නියඟයෙන් පීඩාවිදින පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට පානීය ජල අවශ්‍යතා සැපීරීම සඳහා ඒ්කාබද්ධ වැඩසටහනක්
වාර්ෂිකව නියං ආපදා තත්ත්වයට ගොදුරුවන දිස්ත්‍රික්කයක් වන පුත්තලම දිස්ත්‍රික්කයේ උච්චමුනෙයි සහ කල්පිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පාසැල් දරුවන් හට සුරක්ෂිත පානීය ජල අවශ්‍යතා සපුරාදීම වෙනුවෙන් ජල පිරිපහදු පද්ධති ස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකා වර්ඩ් විෂන් ආයතනය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව නව වැඩසටහනක් ආරම්භ කර ඇත. මෙම වැඩසටහන වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා වු අවබෝධතා ගිවිසුමකට එළඹීමට පසුගිය දා කටයුතු කරන ලදී. ඒ් අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ධෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් මහතා සහ ශ්‍රී ලංකා වර්ඩ් විෂන් ආයතනයේ ජාතික අධ්‍යක්ෂ ආචාර්ය ධනන් සේනාධිරාජ් (Dr. Dhanan Senathiraj) මහතා විසින් පසුගිය ජූලි 01 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී.
පවතින ආපදා තත්ත්වය පිළිබඳව රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරීම
ආපදා තත්ත්වය පහව යෑමෙන් පසු ජන ජීවිතය යථාත්වයට පත් කර ගැනීම සදහා රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉටු කිරීමට අපේක්ෂිත සේවාවන් නිසි කළමනාකරණයෙන් යුතුව මහජනතාව වෙත සැපයීම වෙනුවෙන් වු සම්බන්ධීකරණ යාන්ක්‍රණය පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් මෙම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් මෙම රුස්වීම සංවිධානය කරන ලදී.
සක්‍රීය වී ඇති නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ අරාබි මුහුදු ප්‍රදේශයේ මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවත් මෙම කලාපය තුළ විටින් විට පැයට කිලෝමීටර 60 ක් 70 ත් අතර වේගයකින් සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද නිවේදනය අද දින (28) තවදුරටත් දීර්ග කර ඇත.
එබැවින් නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැලකී සීටින ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවට උපදෙස් නිකුත් කර ඇත. එසේම බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශවල සහ අරාබි මුහුදු කලාපය තුළ ද ධීවර සහ නාවුක කටයුතු වලින් වළකින ලෙසක් මේ විට එම කලාපයේ ධීවර සහ නාවුක කටයුතු වල නිරත වන පිරිස් ඇත්නම් හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන වෙත යාත්‍රා කරන මෙන් ද එම නිවේදනයේ තවදුරටත් උපදෙස් ලබා දී ඇත.
දිවයින වටා මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස ධීවර ප්‍රජාවට නිකුත් කරන ලද නිවේදනය ලිහිල් කොට කනකසන්තුරය සිට මන්නාරම කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර ප්‍රජාවට අනතරු අගවා ඇත.
සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ තවදුරටත් රළු හෝ ඉතා රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.මේ හේතුවෙන් කනකසන්තුරය සිට මන්නාරම කොළඹ සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර ප්‍රජාවට අනතරු අගවා ඇත. එසේම පවතින සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල ධීවර සහ නාවුක කටයුතු කරන ලබන පිරිස් දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස ද දැනුම් දී ඇත.
කල්පිටිය සිට කොළඹ හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල රළ මට්ටම මීටර් 2.5 දිට මීටර් 3.5 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බවත් මේ හේතුවෙන් රළ ගොඩබිමට පැමිණිය හැකි බවත් එම නිවේදනයේ සදහන් කර ඇත.
නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් උපදෙස්.
සක්‍රීය වී ඇති නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ අරාබි මුහුදු ප්‍රදේශයේ මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවත් මෙම කලාපය තුළ විටින් විට පැයට කිලෝමීටර 60 ක් 70 ත් අතර වේගයකින් සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
එබැවින් නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතු වපින් වැලකී සීටින ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවට උපදෙස් නිකුත් කර ඇත. එසේම බෙංගාබොක්ක මුහුදු ප්‍රදේශවල සහ අරාබි මුහුදු කලාපය තුළ ද ධීවර සහ නාවුක කටයුතු වලින් වළකින්නැයි ලෙසක් මේවන විට එම කලාපයේ දීවර සහ නාවුක කටයුතු වල නිරත වන පිරිස් ඇත්නම් හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන වෙත යාත්‍රා කරන මෙන් ද එම නිවේදනයේ තවදුරටත් උපදෙස් ලබා දී ඇත.
News & Events
- 2025 වර්ෂයේ වැඩ ආරම්භය
- සුනාමි ව්‍යසනයට විසි වසරක්, ජාතික සුරක්ෂිත දින සැමරුම දෙසැම්බර් 26
- ඊසාන දිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- සෙන්දායි රාමුගත සම්මුතියේ ඉලක්ක සපුරාගැනීම පිළිබද ප්‍රගති සමාලෝචන වැඩසටහන-
- නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය හේතුවෙන් වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත්
හදිසි ඇමතුම්
117+94 112 670 002