පසු ගිය දින වල පැවති වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ බොහෝ ජලාශ පිරී ගොස් ඇති බැවින් ඇතැම් ජලාශ බැමි අස්ථාවර වීම්, ජලය කාන්දුවීම සිදුවිය හැක. එවැනි අවස්ථාවක් නිරීක්ෂණය වුව හොත් ආපදා කළමනාරකණ මධ්‍යස්ථානය හෝ දිස්ත්‍රික් ආපදා කළමනාරකරණ ඒකක දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටී.
හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, කොහොලංගල ග්‍රාම නිලධාරී වසමේ පිහිට් මයුරපුර කුඩා වැවේ ජල මට්ටම ඉහළ යාමත් සමග වැවි බැමිමේ කුඩා ජල කාන්දුවක් පසුගිය දා සිදු නිරීක්ෂණය වීමත් සමග හම්බන්තොට ආපදා කළමනාකරණ ඒකකය හම්බන්තොට නාගරවැව පිහිටි 122 යුධ හමුදා බලසේනාවේ හමුදා නිළධාරීන් සහ භට පිරිසකගේ සහය ඇතිව පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ මාර්ග සංවර්ධන අධිකාරීයේ අධික්ෂණය යටතේ ආරක්ෂාකාරී ලෙස වැඩි ජලය ඉවත් කිරීමට හම්බන්තොට ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කරන ලදී.
ඒ අතරම කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කිලිනොච්චි බටහිර වාරිමාර්ග කලාපයට අයත් කාන්තන්කුලම් වැවේ ඇති වී ඇති ජල කාන්දුව පාලනය කිරීම සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව අධික්ෂණය යටතේ කිලිනොච්චි ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් කටයුතු සම්බන්ධීකරණය කෙෙරමින් පවතී.
2021 නව වසරේ රාජකාරී ආරම්භ කිරීම අධ්‍යාත්මික ගුණ වගාවෙන් යුතු සෞඛ්‍ය සම්පන්න මෙන්ම සියලු දෙනා තම වෘත්තීය තුළ දැනුමින් සපිරි වෘත්තිකයෙකු වශයෙන් කටයුතු කිරීමත් තමා තමාටම අවංක වී ආයතනය තුළ රාජකාරි කිරීමේ වර්ෂයක් වේවා යි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 2021 වර්ෂය සදහා රාජකාරී ආරම්භ කරමින් අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහතා පැවසීය.
2020 වර්ෂයේ දී ද රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වතාවත් සිදුකර ආපදා වලින් මියගිය ජනතාව පිං පැමිණවිම සිදු කිරීමට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක විසින් සැලසුම් කර තිබෙන අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කොළඹ දිස්ත්‍රික්කයේ පවතින කෝවිඩ් -19 තත්වය සලකා බලා කොල්ලුපිටිය මල්ලිකා වැඩිහිටි නිවාසයේ වාසය කරන මව්වරුන් හට දානමය කටයුතුත්තක් සිදු කර ආපදාවලින් මිය ගිය ජනතාවට පිං පැමිණවීමට කටයුතු කරන ලදී.
2004 වසරේ දෙසැම්බර් 26 වන දින සිදු වූ සුනාමි ව්‍යවසනයෙන් පසු සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම් කර තිබෙන අතර සුනාමි ව්‍යයසනයෙන් මියගිය සියලු දේශිය සහ විදේශීය ජනතාව සිහිපත් කරමින් 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් 26 වන දින ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය ජාතික මටටම්න් සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක මගින් දිස්ත්‍රික් මට්ටමින් ද සර්ව ආගමික වැඩසටහන් පවත්වා ආපදාවලින් මියගිය ජනතාවට පිං පැමිණවීම මෙන්ම ඊට සමගාමීය විවිධ වැඩසටහන් පවත්වමින් ආපදා වලින් මහජනතාවගේ ජීවිත සහ දේපළ සුරක්ෂත කිරීමට කටයුතු කරන ලදී.
News & Events
- 2025 වර්ෂයේ වැඩ ආරම්භය
- සුනාමි ව්‍යසනයට විසි වසරක්, ජාතික සුරක්ෂිත දින සැමරුම දෙසැම්බර් 26
- ඊසාන දිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- සෙන්දායි රාමුගත සම්මුතියේ ඉලක්ක සපුරාගැනීම පිළිබද ප්‍රගති සමාලෝචන වැඩසටහන-
- නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය හේතුවෙන් වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත්
அவசர தொடர்புகள்
117+94 112 670 002