ඉදිරි පැය 24 තුළ ගිනිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. මෙම අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ උතුරු දෙසට ගමන් කරනු ඇති බවත් එම නිවේදනයේ සහන් වේ.
මෙම අඩුපීඩන කලාපය හේතුවෙන් ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දිවයිනේ දකුණු දිග මුහුදු ප්‍රදේශවල තද වැසි සමග විටින් විට හමන සුළග පැයට කිලෝමීටර් හැටක් හැත්තෑවක් දක්වා ඉහළ හැකි බැවින් ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ සහ දිවයිනේ දකුණු දිග මුහුදු ප්‍රදේශවල ධිවර සහ නාවුක කටයුතු වලින් වැළකී සිටින මෙන් කාලගුණවිද්‍යා පාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනයේ සදහන් වේ.
එසේම ඉහත පද්ධතියේ බලපෑම හේත්වෙන් ඉදිරි දින කීපය තුළ ද දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තත්වය තවදුරටත් පැවැතිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර ඇත. උතුරු, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, ත්‍රිකුණාමලය, නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවත් මාතලේ, පොලොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
සුනාමි ආපදාවක සුරක්ෂිතාව තවහුරු කර ගැනීම සම්බන්ධයෙන් ලෝක අවධානය යොමු කරවීම සදහා 2015 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ මහා මංඩල සැසිවාරයේ දී සුනාමි ආපදා පිළිබදව දැනුවත් කිරීම සදහා සෑම වර්ෂයකම නොවැම්බර් 05 දින “ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය” වශයෙන් නම් කර ඇත. එ් අනුව සෑම වර්ෂයකම නොවැම්බර් 05 වන දින ලෝක සුනාම් ආපදා දැනුවත් කිරීමේ දිනය සැමරිමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු බොහෝ රටවල් කටයුතු කරන අතර ආපදා අවදානම් අවමකිරීම සදහා වන ජාත්‍යන්තර සම්මුතිය වන සෙන්දායි රාමුව තුළ මුදුන් පමුනුවාගත යුතු ඉලක්ක අතරින් සත්වන ඉලක්කය වන “සංවර්ධනය වෙමින් පවතින රටවල ආපදා අවදානම සහ ආපදා පාඩු අවම කර ගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව”කෙරෙහි අවධානය යොමු කිරීම මෙවර “ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දින” තේමාව විය.
“උගනිමු, බෙදාදෙමු, ක්‍රියාකරමු” යන තේමාව මුල් කරගනිමින් ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට සමගාමීව 2021 නොවැම්බර් 05 දින සිට 08 දිනය දක්වා වැඩ සටහන් මලාවක් පැවැත්වීට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකාව සුනාමි අවදානම අවම කිරීම සඳහා පසුගිය දශක දෙක තුළ කටයුතු කර ඇති ආකාරය ලොවට පෙන්වීමට ඇවස්ථාවක් කර ගනිමින් “ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය” සැමරුම් ජාතික වැඩසටහන ජාත්‍යන්තර, ජාතික සහ ප්‍රාදේශීය මට්ටමේ සියළු පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් අද දින (09) ආපදා කනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
We are pleased to invite you to join the World Tsunami Awareness Day 2021 Commemoration (national event) which will feature the best practices of international cooperation in building resilience to tsunami, as explained by a renowned panel of local and overseas professionals and academics, who would be sharing their expertise and views during their presentations and the panel discussions.
Together against the wave!
Share the event details along with the below mentioned registration link with your colleagues and other relevant contacts/ networks.
https://us02web.zoom.us/webinar/register/WN_UV8nwqrlRACdPlVDUPLOFw
ආපදා කළමනාකරණ ක්‍රියාවලිය කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කරමින් මහජනතාවගේ ජීවිත හා දේපළ සුරක්ෂිත කිරීම සඳහා සන්නිවේදන කුසලතා ප්‍රමුඛතම කාර්යයභාර්යක් ඉටු කරනු ලබයි. ඒ අනුව රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ උපදෙස් මත ආපදා කළමනාකරණ අමාත්‍යංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සහ ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ ඉංග්‍රීසි භාෂාමය සන්නිවේදන කුසලතා වැඩිදියුණු කිරීම සඳහා පුහුණු පාඨමාලාවක් ලෝක ආහාර වැඩසටහනේ මූල්‍ය අනුග්‍රහය යටතේ British Council ආයතනයේ සම්පත් දායකත්වයෙන් 2021 ඔක්තෝම්බර් මස 25 වන දින සිට 2021 නොවැම්බර් 08 වන දින දක්වා පැවති අතර එහි සහතිකපත් ප්‍රධානෝත්සවය අද දින (08) රාජ්‍ය ආරකෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයයේ අතිරේක ලේකම් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විය.
2015 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ මහා මංඩල සැසිවාරයේ දී සුනාමි ආපදා පිළිබදව දැනුවත් කිරීම සදහාසෑම වර්ෂයකම නොවැම්බර් 05 දින “ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය” වශයෙන් නම් කරසුනාමි ආපදාවකසුරක්ෂිතාව තවහුරු කර ගැනීම සම්බන්ධයෙන් ලෝක අවධානය යොමු කරවයි.
ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දියට සමගාමීව 2021 නොවැම්බර් 05 දින සිට 08 දිනය දක්වා වැඩ සටහන් මලාවක් පැවැත්වීට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු සංවිධානය කර ඇත. ඒ අනුව ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය යෙදෙනු නොවැම්බර් 05 දින දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සුනාමි ආපදා අවදානමක් ඇති වෙරළබඩ දිස්ත්‍රික් 14 හි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක සහකාර අධ්‍යක්ෂවරුන්ගේ සහභාගීත්වයෙන් සුනාමි ආපදා අවදානම් අවමකිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමේ පවතින සුනාමි පෙරසුදානම් ක්‍රියාවලියේ ප්‍රගතිය සොයාබැලීම මාර්ග ගත (zoom) ක්‍රමවේදය ඔස්සේ සිදු කෙරිණි.
News & Events
- දිවයිනට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ආපදා තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම
- 2025 වර්ෂයේ වැඩ ආරම්භය
- සුනාමි ව්‍යසනයට විසි වසරක්, ජාතික සුරක්ෂිත දින සැමරුම දෙසැම්බර් 26
- ඊසාන දිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- සෙන්දායි රාමුගත සම්මුතියේ ඉලක්ක සපුරාගැනීම පිළිබද ප්‍රගති සමාලෝචන වැඩසටහන-
அவசர தொடர்புகள்
117+94 112 670 002