බදුල්ල දිස්ත්‍රික්කයේ නායයාම් අධි අවදානම් පවුල් 167 කට සුරක්ෂිත නිවසක් සදහා ඉඩම් ලබාදීම
අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්ම කරනු ලබන ආපදා අධි අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව සුරක්ෂිත ප්‍රදේශවල නැවත පදිංචි කිරීමේ වැඩ සටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්යේ නායයාම් අධි අවදානම් පවුල් 167 කට සුරක්ෂිත නිවසක් සදහා ඉඩම් ලබාදීම පසුගිය දා සිදු කෙරිණි. හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෙරගල ඉදල්ගස්හින්න ප්‍රදේශයේ නායයාම් අධි අවදානම් ප්‍රදේශවල ජීවත් වු පවුල් 33 කට සහ මීරියබැද්ද කොටබක්ම ග්‍රාමයේ පදිංචි පවුල් 134 කට සුරක්ෂිත නිවසක් සදහා ඉඩම් ලබාදීමට කටයුතු කරන ලදී. මෙම ව්‍යාපෘතිය සදහා රජය විසින් රුපියල් මිලියන 213ක් පමණ වැය කිරීමට අපේක්ෂා කෙරේ.
මහනුවර - වලපනේ මාර්ගයේ මල්ලපට්ටාව නායයාම් අවදානම් ප්‍රදේශය නිරීක්ෂණය කිරීම.
2019 වර්ෂයේ දී නායයාමට ලක්වූ මහනුවර-වලපනේ මාර්ගයේ මල්ලපට්ටාව ප්‍රදේශය තවදුරටත් නායයාම් අධි අවදානම් කලාපයක් මෙන්ම සක්‍රිය වු නායයාම් තත්වයක් සහිත කලාපයක් වශයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණය සංවිධානය විසින් නම්කර ඇත. එබැවින් වර්ෂා කාලයේ දී ඇතිවිය හැකි අවදානම තත්වය අවම කර ගනිමින් මහජනතාවගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කර ගැනීම සදහා බොහෝ අවස්ථාවල මහනුවර-වලපනේ මාර්ගය මලපට්ටාව ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දැමීමට කටයුතු කෙරේ.
හම්බන්තොට දිස්ත්‍රිත්කයේ පානීය ජල අවශ්‍යතා ඇති පාසල් සදහා ජල ටැංකි ලබාදීම.
අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පානීය ජල අවශ්‍යතා ඇති පාසල් සදහා ජල ටැංකි බෙදාදීම අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදුකෙරිණි.
අම්පිටියකන්ද සහ මකල්දෙනිය නිවාස සංකීර්ණ සම්බන්ධයෙන් ඉදිරිපත් වු මහජන පැමිණිලි පිළිබද සොයාබැලීම.
මීරියබැද්ද සිදුවු නායයාම් ආපදාව නිසා නිවාස අහිමිව අවතැන් වු පිරිස නැවත පදිංචි කර ඇති මකල්දෙනිය නිවාස සංකීර්ණයේ සහ නාය යාම් දැඩි අවදානම පවතින ප්‍රදේශවල ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩ සටහන යටතේ අධි අවදානම් ප්‍රදේශවල ජීවත් වු ජනතාව නැවත පදිංචි කර ඇති අම්පිටිය කන්ද නිවාස සංකීර්ණයේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් ඉදිරිපත් වු මහජන පැමිණිලි පිළිබඳව සොයා බැලීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා එම නිවාස සංකීර්ණ අද දින (01) නිරීක්ෂණ කරන ලදී.
රත්නපුර දිස්ත්‍රික්කයට ගංවතුර අවදානම් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක්
නිරන්තරයෙන් ගංවතුර අවදානමට පාත්‍රවන රත්නපුර දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා අවදානම් කලපාවල ජීවත්වන ජනතාවට ගංවතුර අවදානම පිළිබදව දැනගැනීමට හැකිවන පරිදි ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, සබරගමුව පළාත් සභාව, රත්නපුර දිස්ත්‍රක් ලේකම් කාර්යාලය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව ස්ථාපිත කර තිබේ.
News & Events
- පිලිපීන විදේශ අමාත්‍යාංශ අතිරේක ලේකම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කරයි.
- දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩීවීමක්
- කොරියානු තානාපති කාර්යාල නියෝජිත පිරිසක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කරයි.
- නිරිතදිග මෝසම් වර්ෂාව හේතුවෙන් හට ගන්නාගංවතුරපෙරහුරුඅභ්යාසය
- නිරිතදිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
அவசர தொடர்புகள்
117+94 112 670 002