ත්රිකුණාමලය නාවික හා සාගර විද්යාපීඨයෙහි මුලික සන්නිවේදන සුදුසුකම් පාඨමාලාව හදාරණ ශ්රී ලංකා නාවික හමුදා සෙබල කණ්ඩායමක් සදහා ආපදා කළමනාකරණ ක්රියාවලිය පිළිබද පුහුණු වැඩසටහනක් අද දින (04) ආපදා කළමනාකරණ රාජ්ය අමාත්යාංශයේ ශ්රවනාගාරයේ දී පැවැත්විණි.
ආපදා කළමනාකරණ ක්රියාවලිය, හදිසි අවස්ථා කළමනාකරණය සහ පුර්ව අනතුරු ඇගවීමේ ක්රමවේදය, ආපදා කළමනාකරණ ක්රියාවලිය තුළ භාවිතා කරනු ලබන සංනිවේදන පද්ධති හා ක්රමෝපායන් පිළිබදව මෙන්ම හදිසි මෙහෙයුම් සහ හදිසි ඇමතුම් මැදිරියේ ක්රියාකාරීත්වය පිළිබදව ප්රායෝගික දැනුම ලබාදීම මෙම පුහුණු වැඩමුළුට ඇතුලත් විය.
වසරක පුහුණුව අවසානයේ ගොවිජන සේවා, ප්රාදේශීය වාරි, වනජීවි, සුළු අපනයන භෝග ප්රවර්ධන ආදී ග්රාමීය අංශයට ඝෘජුව සම්බන්ධ ක්ෂේත්ර වල රාජකාරී ඉටු කිරීම සදහා ප්රාදේශීය ලේකම් කාර්යාල වෙත අනුයුක්ත කර ඇති රාජ්ය සේවයේ තනතුරු සදහා බදවා ගත් බදුල්ල දිස්ත්රික්කයේ නවක උපාධිධාරීන් ආපදා අවදානම් කළමනාකරණ ක්රියාවලිය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් බදුල්ල දිස්ත්රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් සංවිධානය කෙරිනි.
ආපදාවකට ගොදුරු වු ජනතාව මුදවාගැනීම සදහා වන හදිසි මෙහෙයුම් ක්රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සදහා දිස්ත්රික් මට්ටමින් හදිසි මෙහෙයුම් මැදිරි ස්ථාපිත කිරීමට ආපදා කළමනාකරණ මධ්යස්ථානය විසින් කටයුතු කරමින් පවතී. රත්නපුර දිස්ත්රික්කය වාර්ෂිකව ගංවරතුර හා නායයාම් යන ආපදාවලට ගොදුරු වන දිස්ත්රික්කයක් වන අතර නිරිත මෝසම් ක්රියාත්මකවීමත් සමග දැඩි ගංවතුර ආපදා අවදානම තත්වයක් නිර්මාණය වේ. දැඩි ආපදා අවදානමක් සහිත දිස්ත්රික්කයක් වශයෙන් රත්නපුර දිස්ත්රික්කයේ ආපදා අවදානම් කළමනාකරණ ක්රියාවලිය සම්බන්ධීකරණය සහ ක්රියාත්මක කිරීමේ සදහා දිස්ත්රික් හදිසි මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට ආපදා කළමනාකරණ මධ්යස්ථානය කටයුතු කර ඇත.
බදුල්ල දිස්ත්රික්කයේ ආපදා අවදානම් ප්රදේශවල ජීවත් වන ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සදහා කටයුුතු කරනු ලබන රාජ්ය නිළධාරීන් හට ප්රථමාධාර හා කඳවුරු කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ බදුල් දිස්ත්රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒ්කකය විසින් සංවිධානය කරන ලදී.
හදිසි ආපදාවක බලපෑමට ලක් වු ජීවිත බේරාගැනීම වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබදව දීප ව්යාප්ත මට්ටමින් මහ ජනතාව දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්යස්ථානය විසින් කටයුතු කරනු ලැබේ. ඒ අනුව ගිනි ආපදාවක දී සිදුවිය හැකි ජීවිත හා දේපල හානිය අවමකර ගැනීම සදහා විධිමත් ක්රමවේ ද අනුගමනය කිරීම පිළිබදව මහජනතාව, රාජ්ය නිළධාරින්, ආරක්ෂක අංශ දැනුවත් කිරීම අරමුණු කරගනිමින් ගිනි ආරක්ෂණය පිළිබද දැනුවත් කිරීමේ පෙරහුරු වැඩසටහන් මාලාවක් අම්පාර දිස්ත්රික්කයේ අක්කරේපත්තු සහ සමන්තුරේ නගර ආශ්රිතව පසුගිය දා සංවිධානය කරන ලදී.
News & Events
- 13 සිට ඉදිරි දින කිහිපය තුළවැසි වැඩිවේ – ආපදා කළමනාකරණ මධ්යස්ථානයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
- Official Handing Over of Vehicles to Strengthen Relief and Infrastructure Restoration Efforts During Disasters
- Workshop to Review the "Build Back Better" Guideline for Post-Disaster Recovery
- Multi-Agency Coalition Signs MoU to Operationalize SoP for Flood Anticipatory Action in the Downstream Gal Oya River Basin
- Inaugural meeting of the National Tsunami Ready Board (NTRB) marks a milestone in Sri Lanka’s coastal disaster resilience
அவசர தொடர்புகள்
117+94 112 670 002




