සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම සදහා වැඩපිළිවෙළක්.
සාමාන්‍ය පෙළ විභාගය කාලසීමාව තුළ ආපදා හේතුවෙන් සිදුවිය හැකි බාධා අවම කිරීම වෙනුවෙන් සකස් කරන ලද හදිසි ආපදා ප්‍රතිචාර පෙරසුදානම් සැලැස්ම නිළ වශයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසංහ මහතා විසින් විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා වෙත භාරදීම අද (15) දින විභාග දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේ දී සිදු කෙරිණි.
නිරිතදිග මෝසම් කාල සීමාව තුළ ඇතිවිය හැකි ආන්තික කාලගුණික තත්වයන් නොසලකා හැරිය නොහැකි බැවින් මෙවර සාමාන්‍ය පෙළ විභාග පැවැත් වෙන කාල සීමාව තුළ ආපදා වලින් බාධාවක් නොවී විභාගය පවත්වා ගෙන යාම සදහා හදිසි ප්‍රතිචාර යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ ආපදා පූර්ව සූදානම අත්‍යවශ්‍ය කරුණකි. එපමණක් නොව, ඩෙංගු උවදුර හේතුවෙන් විභාගයට පෙනී සිටින දරුවන්ට සිදුවිය හැකි බලපෑම වළක්වා ගැනීම සදහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම ද අත්‍යවශ්‍ය වේ. මෙම කරුනු පිළිබද අවධානය යොමු කරනමින් මෙවර සාමාන්‍ය පෙළ විභාග කාල සීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම සදහා විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ක්‍රියාත්මක කෙරිණි. මෙහි දී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව අනෙකුත් පාර්ශවකාර ආයතන එක්ව ආපදා හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට ඇතිවිය හැකි බාධා අවම කරගැනීම සදහා අවශ්‍ය මෙම ආපදා පෙරසුදානම් සැළස්ම සකස් කිරීමට පියවර ගන්නා ලදී.
ඉදිරියේ දී නිරිත දිග මෝසම් සක්‍රීයවීමත් සමග දිවයිනට බලපෑ හැකි ආපදා හානි අවම කර ගැනීම උදෙසා පූර්ව සූදානම් කටයුතු පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම හා සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහනක් ආපදා කළමනාකරණ මධ්‍යසථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාම මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි මස 11 වන දින දින ආපදා කළමනාකරණ අංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
මැයි මස අවසන් සතිය වන විට නිරිත දිග මෝසම් සක්‍රීය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු පුරෝකථනය කරයි. මෝසම් වර්ෂාව නිසා ඇතිවිය හැකි ආපදා හේතුවෙන් සිදුවිය හැකි හානිය අමව කර ගැනීම සදහා පාර්ශව කාර ආයතන වල පුර්ව සුදානම සොයා බැලීම සහ ඇතිවිය හැකි ආපදා අවදානම හැකිතාක් දුරට අවම කරලීම සදහා අවශ්‍යය කටයුතු සූදානම් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය.
මාර්ගයට ගල් පෙරලීමේ අවදානම හේතුවෙන් මහනුවර මහියංගනය මාර්ගය දහඅට වංගුවෙහි දෙවන වංගුව (උඩුදුම්බර) පුදේශයෙන් නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා ඇත.
මෙම මාර්ගය භාවිත කරන්නන් විකල්ප මාර්ග භාවිතා කිරීමටත් හදිසි ඇමතුම් අංත 117 ඇමතීමෙන් මේ පිලිබද විස්තර දැනගැනීමට කටයුතු කරන මෙන් ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
දිවයින පුරා වැසිබර කාලගුණික තත්වයක්, ගිනකොණදිග ගැඹූරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු සදහා රතු නිවේදන
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කළාපය අද දින (09) පීඩන අවපාතයක් දක්වාත් පසුව සුළි කුණාටුවක් දක්වාත් ක්‍රමයෙන් වර්ධනය වීමේ හැකියාව පවතින බවත් එබැවින් උතුරු අක්ෂාංශ 02 – 15 ත් සහ නැගෙනහිර දේශාංශ 85 – 100 ත් අතර මුහුදු ප්‍රදේශවල නාවික සහ බහුදින ධීවර කයුතු සදහා නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
පසුගිය වකවානුව තුළ තුර්කි සිරියානු දේශ සීමාව තුළ සිදු වු භූමිකම්පාව හා ඒ ආශ්‍රිතව සිදු වූ මිනිස් ජීවිත හා දේපළ විනාශය හේතුවෙන් භූමිකම්පා පිළිබඳව ගෝලීය වශයෙන් වැඩි අවධානයක් යොමු විය. එමෙන්ම පෙබරවාරි මාසය තුළ මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව අවස්ථා කීපයක දී ඇති වු සුලු භූචලන හේතුකොට ගෙන අප රට තුළ ද භූමිකම්පා පිළිබඳව වැඩි අවධානයක් යොමු වී ඇත. මෙම පසුබිම තුළ ගෝලීය මෙන්ම දේශීය විද්‍යාඥයින්, පර්යේෂකයින් මෙන්ම ජ්‍යෙතීර්වේදීන් ද භූමිකම්පා පිළිබදව විවිධ මත පළ කරන බව නිරීක්ෂණය වේ.
භූවිද්‍යාව පිළිබදව විශේෂඥ දැනුමක් සහිත තාක්ෂණ ආයතනය වන භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් මේ සම්බන්ධයෙන් සිදුකරනු ලැබු විමසුමේ දී ලොව ඕනෑම තැනක, ඕනෑම වෙලාවක කිසිදු පූර්ව සංඥාවක් නොමැතිව භූමිකම්පාවක් සිදුවි විය හැකි බවත් ඒ සදහා පුරෝකථන ඉදිරිපත් කිරීම අසීරු බවත් එබැවින් ජ්‍යෙතිශය වශයෙන් සිදු කරනු ලබන කරුනු දැක්වීම් සදහා කිසිදු විද්‍යාත්මක හෝ තාක්ෂණික පදනමක් නොමැති බවත් දන්වා ඇත.
News & Events
- ආපදා පුර්වසුදානම් ක්‍රියාමාර්ග ශක්තිමක් කිරීම සදහා වු අපේක්ෂාකාරී ක්‍රියාමාර්ග ප්‍රවේශය(anticipatory action) පිළිබද දැනුවත් කිරීමේ දෙදින වැඩමුලුව.
- ආපදා තොරතුරු සංනිවේදන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා මාධ්‍ය කාර්යභාරය පිළිබඳ එක්දින වැඩමුළුව
- ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම (2023-2028) යාවත්කාලීන කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩමුළුව
- ආපදා හා දේශගුණික තොරතුරු විශ්ලේෂණය සහ ප්‍රතිචාර සඳහා කාලානුරූපී තීරණ ගැනීම පිළිබඳව ධාරිතා වැඩි දියුණු කිරීම පිළිබඳව වැඩමුළුව
- Mainstreaming Disaster Risk Reduction into Development based on Basin Investment Plan- Kelani River Basin
அவசர தொடர்புகள்
117+94 112 670 002