ශ්‍රී ලංකා යුධ හමුදාවෙහි කීර්තිමත් නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ (විශ්‍රාමික)එන්ඩීසී අයිජී මහතා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් අද දින (03/08) වැඩ භාර ගැනීම සිදු කරන ලදී.
ආගමික වතාවත් අනුව අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි වැඩ භාරගැනීමෙන් පසු මෙම අවස්ථාවට සහභාගී වු නිළධාරීන් අමතමින් ආපදා හේතුවෙන් මහජනතාවට සිදුවන පීඩාවන් අවම කිරීම වෙනුවෙන් ආපදා අවම කිරීම, පෙර සූදානම් කටයුතු සිදුකිරීම, මහජන දැනුවත් කිරීම්, අවදානමට ලක්ව ඇති ජනතාව වෙත පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීම, හදිසි අවස්ථා මෙහෙයුම් කටයුතු සහ අනිකුත් ප්‍රධාන ආයතන හා එක්ව සහන සහ පශ්චාත් ව්‍යසන කටයුතු සම්බන්ධීකරණය කිරීම තම වගකීම බව පෙන්වා දෙන ලදී. තවද, මෙම වගකීම් ඉටු කිරීම සඳහා මෙම තනතුරට තමා තෝරාගැනීම වෙනුවෙන් ජනාධිපතිතුමාටත්, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමාටත් ආරක්ෂක ලේකම්තුමාටත් සිය ස්තුතිය පිරිණමන ලදී.
ආයතනයේ සේවය කරනු ලබන සියලුම නිළධාරීන්ගේ දැනුම, අත්දැකීම් සහ දශක තුනක රාජකාරී කාලය තුළ විවිධ භූමිකා දරමින් තමා ලබාගත් දැනුම සහ අත්දැකීම් ද නව තනතුරේ වගකීම් ඉටු කිරීමට උපයෝගී කරගැනීමට තමා බලාපොරොත්තු වන බවත්, කණ්ඩායමක් වශයෙන් එකමුතුව සුහදත්වයෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම සහ අපගේ ප්‍රජාවන් ආරක්ෂා කිරීම සඳහා වෙහෙස නොබලා, බොහෝවිට තිරය පිටුපස සිටින සැමගේ කැපවීම, විශේෂඥභාවය සහ එහි නිලධාරීන්ගේ වෘත්තීයභාවය අනිවාර්යය සාධකයක් වන බව තරයේ විශ්වාස කරන බවත්, එම හැකියාවන් තවදුරටත් වර්ධනය කරගත යුතු බව අවධාරණය කරන ලදී.
දශක තුනකට අධික කාලයක් ශ්‍රී ලංකා හමුදාවේ කීර්තිමත් නිළධාරියෙකු වන මේජර් ජෙනරාල් කොටුවේගොඩ එන්ඩීසී අයිජී මහතා උපාය මාර්ගික නායකත්වය, අර්බුද කළමනාකරණය සහ ජාතික ආරක්ෂක විශේෂඥතාව යන ක්ෂේත්‍ර යටතේ සුවිශේෂ දැනුම් සම්බාරයක් හිමි නිළධාරියෙකු වන අතර, 1986 දී කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවයට බැඳී පුහුණුවෙන් පසු ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවට සම්බන්ධ වූ මේජර් ජෙනරාල් කොටුවේගොඩ එන්ඩීසී අයිජී මහතා වසර 36කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා යුධ හමුදාවෙහි වෘත්තීය ජීවිතය තුළ බලසේනාධිපති, අණදෙන නිලධාරි, සේනාංකාධිපති, ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක, ආරක්ෂක සේනා ආඥාපති, ශ්‍රී ලංකා හමුදාවේ ස්වේච්ඡා හමුදාවේ සේනාවිධායක සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කර ඇත.
කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ ජාතික ආරක්ෂක පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හිමිකරගෙන ඇති මේජර් ජෙනරාල් කොටුවේගොඩ එන්ඩීසී අයිජී මහතා ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, පකිස්ථානය, ජපානය, බංග්ලාදේශය, පිලිපීනය සහ චීනය ඇතුළු රටවල් කිහිපයක යුධ හමුදා සහ ආපදා ප්‍රතිචාර පිළිබඳව විදේශ පුහුණු ලබා ඇත.
Sri Lanka has taken a significant step forward in enhancing its disaster management capabilities by convening the first meeting of the National Anticipatory Action (AA) Working Group on March 4th, at the Water’s Edge Hotel. As the country’s AA initiatives continue to grow, there is a recognized need for effective coordination and technical guidance to successfully integrate anticipatory action into the national disaster management system, in line with the National Disaster Management Plan.
In response to this need, the Disaster Management Centre (DMC), the mandated agency for coordinating national disaster risk management efforts, has established the National Anticipatory Action Working Group. The group will play a pivotal role in streamlining anticipatory action efforts across the country.
