්වා වැඩිවිය හැකි බව මෙම නිවේදනයේ සදහන් වේ.

2020 අර්ධ වාර්ෂික ප්‍රගති සමාලෝචනය රැස්වීම.

PROGEASSE

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් අර්ධ ප්‍රගති සමාලෝචන රැස්වීම අදියර 04 ක් යටතේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කොවිඩ් 19 ව්‍යයසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය නිර්දේශ අනුව ආයතනික කටයුතු පවත්වාගෙන යාම නිසා දිස්ත්‍රික් අර්ධවාර්ෂික ප්‍රගති සමාලෝචනය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් මත අදියර 04 ක් යටතේ පැවැත්වීමට කටයුතු කරන ලදී.

දිස්ත්‍රික්ක කීපයකට නායයෑම් අනතුරු පුර්ව ඇගවීම්

landslideජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ, කලුතර, කෑගල්ල, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක සදහා නායයාම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත. පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නාගොඩ සහඑ නියාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවදානම් කලාප වල ජීවත් වන ජනතාව තවදුරටත් වර්ෂාව ලැබේ නම් ආරක්ෂත ස්ථාන කරා ඉවත් වීමට සුදානම් වෙන ලෙස නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලට මිලිමීටර් 150 වඩා වැසි ඇතිවිය හැකියි.

Bad Weatherදිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල දැනට පවතින වැසි තත්වය තවදුරටත් වැසි බලාපොරොතුත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. 

බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථාන වල මිලිටීටර් 150 කට වැඩි  වර්ෂාපතනයක්  ඇති විය හැකි බව එම නිවේදනයේ තවදුරටත් දක්වා ඇත.

දිවයින හරහා පැයට කිලෝමීටර් 40 – 50 දක්වා සුළං පැවතිය හැකි අතර තද වැසි ඇතිවන අවස්ථාවල දී සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 -80 දක්වා ඉහළ යා හැකි බව නිවේදනය කර ඇත. 

එසේම පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩිවිය හැකි අතර විවින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල දී සුළගේ වේගය ක්ෂණිකය පැයට කිලෝමීටර් 70 -80 දක්වා වැඩිවිය හැකි බවත් කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත. 

Introduction Training Programme of MOBILISE Platform

mobiliseThe MOBILISE project (www.mobilise-project.org.uk)  has been working with DMC over the last two years to establish the foundation for developing a digital platform that can support multi-agency collaboration and decision making in disaster risk management in Sri Lanka. 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052