SLIA Programme 1ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැලෙන ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීම සදහා ලෝක ආහාර සංවිධානයේ මුල්‍ය දායකත්වය යටතේ සිව් දින නේවාසික පුහුණු වැඩසටහන් මාලාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කර ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පුර්ණ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන අද දින (2021.11.30) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) දී ආරම්භ විය.

ආපදා කළමනාකරණ ක්‍රියාවලිය සදහා සෘජුව සම්බන්ධ වන රාජ්‍ය නිළධාරීන්ගේ ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම සහ කුසලතා වර්ධනය කිරීම මෙම පුහුණු වැඩසටහන තුළින් අපේක්ෂා කෙරේ.

Gampola Trainers Visit 2021-12-26 1ගම්පොල පිහිටි ශ්‍රී ලංකා යුධ හමුදා මුලික ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානයේ ආපදා ප්‍රතික්‍රියා මුලික පාඨමාලාව හදාරණ යුධ හමුදා භට පිරිස් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද පුහුණු වැඩසටහනකට 2021.11.26 දින සහභාගී විය.

 

ආපදා කළම නාකරණක්‍රියාවලිය, හදිසි මෙහෙයුම් මැදිරි ක්‍රියාකාරීතවය සහ පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදය පිළිබදව මෙන්ම හදිසි මෙහෙයුම් මැදිරියේ ක්‍රියාකාරීත්වය පිළිබදව ප්‍රායෝගික දැනුම ලබාදීම මෙම පුහුණු වැඩමුළුට ඇතුලත් විය.

 

මෙම අවස්ථාවට සහභාගී වු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා වර්තමානයේ රට මුහුණ දී ඇති දරුණුතම ත්‍රස්තවාදය ආපදා බවත් එය පරාජය කිරීම සදහා ආපදා පෙරසුදානම සහ ජනතාව දැනුවත් කිරීම ප්‍රමුඛ කාර්ය බවත් පෙන්වා දෙන ලදී. ඒ සදහා අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගනිමින් සිටින බව පැවසු අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ සෙවීම් සහ මුදවා ගැනීම් සිදුකිරීමේ දී ත්‍රිවිධ හමුදාව ඇතුලු ආරක්ෂක අංශ වෙත ඇති වගකීම නියමාකාරයෙන් වටහා ගැනීමේ වැදගත්කම පෙන්වා දෙන ලදී.

 

Airforce training 2021-11-2ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව පුහුණු මධ්‍යස්ථානයේ ‍ සෙවීම් සහ මුදවාගැනීම් පිළිබද පුහුණු පාඨමාලාව හදාරණු ලබන ගුවන් හමුදා නිළධාරීන් පිරිසක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී ආපදා කළමනාරකණ කටයුතු පිළිබදව පුහුණු වැඩසටහනකට 2011.11.25 දින සහභාගී විය.

 

tree Plant 01ආපදා කළමනකාරණ මධයස්ථානය ඉදිරිපිට විද්‍යාමාවතේ පිහිටා තිබු ගසක් පසුගිය දා පැවැති අයහපත් කාලගුණික තත්වය නිසා ඉදිරී යාම හේතුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

 

bad weather rainදිවයින ආසන්නයේ පැවති පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බවත් එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් කාලගුණ නිවේදනයක් නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද දින (23) නිවේදනය කරයි.

 

වායු ගෝලීය කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සදහන් වේ.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052