Major General (Retd.) Udaya Herath, Director General of the DMC, stressed the importance of building a shared understanding of anticipatory action among all stakeholders, including government bodies, humanitarian organizations, and other key actors. He also emphasized the need for aligning AA initiatives with key international frameworks such as the Sendai Framework for Disaster Risk Reduction (SFDRR), the Sustainable Development Goals (SDG), and the Paris Agreement on Climate Change (COP21), the National Disaster Management Plan 2023-2030, and "Clean Sri Lanka" government policy initiatives.
පස් කණ්ඩි කඩාවැටීම හේතුවෙන් පසුගිය දින බදුල්ල සහ හාලිඇල අතර ඇති 179/60 සැතපුම් කණුව අසල දුම්රිය මාර්ගය අවහිර වු අතර මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සිට හාලිඇල දක්වා දුම්රිය ගමනා ගමනය අඩාල විය. මේ හේතුවෙන් උඩරට දුම්රිය භාවිතා කරනු ලබන දෙස් විදෙස් සංචාරකයින් හට මුහුණදීමට සිදුවිය හැකි බාධා මගහැරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා යුධහමුදාව සම්බන්ධීකරණය කරගනිමින් කඩිනමින් දුම්රිය මාර්ගය යථාවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කාර්යාලය ශ්‍රී ලංකා යුධහමුදා 2 බලඇණිය ශ්‍රී ලංකා රයිෆල් බලකායේ බටපිරිස්, දුම්රිය දෙපාර්තමේන්තු නිළධාරීන් එක්ව දුම්රිය මාර්ගය පිළිසකර කිරීමට කටයුතු කළ අතර මෙම සම්බන්ධීකරණ ක්‍රියාවලිය නිසා ඉතාමක් ඉක්මනින් ඉක්මනින් දුම්රිය ගමනාගමනය නැවත ආරම්භ හැකි විය.
පළමු අන්තර් මෝසම් කාලසීමාව වන මාර්තු සිට අප්‍රේල් දක්වා කාලසීමාට තුළ අපට අකුණු අනතුරු බහුලව වාර්තාවන කාලසීමාවක් වන බැවින් අප අකුණු අනතුරු අවම කරගැනීමට කටයුතු කළ යුතු වන අතර මේ දිනවල බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල මොනරාගල දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
එබැවින් ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පවතින වියලි කාලගුණික තත්වය හමුවේ පෙබරවාරි දින 25 දින වන විට දිස්ත්‍රික්ක 12 ක කැලෑගිණි ගැනීම් 49 ක් පමණ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරියට වාර්තා වී ඇත. දිස්ත්‍රික් වශයෙන් ගත් විට මහනුවර (11), බදුල්ල(9), මාතලේ(7), ගම්පහ(4), කෑගල්ල(4), රත්නපුර(4) සහ නුවරඑළිය(4) යන දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් ගිණිගැනීම් තත්ත්වයන් වාර්තාවී ඇත.
මෙම සිදුවීම් පරීක්ෂා කිරීමේ දී බොහෝ ගිණිගැනීම් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇති වූ ඒවා බව නිරීක්ෂණය වී ඇති අතර ගිනි ගැනීම් සඳහා බලපාන ලද හේතු සළකාබැලීමේ දී හේන් ගොවිතැන් සදහා බිම් සකස් කිරීම, සත්ව පාලනය සදහා තෘණ දලුලෑම සදහා වියලි තණ බිම් ගිණිතැබීම, සතුන් දඩයම් කිරීම සදහා තෘණ වියලි කැලෑබද ප්‍රදේශ ගිණිතැබීම, සංචාරකයින් විසින් සිදුකරනු ලබන ගිනී තැබීම්,මාර්ග දෙපස පවිත්‍ර කිරීම සදහා සිදු කරනු ලබන ගිණි තැබීම්, මිනිසුන් හිතාමතා සිදු කරනු ලබන ගිණි තැබීම් නිසා මෙම ගිනි ඇතිවී තිබෙන ගිණි ගැනීම් බව හදුනාගෙන තිබේ. නමුත් මෙම ගිනිතැබීම් සම්බන්ධයෙන් වගකිවයුතු පිරිස් හදුනාගැනීම අපහසු වී ඇත.
News & Events
- ආපදා කළමනාකරණ නිළධාරී ධාරිතා වර්ධන වැඩසටහන
- ආපදා කළමනාකරණ ජාතික සැලැස්ම - (2023-2030) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව
- පිලිපීන විදේශ අමාත්‍යාංශ අතිරේක ලේකම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කරයි.
- දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩීවීමක්
- කොරියානු තානාපති කාර්යාල නියෝජිත පිරිසක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කරයි.
හදිසි ඇමතුම්
117+94 112 670 002