
නව කොරෝනා වෛරස් අවධානමෙන් මිදීමට ආරක්ෂිත උපදෙස් පිළිපදිමු.
චීනයේ සිග්‍රයෙන් පැතිර යන නව කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් මේ වන විට පුද්ගලයින් 54 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බවත් විශාල සංඛ්‍යාවක් රෝගයට ගොදුරුවූ ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එසේම කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයින් සංඛ්‍යාව දැනට සඳහන් කර සිටින පිරිසට වඩා ඉහළ ගොස් ඇති බවට විද්‍යාඥයින් විශ්වාස කරන බවත් චීනයට අමතරව ඔස්ට්‍රේලියාව, ඇමෙරිකාව, ප්‍රංශය, සිංගප්පුරුව, හොංකොං, ජපානය, තායිලන්තය, දකුණු කොරියාව, නේපාලය, තායිලන්තය, තායිවානය වැනි රටවලින් වාර්තා වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඉන්දියාවේ කේරළය ඇතුළු ප්‍රාන්ත 04 කින් ද නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 11 දෙනෙක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව එරට මාධ්‍ය වාර්තා කර ඇත. එසේම මේ වන විට නව කොරෝනා වෛරසයට ගොදුරු වී ඇතැයි සැක කරන දෙදෙනෙකු කොළඹ අයිඩීඑච් රෝහලට ඇතුලත් කර පරීක්ෂණයකට භාජනය කර ඇත. මේ නිසා චීනයේ සීඝ්රයෙන් පැතිර යමින් පවතින මාරාන්තික නව කොරෝනා වෛරස පිළිබඳ මෙරට ජනතාව ද දැඩි අවධානයකින් පසු විය යුතු වේ.
විස්සයි විස්ස නව වර්ෂයේ වැඩ ආරම්භයආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 2020 වර්ෂයේ වැඩ ආරම්භ කිරීම ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය නිළධාරීන් සහභාගීත්වයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.
නව වසරේ වැඩ ආරම්භ කිරීමට ප්‍රථම ආපදා නිසා ජීවිත අහිමි වු ජනතාව රණ විරුවන් සිහිපත් කරිමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පල කළ අතර 2020 වර්ෂයේ වෙනුවෙන් රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දෙන ලදී.
මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්යක්ෂ ජෙනරාල් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්යක්ෂ ජෙනරාල් වශයෙන් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා අද දින (03) වැඩ භාරගන්නා ලදී. වසර 39 යුධ හමුදා සේවයේ රාජකාරි ඉටුකර ඇති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ශ්‍රී ලංකා යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකි. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය හදාරා ඇති ඒ මහතා යුධ හමුදා මාණ්ඩලික විද්‍යාලයේ උපාධිධාරියෙකු ද වේ. පාකිස්ථානු ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් යුධ අධ්‍යයන පිළිබදව ප්‍රථම උපාධියක් සහ පශ්චාද් උපාධියක් හිම්කරගෙන ඇති අතර චීනයේ ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් යුධ සහ දේශපාලන ක්රමෝපායන් පිළිබද උපාධිය ද හිම්කරගෙන ඇත.
වසර 39 ක සේවා කාලය තුළ යුධ ලේකම්, 53 වන සේනාංකාධිපති, ඉංජිනේරු බලකායේ අණදෙන නිළධාරි, කිලිනොච්චි, මුලතිව් සහ බස්නාහිර ආඥාපති, කොළඹ භාර ඒකාබද්ධ ආඥාපති, බෝම්බ නිශ්ක්‍රීය අංශයේ අණදෙන නිළධාරි ඇතුලු තනතුරු රාශියක් හොඹවා ඇති අතර රණවික්‍රම, රණශූර සහ දේශපුත්ර ඇතුලු සේවා ඇගැයීම් පදක්කම් රාශියක් ද හිමි කරගෙන ඇත.
ජාතික සුරක්ෂිත දින ආපදාවලින් මිය ගිය පිරිස සිහිපත් කෙරේ.
2019 වර්ෂයේ ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සර්ව ආගමික වතාවත් ඉටු කිරීම දිවයින පුරා සංවිධානය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී. ජාතික සුරක්ෂිතා දිනයට සමගාමීව සුනාමි ආපදාවෙන් සහ වෙනත් ආපදා වලින් මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට පිං පැමිණවීමේ සර්ව ආගමික වැඩසටහනක් අද දින (26) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පැවැත්විය. එසේම පෙ.ව. 9.25 සිට පෙ.ව.9.27 දක්වා නිශ්ශබ්දතාව රකිමින් සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීම සිදු කරන ලදී
ගාල්ල, තෙල්වත්ත, පැරෑලිය සුනාමි ස්මාරකය අබියස දී ජාතික සුරත්ෂිතා දින ප්‍රධාන වැඩසටහන පැවැත්වූ අතර සර්ව ආගමික වැඩසටහන්වලට මුල්තැන දෙමින් ව්‍යසන කළමනාකරණය කරගැනීම පිළිබදව මහජනතාව දැනුවත් කරමින් ඔවුන්ගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කරගැනීමේ වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් ක්රික කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන කටයුතු කරන ලදී.
2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරිම උදෙසා 2005 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිත දිනය ලෙස නම්කර ඇත. එදින කේන්ද්‍ර කරගනිමින් සෑම වර්ෂයකම දෙසැම්බර් 26 දින සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ව්‍යසන නිසා මියගිය ජනතාව සිහිපත් කරමින් පිං පැමිණවීම ප්‍රධාන තේමාව කරගනිමින් ජාතික සුරක්ෂිතා දිනය සැමරේ.
ආරක්ෂක අමාත්‍යාංශ ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම්, ආපදා කළමනාරකණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් පොලිස් නාවික ජීවිතාරක්ෂක සහ ආපදා කළමනාකරණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඇතුලු ආමත්‍යාංශය යටතේ ඇති ආයතන වල සේවය කරන නිළධාරීන් ආපදා කළමනාරකණ මධ්‍යස්ථාන පරිශ්‍රය තුළ පැවති ජාතික සුරක්ෂිත දිනය සර්ව ආගමික වැඩසටහන සදහා අවස්ථාට සහභාගී විය.
News & Events
- ප්‍රජා සෞඛ්‍ය කළමනාකරණය පිළිබඳ පාඨමාලාව හදාරණ වෛද්‍යවරුන් සඳහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ පුහුණු වැඩසටහන.
- සිද්ධි විධාන පද්ධති (Incident Command System)පිළිබද එක්දින වැඩමුළුව
- ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම - (2023-2030) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව
- “සුනාමි ආපදා පෙරහුරු වැඩසටහන” පිළිබදව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- “ගමට වැඩක්-රටට හෙටක්” ආපදා අවදානම් අවම කිරීමේ ව්‍යාපෘති තරඟාවලිය තිළිණ ප්රදානෝතසවය
அவசர தொடர்புகள்
117+94 112 670 002